Kangaroo Cabs මගීන් සමග එක් වී පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නංවයි

IMAGE - 1 (LBN)

පසුගිය ඔක්තෝබර් මාසය හෙවත් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් Kangaroo Cabs විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබිණි. එම වැඩසටහන යටතේ මගී ආසනයේ ඉහළ කොටස විශේෂ QR කේතයකින් සමන්විත රෝස පැහැති රිබන් පටියකින් සරසා තිබිණි. එම කේතය හරහා Kangaroo Cabs නිල වෙබ් අඩවියට පිවිස පියයුරු පිළිකාවලට අදාළ වැදගත් කරුණු සහ පියයුරු පිළිකා කල් ඇතිව හඳුනා ගැනීමේ වැදගත්කම පිළිබඳ තොරතුරු දැන ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබිණි. මෙරට වඩාත් විශ්වාසනීය කුලී රථ සේවා සමාගමක් වන Kangaroo Cabs දෛනිකව පාරිභෝගිකයන් දහස් ගණනකට සේවා සපයයි. එම සමාගම ගුවන්තොටුපොළ ගමන්වල සිට විදෙස් සංචාරකයන් සඳහා වන පෞද්ගලික චාරිකා දක්වා සියලු ප්‍රවාහන සේවා සපයයි. මෙම සුවිශේෂ වැඩසටහන තුළින් දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් අතරද පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමට හැකියාව ලැබිණි.
 



 

මෙම වැඩසටහන බොහෝ සේ අගය කළ මගීන් ඒ පිළිබඳව රියැදුරන් සමග අදහස් හුවමාරු කර ගත් අතර ඔවුන්ගේ ප්‍රතිචාර පිළිබඳව රියැදුරෝ ප්‍රධාන කාර්යාලය දැනුවත් කළහ. ඒ තුළින් මෙම වැඩසටහනෙන් ඇති වූ ධනාත්මක බලපෑම පිළිබිඹු වේ. “එදිනෙදා කුලී රථ ගමනක් තුළින් ඉතා වැදගත් පණිවුඩයක් සමාජගත කිරීමට ලැබීම අපට විශාල ආඩම්බරයක්. රෝස පැහැති රිබන් පටියකින් සමාජයට ධනාත්මක බලපෑමක් කරන්නට අපට හැකි වුණා. කුඩා ක්‍රියාවකින් පවා අර්ථවත් යමක් කළ හැකි බව මේ තුළින් තහවුරු වෙනවා.” Kangaroo Cabs සමාගමේ ප්‍රකාශකයෙක් පැවැසීය. Kangaroo Cabs දෛනිකව ගනුදෙනු කරන දහස් ගණනක් මගීන් හරහා මෙම පණිවුඩය ඉතා හොඳින් සමාජගත කිරීමට ඔවුන්ට හැකි විය.  පිළිකාවෙන් ජීවිත බේරා ගැනීමට වඩාත්ම ප්‍රතිපලදායක ක්‍රියා මාර්ගය කල් ඇතිව පිළිකාව හඳුනා ගැනීම බව ජනගත කිරීමෙන් ඉතා යහපත් ප්‍රතිපල ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ප්‍රවාහන සේවා සැපැයීමට අමතරව සමාජ වගකීම අඩුවකින් තොරව ඉටු කිරීම Kangaroo Cabs සමාගමේ අපේක්ෂාවයි. ඉදිරියේදීත් ආරක්ෂාව සහ ප්‍රජා යහපත වෙනුවෙන් බොහෝ වැඩසටහන් දියත් කිරීමට ඔවුන් සැළැසුම් කර ඇත. මගීන්ගේ දායකත්වයද ලැබෙන ලෙස එම වැඩසටහන් සංවිධානය කිරීම සුවිශේෂ කරුණකි. www.kangaroocabs.com වෙතින් වැඩි දුර තොරතුරු ගත හැකිය.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව