Spa Ceylon, All About That Reef සහ Scope Cinemas එක්ව සාගර සංරක්ෂණය සඳහා ‘OCEAN with David Attenborough’ චිත්‍රපටය නොමිලේ මහජන ප්‍රදර්ශනය කරමින් පෙරමුණ ගනී.

Group Pic (LBN)

All About That Reef සහ Scope Cinemas සමඟ එක්ව ලෝක මට්ටමේ වාර්තා ගත චිත්‍රපටයක් ශ්‍රී ලංකාවට ගෙන එයි.

(කොළඹ, 2025 සැප්තැම්බර්) | ලොව විශාලතම Luxury Ayurveda ජාලය වන Spa Ceylon, All About That Reef සහ Scope Cinemas සමඟ සහයෝගයෙන්, අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමට ලක් වූ ‘OCEAN with David Attenborough’ වාර්තා චිත්‍රපටය ශ්‍රී ලංකාවේදී මහජන ප්‍රදර්ශනය කිරීමත් සමඟ සාගර සංරක්ෂණයේ පිළිබඳ අවධානය යොමු කිරීමට අවශ්‍ය භාවය ඉස්මතු කරදෙනවා.
 



 

නොමිලේ මහජන ප්‍රදර්ශනය 2025 සැප්තැම්බර් 30 වන දින Scope Cinemas, Havelock City Mall හීදී පස්වරු 1.30ට, පස්වරු 4.00ට, සහ රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිතව ඇත. අපේ සාගරවල සුන්දරත්වය සහ ඒවා විනාශ වෙන්නට තිබෙන අවදානම හඳුනාගෙන, පාරිසරික ක්‍රියාමාර්ග සඳහා එකතු වීමට මෙම ප්‍රදර්ශනය ජනතාවට, මාධ්‍යයට හා සංරක්ෂණ විශේෂඥයින්ට ආරාධනා කිරීම මෙහි අරමුණ වනවා.

මේ ගැන සිය අදහස් දැක්වූ Spa Ceylon හි සම-නිර්මාතෘ සහ සමූහ අධ්‍යක්ෂ ශලින් බාලසූරිය කියා සිටියේ “සාගර කියන්නේ බිලියන 3කට අධික ජනතාවගේ පරිසර පද්ධති සහ ජීවනෝපායවලට සහාය වන අතරම, පෘථිවියේ ජීවය පවත්වා ගෙන යන අත්‍යවශ්‍ය ස්වාභාවික සම්පතක්. නමුත් අද වන විට දේශගුණික විපර්යාස, දූෂණය සහ මානව ක්‍රියාකාරකම් නිසා දැඩි තර්ජනයකට මුහුණ දී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, සෑම වසරකම ප්ලාස්ටික් ටොන් මිලියන 20කට වඩා ජලයට ඇතුළු වන අතර, සාගර අපද්‍රව්‍යවලින් 85% ක්ම ප්ලාස්ටික් වනවා. වගකිවයුතු Global Brand එකක් විදියට ලෙස, Spa Ceylon අපි විශ්වාස කරන්නේ සමුද්‍ර සංරක්ෂණය දේශසීමා ඉක්මවා යන හවුල් වගකීමක් බවයි. මේ වැඩේ අනාගත පරම්පරාවට සාගර ආරක්ෂා කිරීම සඳහා සමුහ වශයෙන් කරන ක්‍රියාමාර්ග දිරිගැන්වීමේ කුඩා නමුත්, වැදගත් පියවරක්.” ලෙසයි.

ලොව පුරා ප්‍රචලිත ‘OCEAN with David Attenborough’ වාර්තා චිත්‍රපටය, සාගර පරිසර පද්ධතිවල විශ්මයජනක බවද, අද වන විට සාගර ජීවීන්ට ඇති හදිසි තර්ජන පිළිබඳවත් පෙන්වා දෙයි. සීමිත ප්‍රචාරණ සංබ්‍යාවක් සඳහා පමණක් යටතේ වන මෙය  අපේ රටේ ප‍්‍රදර්ශනය කිරීමෙන්, සමුද්‍ර සංරක්ෂණය පිළිබඳ දැනුවත්භාවය ගොඩනගා ක්‍රියාමාර්ග දිරිගැන්වීමට මෙවැනි වැඩසටහන් කොයිතරම් අවශ්‍ය දැයි යන්න අවධාරණය කරයි.

“ජාත්‍යන්තර මුහුදේ සමුද්‍ර ආරක්ෂිත ප්‍රදේශ (MPA) සඳහා පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා වන ගිවිසුමට ශ්‍රී ලංකාව අත්සන් කිරීම, අපේ සාගර සඳහා සාමූහික ක්‍රියාමාර්ග මඟින් ලබා ගත හැකි දේ පෙන්නුම් කරන සන්ධිස්ථානයක් විදියට සඳහන් කරන්න පුළුවන්. Screening Oceans අපට මතක් කරදෙන්නේ මුහුද ආරක්ෂා කිරීම, රැකබලා ගැනීම හෝ දැනුම බෙදා ගැනීම සඳහා ගන්නා සෑම උත්සාහයක්ම අපට වඩා විශාල දෙයකට එකතු වන බවයි මිනිසුන්ට මතක් කර දීමේ ක්‍රමයයි. සාගරය අප සියල්ලන්ම සම්බන්ධ කරනවා වගේම, අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා කියන්නේ, අපි ඉදිරි පරම්පරාවන් සඳහා පෘථිවියේ ජීවය ආරක්ෂා කිරීමට පරාර්ථකාමී කැපවීමක් කරන එකයි.” මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ All About That Reef හි නිර්මාතෘ අයින්ද්‍රි සඳහන් කළා.

“Scope Cinemas අපි දකින්නේ, කල් පවතින බලපෑමක් ඇති කිරීමේ මූලිකම දෙය විදියට සහයෝගීතාවයයි. Spa Ceylon සහ All About That Reef සමඟ එක්ව කටයුතු කිරීමෙන්, සිනමාවට විනෝදාස්වාදයෙන් ඔබ්බට යා හැකි බව අපි පෙන්වා දෙනවා. එයට ප්‍රජාවන් එක්සත් කිරීමට, වැදගත් සංවාද ඇති කිරීමට වගේම ධනාත්මක වෙනසක් ඇති කිරීමට හැකියි. මේ මුලපිරීම, සමාජයට යහපතක් කරන්නට Big Screen එකට බලය ඇති බව මතක් කරදීමක්.” ලෙස Scope Cinemas හි විධායක සභාපති නවීද් කාදර් මේ ගැන සිය අදහස් ප්‍රකාශ කළා.

Spa Ceylon, ජනතාව, ප්‍රජාව සහ පෘථිවිය සඳහා තිරසාර උත්සාහයන් මඟින් යහපැවැත්ම පිළිබඳ තම දැක්ම තවදුරටත් ශක්තිමත් කරන අතරම, සදාචාරාත්මක, සම්මානලාභී නිෂ්පාදනවල සිට ජෛව විවිධත්වය සහ සංරක්ෂණය සඳහා සහාය වීම දක්වා, ශ්‍රී ලංකාවේ ස්වභාවික උරුමය ආරක්ෂා කිරීමට සහ ගෝලීය වෙනස්කම්වලට අනුබල දීමට කැපවී සිටී.

Spa Ceylon පිළිබඳව: 2009 මැයි මස ශිවන්ත ඩයස් සහ ශලින් බාලසූරිය සහෝදරයන් දෙදෙනා එක්ව ආරම්භ කළ Spa Ceylon, Global Luxury Wellness අංශයේ නමගිය බලවේගයක් බවට පත්ව ඇති අතර ඉන් Luxury Ayurveda සන්නාමය ලොවට ගෙන යාමට සමත් වී තිබෙනවා. රටවල් 33ක් පුරා අලෙවිසැල් 140කට වැඩි පුළුල් අන්තර්ජාතික ව්‍යාපාරයකට හිමිකම් කියන Spa Ceylon, ලොව විශාලතම Luxury Ayurveda දාමය ලෙස ද හඳුන්වනවා. Spa Ceylon අපේ රටේ පුරාණ ආයුර්වේද දැනුම ග්‍රහණය කර ගනිමින් සම්බාහන චාරිත්‍ර මාලාවක් සහ ගත, සිත, මනස සන්සුන් කෙරෙන රාජකීයත්වය පිරි නිෂ්පාදන පෙළක් නිර්මාණය කරන අපේ රටෙන් ජාත්‍යන්තරයට ගිය සන්නාමයක් ලෙස නම් දරන අතර Spa Ceylon නිෂ්පාදන තිරසාර පැවැත්ම සඳහා අඛණ්ඩ කැපවීමකින් මෙන්ම ප්‍රජාවන්ගේ යහපැවැත්ම පිළිබඳව ද සැලකිලිමත් වන සන්නාමයක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධ වී තිබෙනවා. Spa Ceylon නිෂ්පාදන සත්ත්ව හිංසනයෙන් තොර, සදාචාරාත්මකව මූලාශ්‍ර කරගත් තිරසාර ව්‍යාපාරික භාවිත සඳහා එහි අඛණ්ඩ කැපවීම සහ ප්‍රජාවන්ගේ යහපැවැත්ම සඳහා සවිගන්වන්නට සැලකිලිමත් වන සන්නාමයක් ලෙස සඳහන් කරන්නට හැකිවනවා.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව