ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ සභාපති ඇතුළු කණ්ඩායමක් MEGAKEM පුහුණු මධ්‍යස්ථානයේ නිල චාරිකාවක

MEGAKEM (LBN)

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ සභාපති අබ්දුල් සත්තාර්, අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ, අතිරේක අධ්‍යක්ෂ (විභාග), සුජීව වික්‍රමසිංහ, අතිරේක අධ්‍යක්ෂ (පුහුණු) අසිත රත්නායක සහ පරීක්ෂක මලිත් සඳරුවන් අභිනවයෙන් විවෘත වූ MEGAKEM පුහුණු මධ්‍යස්ථානයේ නිල චාරිකාවක නිරත වූහ. එය වර්ධන සමාගම් සමූහයට අනුබද්ධිත ආයතනයකි. මෙම හමුවේදී වේගයෙන් වර්ධනය වන Waterproofing ක්ෂේත්‍රය පිළිබඳව සුවිශේෂ අවධානයක් යොමු කළ අතර මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයට අදාළ වෘත්තීය පුහුණු සහ කාර්මික ප්‍රමිති ඔසවා තැබීම සඳහා දෙපාර්ශ්වයම සතු කැපවීම ඒ තුළින් යළි තහවුරු විය. චාරිකාව අතර සත්තාර් මහතා සහ අනෙකුත් නිලධාරීන් ඉදි කිරීම් ක්ෂේත්‍රයට අදාළ වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු ප්‍රමිති වැඩි දියුණු කිරීම පිළිබඳව MEGAKEM සභාපති අශෝක සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කළමනාකාරිත්වය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ අනුමැතිය සහිත වැඩසටහන් සහ පුහුණු මධ්‍යස්ථානයක් හරහා සුදුසුකම් නොලත් Waterproofing තාක්ෂණ ශිල්පීන් සහතිකලත් තාක්ෂණ ශිල්පීන් බවට පත් කිරීම සහ ඒ සඳහා වන රාජ්‍ය-පෞද්ගලික සහයෝගිතාවක් ඇති කර ගැනීම පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු විය.
 



 

මෙම මුලපිරීම තුළින් ඉදි කිරීම් ක්ෂේත්‍රයේ වැදගත්ම කොටසක් වන Waterproofing ක්ෂේත්‍රය වෘත්තීමය වශයෙන් බල ගැන්වීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ. වෘත්තීය පුහුණුව සහ කාර්මික පුරුදු ඒකාබද්ධ කිරීම තුළින් ශ්‍රම බලකාය සතු ධාරිතාව ඉහළ නැංවීම, තාක්ෂණික ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, ආරක්ෂාව සහ කල් පැවැත්මට අදාළ ප්‍රමිති ද්ඔසවා තැබීම වැනි ධනාත්මක ප්‍රතිපල රැසක් ලැබෙනු ඇත. චාරිකාව අතර අදහස් දක්වමින් සිරිවර්ධන මහතා සඳහන් කළේ මෙරට ජාතික කුසලතා සංවර්ධන න්‍යාය පත්‍රය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව සහාය වීමට MEGAKEM සූදානම් බවයි. මෙම පුහුණු මධ්‍යස්ථානය ඉතා වැදගත් කර්මාන්ත ක්ෂේත්‍රයක් සඳහා අවශ්‍ය කුසලතා සංවර්ධනය සඳහා දියත් කළ  කාලීන සහ අත්‍යවශ්‍ය මුලපිරීමක් බව සත්තාර් මහතා පැවැසුවේය. මෙම චාරිකාව ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය සහ MEGAKEM අතර දීර්ඝ කාලීන හවුල්කාරිත්වයක් ඇති කිරීමට හේතු වනු ඇත. මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රය තුළ ගුණාත්මක තරගකාරිත්වයක් ඇති කිරීමට සහ තිරසාර වර්ධනයක් ළඟා කර ගැනීමට මෙවැනි වැඩසටහන් අත්‍යවශ්‍ය බව දෙපාර්ශ්වයේම නියෝජිතයෝ සඳහන් කළහ.

Home  Facebook

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + 11 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව