Siemens සහ DIMO, හබරණ විදුලි උපපොළ තැනීමට දායකවෙයි 

Siemens සහ  DIMO PR Sinhala (LBN)

ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි උපපොළ වූ හබරණ ව්‍යාපෘතිය සඳහා එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස Siemens සමාගම සහ අනු-කොන්ත්‍රාත්කරු ලෙස DIMO සමාගම කටයුතු කර ඇත.

මෙම ව්‍යාපෘතිය, දශක 7කට අධික කාලයක් පුරා පැවැත්වෙන DIMO සහ Siemens අතර ඇති සහයෝගීතාවයේ ශක්තිය විදහා දක්වනු ලබනවා. මෙරට ජාතික විදුලි පද්ධතියේ යටිතල පහසුකම්වලින් සියයට 70කට අධික ප්‍රමාණයක් සංවර්ධනය කිරීමට මෙම හවුල්කාරිත්වය දායක වී තිබෙනවා.
 



 

හබරණ විදුලි උපපොළ ව්‍යාපෘතියේ, Siemens සමාගම ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස ක්‍රියා කරමින්,  ස්වයංක්‍රීයකරණය, SCADA, සහ ආරක්ෂණ පද්ධති ඇතුළු සියලුම ප්‍රධාන උපකරණවල ඉංජිනේරුකරණය, සැපයීම, ස්ථාපනය, පරීක්ෂා කිරීම කළමනාකරණය සිදුකර  ඇති අතර  DIMO සමාගම  අනු-කොන්ත්‍රාත්කරු ලෙස ක්‍රියා කරමින්, සිවිල් සැලසුම්කරණය, භූමි සංවර්ධනය, ඉදිකිරීම් සහ විදුලි ස්ථාපනය ඇතුළු සමස්ත සිවිල් හා විදුලි කටයුතු සම්පූර්ණ කර තිබෙනවා.

මෙම විදුලි උපපොළ ගොඩනැගීමේ මූලික අරමුණ වූයේ මෙරට නිපදවන පුනර්ජනනීය බලශක්තිය ජාතික පද්ධතියට යොමු කිරීමත් සහ විදුලි ඉල්ලුම සපුරාලීමත් සඳහාය. ජාතික පද්ධතියට ඉහළ ධාරිතාවයකින් විදුලිය ලබා දෙන ස්ථානයක් ලෙස, හබරණ විදුලි උපපොළ ජාතික පද්ධතියේ සමස්ත සම්ප්‍රේෂණ ධාරිතාව වැඩි දියුණු කිරීමටත්, තදබදය අඩු කිරීමටත් සමත් වෙනවා. ඒ වගේම  විදුලි ආවර්තන ස්ථායීභාවය ද ශක්තිමත් කරමින් උතුර, නැගෙනහිර සහ මධ්‍යම කලාප අතර අන්තර් සම්බන්ධතා වැඩිදියුණු කිරීමටත් මෙය  දායක වෙනවා.

DIMO සමාගමේ බලශක්ති අංශයේ සාමාන්‍යාධිකාරී ෂෙහාන් අමරතුංග ප්‍රකාශ කළේ, මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් වන බවත්, එය ජාතික පද්ධතියේ විශ්වසනීයත්වය ඉහළ නංවනවා පමණක් නොව, රටේ අනාගත කාර්මික හා බලශක්ති වර්ධනයට අඩිතාලම දමන බවත්ය.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව