තායි සුමේධ Lanka Business Award 2025 සම්මාන දිනයි

A

තායි සුමේධ එන්ටප්‍රයිසස් පෞද්ගලික සමාගම Lanka Business Awards 2025 සම්මාන උළෙලේදී “වසරේ ව්‍යාපාරය – හඳුන්කූරු නිෂ්පාදන” (මහා පරිමාණ ඛාණ්ඩය) සම්මානය දිනා ගත්තේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ Business World International Organisation (BWIO) සංවිධානය කළ සම්මාන උළෙල Hilton Colombo Residencesහිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. දශක තුනහමාරකට අධික කාලයක් පුරා හඳුන්කූරු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන රැසක් දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපොළට නිකුත් කරන තායි සුමේධ සමාගම ප්‍රමිතියට මුල් තැන දෙයි.

සාම්ප්‍රදායික අමුද්‍රව්‍ය යොදා ගෙන නිෂ්පාදනය කරන එම හඳුන්කූරු අනෙකුත් නිෂ්පාදන සමග සැසඳීමේදී ඝණත්වයෙන් සහ දිගින් වැඩිය. වැඩි වෙලාවක් වටපිටාව සුවඳවත් කරන එම හඳුන්කූරුවල කිසිදු විස සහිත සංඝටකයක් අඩංගු නොවන බව 100%ක් විද්‍යාත්මකව සහතික කර ඇත. නිවස, ආගමික ස්ථාන, විවිධ උත්සව සඳහා යොදා ගන්නා තායි සුමේධ හඳුන්කූරු සඳහා අන්තර්ජාතික වශයෙන්ද ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමකි. ගුණාත්මකභාවය, පිරිසුදු දහනය, සාම්ප්‍රදායික නිෂ්පාදන පුරුදු වැනි හේතු ඒ සඳහා බලපා තිබේ. තායි සුමේධ සමාගම ප්‍රධාන පෙළේ සමාගම් රැසකට එම සමාගම්වල සන්නාම යටතේද නිෂ්පාදන සපයයි. සිය නිෂ්පාදන සඳහා ඇති වේගයෙන් වර්ධනය වන ඉල්ලුම සැළකිල්ලට ගනිමින් තායි සුමේධ සමාගම මෑතකදී “Nature’s Best” නමින් සුවඳකාරක තෙල් වර්ග කිහිපයක් වෙළෙඳපොළට නිකුත් කළේය. දිවයින පුරා පිහිටි සුපිරි වෙළෙඳසැල්වලින් ඒවා නුදුරේදී මිල දී ගත හැකිය. ඊට මිලිලීටර් 20ක ප්‍රමාණයක් සහිත, කුරුඳු, සඳුන්, රෝස, පිච්ච, කුංකුම, අරලිය වැනි සුවඳ වර්ග 15කින් යුතු තෙල් වර්ග අයත් වේ.

 

Home  Facebook

 
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව