රග්බි ක්‍රීඩාවට නව ජීවයක් එක් කිරීම සඳහා Vantage සහ CR & FC අත්වැල් බැඳ ගනී.

[S]Vantage Partners with CR & FC to Power the Spirit of Rugby - Final (LBN)

2025 නොවැම්බර් 12, කොළඹ: ක්‍රීඩාව සහ විලාසිතාව අතර නව සම්බන්ධතාවයක් ගොඩනංවමින්, Ebony Holdings (Pvt) Ltd හි ප්‍රමුඛතම සන්නාමය වන Vantage, 2025/26 රග්බි තරග වාරය සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක් වෙමින් සිලෝන් රග්බි සහ පාපන්දු සමාජය (CR & FC) සමඟ අත්වැල් බැඳ ගනී. කොළඹ 07, CR & FC ක්‍රීඩාංගණයේදී පැවති නිල ජර්සි එළි දැක්වීමේ උත්සවයේ දී මෙම නව සහයෝගීතාවය තහවුරු කළ අතර, එය ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව තවදුරටත් ශක්තිමත් කිරීමේ නව පියවරක් ලෙස සැලකිය හැකිය.එමෙන්ම මෙම අවස්ථාවේ දී CR & FC සාමාජිකයින් සඳහාම විශේෂ වූ උසස්ම තත්ත්වයේ නිෂ්පාදනයකින් යුතු, උසස්ම තත්ත්වයේ සීමිත කමිස 250 ක් එළිදක්වන ලද අතරම, මෙමඟින් සන්නාමයේ කීර්තිය හා ශිල්පීය හැකියාව මෙයින් මනාව විදහා දැක්වේ. තවදුරටත් මෙම සහයෝගීතාවයෙන් ලැබෙන  ආදායම CR & FC සමාජයේ රග්බි සංවර්ධන ව්‍යාපෘති සඳහා යොමු කරන අතරම, මෙය සම්ප්‍රදායික වටිනාකම් සහ දෙපාර්ශවයේ සහයෝගීතාවය විදහා දක්වන හවුල්කාරිත්වයකි.

 



 

CR & FC හි ක්‍රීඩා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සිදුවූ මෙම සුවිශේෂි අවස්ථාවේ, නිල කණ්ඩායම් ජර්සිය හඳුන්වාදීම, අනුග්‍රාහකයන් ඇගයීම මෙන්ම විශේෂ දේශන කීපයක් ද පැවැත්වීය. මෙමඅවස්‍ථාව සඳහා CR & FC හි සභාපති ටිකිරි ඇල්ලෙපොළ මහතා, ශ්‍රී ලංකා රග්බි සංගමයේ නියෝජිතයින්, අනුග්‍රාහකයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගි වූහ.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් Ebony Holdings හි නියෝජ්‍ය අධ්‍යක්ෂ උමාර් රස්මි මහතා මෙසේ පැවසීය. “රග්බි යනු නිර්භීතකම, එකමුතුකම සහ අධිෂ්ඨානය මත ගොඩනැගුණු ක්‍රීඩාවකි. මෙම විශේෂිත කරුණු අපගේ වෙළඳ නාමය සමඟද බැඳී ඇති අතර, CR & FC සමඟ එක්වීම තුළින් අපි, රග්බි ක්‍රීඩාව බලගන්වමින්, ක්‍රීඩකයින්ට රටේ යහපත සඳහා ආඩම්බරයෙන් ක්‍රියා කිරීමට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන්නෙමු”

එමෙන්ම මෙම සහයෝගීතාවයට Asia Security Group, TVS Lanka (Pvt) Ltd, Sport Nutrition Hub (Pvt) Ltd, සහ Fintrex Finance PLC යන ආයතනයන් හි සම අනුග්‍රාහක දායකත්වයද ලැබී ඇති අතර, මේ සෑම ආයතනයක් ම ශ්‍රී ලාංකික රග්බි ක්‍රීඩාව ඉහළ නැංවීමේ ප්‍රධාන ඉලක්කයට දායක වෙති.

දශක දෙකකට පෙර ආරම්භ වූ Ebony Holdings, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රෙදිපිළි නිෂ්පාදකයෙකු සහ බෙදාහරින්නෙකු ලෙස කීර්තියක් දිනා ඇති අතර, වැන්ටේජ් සන්නාමය නූතන පිරිමි විලාසිතාවේ සංකේතයක් බවට පත්ව ඇති වෙළඳ නාමයකි.

මෙම සහයෝගීතාවය තුළින් Vantage වර්ණයන්ගෙන් සැරසුණු CR & FC ක්‍රීඩකයින් නව ජවයකින් යුතුව මෙම නව තරග වාරයේ දී  ක්‍රීඩාංගණයේ දී සිය දක්ෂතාව ප්‍රදර්ශනය කිරීමට සැරසී සිටී.

මෙම සහයෝගීතාවය දේශීය ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ Vantage හි කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස සැලකෙන අතර, රග්බි ක්‍රීඩාවේ ජාතික මට්ටමේ වර්ධනයට එය දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව