
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුවඳ දුම් සහ අනෙකුත් සුවඳ ආශ්රිත නිෂ්පාදිත නිෂ්පාදනය කිරීමේ, බෙදාහැරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ සන්නාමයක් වන ‘Cycle Brands‘ ආයතනය ‘Scent & Sparkle 2025’ ආයතනික උත්සවය තුළින් නව නිෂ්පාදිතයන් 4ක් හඳුන්වා දුන් අතර, එහිදී නව පියවරක් ඉදිරියට තබමින් සිය පාරිභෝගිකයන්ට සියලුම ‘Cycle Brands‘නිෂ්පාදන මාර්ගගත ආකාරයෙන් මිලදී ගැනීමට හැකි අයුරින් www.suwanda.lk වෙබ් අඩවිය එළි දක්වනු ලැබීය.
‘Cycle Brands‘ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායමේ සහ විකුණුම් බළකායේ සහභාගීත්වයෙන් බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේ පැවැති එම උත්සවයේදී සිය විකුණුම් කණ්ඩායමට අලෙවිකරණ සහ විකුණුම් හැකියාවෙන් ඔබ්බට ගිය ඔවුන් තුළ ඇති ගායනය, වාදනය හා නර්තනය ඇතුළු සැඟවුණු දක්ෂතා විදහා දැක්වීමට කදිම වේදිකාවක් ද සපයා දෙනු ලැබීය. මෙම උත්සවය වඩාත් වර්ණවත් කරමින් ‘Cycle Brands‘ නව නිෂ්පාදිත එළිදැක්වීම එම නිෂ්පාදිත පෙළ පදනම් කරගත් නිර්මාණශීලී නාට්යානුසාරයකින් සිදුවූ අතර, එය එදින උත්සවයේ වඩාත් කැපී පෙනෙන අංගයක් බවට පත් විය.
එදිනෙදා වෙළෙඳපොළේ වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා මැනවින් හඳුනා ගනිමින් නවෝත්පාදනය තුළින් නිෂ්පාදන විවිධත්වයක් පාරිභෝගිකයන්ට තිළිණ කිරිමට ‘Cycle Brands‘ නිරන්තරයෙන්ම බැඳී සිටින ආයතනයක් බව නව නිෂ්පාදිත පෙළ හඳුන්වා දීම තුළින් තවදුරටත් තහවුරු කරනු ලැබීය.
පාරිභෝගිකයාගේ වෙනස්වන අවශ්‍යතා සඳහාම සරිලන ආකාරයෙන් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු නිෂ්පාදිතයන් සැමවිටම ලබාදිය යුතු බව ‘Cycle Brands‘ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අනුරාධ ඒකනායක මහතාගේ අදහස වූ අතර, එම අදහස පෙරදැරිව මෙම සුවිශේෂී නිෂ්පාදිතයන් වන Pushkarini හඳුන්කූරු, Her Majesty Body Mist, Stop O Power Bag සහ Stop O Power Brick හඳුන්වා දෙනු ලැබීය.
Pushkarini හඳුන්කූරු
පැයකට වැඩි කාලයක් පුරා දැල්වී තිබෙන ‘Zero carbon‘ කාබන් ශුන්‍ය සහතිකලත් හඳුන්කූරු වර්ගයක් වන Pushkarini හඳුන්කූරු ස්වභාවික අමුද්‍රව්‍යවලින් සමන්විත රහසිගත වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය කරයි. සෞම්‍ය සුවඳ නිසා මෙය ආගමික ස්ථාන තුළදී මෙන්ම නිවසේ භාවිතයට ද වඩාත් සුදුසු වන අතර, රුපියල් 150 කට මිල කර තිබේ.
Her Majesty Body Mist
මෙය සිරුරේ ඕනෑම ප්‍රදේශයකට සුවපහසුව ගැල්විය හැකි සුවඳ විලවුන් නිෂ්පාදිතයක් වන අතර රුපියල් 1,390කට මිල කර ඇත. පාරිභෝගිකයාගේ අභිරුචිය පරිදි Pink Blush, Floral Miss, Silk Musk සහ Summer Song වශයෙන් විවිධ සුවඳ වර්ග කිහිපකින් දැරිය හැකි මිලකට මෙම නිෂ්පාදිතය ලබාගත හැකිය.
Stop O Power Bag
නිවාස, වාහන සහ නාන කාමර සඳහා භාවිත කළ හැකි Air Freshener විශේෂයක් වන Stop O Power Bag ජාත්‍යන්තර සුවඳ විලවුන් නියාමන අධිකාරියේ (IFRA) සහතිකලත් නිෂ්පාදනයක් වන අතර, රුපියල් 320කට මිල කර තිබේ. Apple Cinnamon, Melon, Pink Petals,Tangerine, Amber Rose සහ Green Harmony වශයෙන් විවිධ සුවඳ වර්ග 6 කින් සමන්විත Stop O Power Bag අවම වශයෙන් දින 30ක කාලයක් සුවඳ රඳවා තබා ගනියි.
Stop O Power Brick
ජාත්‍යන්තර සුවඳ විලවුන් නියාමන අධිකාරියේ සහතිකලත් Air Freshener විශේෂයක් වන Stop O Power Brick නාන කාමර ඇතුළු සනීපාරක්ෂක ස්ථාන දින 30 කට වැඩි කාලසීමාවක් නැවුම්ව සහ ප්රසන්නශීලීව තබා ගැනීමට භාවිත කළ හැකි ක්‍රියාකාරී විසඳුමකි. රුපියල් 300කට මිල කර ඇති මෙම නිෂ්පාදිතය Lavender, Amber Rose, Soothing Sandal සහ Jasmine වශයෙන් විවිධ සුවඳ වර්ග කිහිපයකින් වෙළඳපොළට නිකුත් වෙයි.
‘Scent & Sparkle 2025’ උත්සවයේදී හඳුන්වා දෙනු ලැබූ නව නිෂ්පාදිතයන් ඇතුළුව ‘Cycle Brands’ ආයතනයේ සෑම නිෂ්පාදනයක්ම සිය පාරිභෝගිකයන්ට මාර්ගගත ක්‍රමයට මිලදී ගැනීමට හැකි අයුරින් www.suwanda.lk වෙබ් අඩවිය එම උත්සවය තුළදී ‘Cycle Brands’ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අනුරාධ ඒකනායක මහතා විසින් එළි දක්වනු ලැබීය.
‘Scent & Sparkle 2025’ උත්සවය නිමාවට පත් වූයේ ‘Cycle Brands’ ආයතනයේ ශ්‍රී ලාංකික ගමන් මඟෙහි සාර්ථකත්වය උදෙසා සුවිශේෂී කැප කිරීමක් සිදු කළ ආයතනික සාමාජිකයන් වෙනුවෙන් හෘදයාංගම උපහාර පුද කිරීමක් ද සමඟිනි.


