SDB බැංකුව 2025 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි.

Image SDB (LBN)

SDB බැංකුව මගින් 2025 වසරේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන (NBEA) උළෙලේදී බැංකු ක්ෂේත්‍රයේ කුසලතා සම්මානය දිනා ගත්තේය. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින්, කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී 20 වැනි වරටත් පැවැත්වූ මෙම උත්සවයේදී SDB බැංකුව මෙම ඇගයීමට ලක්විය.

මෙම සම්මානය මගින් SDB බැංකුවේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සහ සමාජ බලපෑම ඒකාබද්ධ කළ මූල්‍ය සේවාවන්හි විශිෂ්ටත්වය පිළිබිඹු කරයි. එය බැංකුවේ මූල්‍ය කාර්ය සාධනය මෙන්ම වගකීම් සහගත, ප්‍රජා-කේන්ද්‍රීය බැංකුකරණය හරහා ජාතික ප්‍රගතියට ලබාදුන් දායකත්වය ද ඉස්මතු කරයි.
 



 
NBEA සම්මාන උළෙල, පාලනය, තිරසාරභාවය, නවෝත්පාදනය සහ සමාජ වටිනාකම් උදෙසා විශිෂ්ටත්වය පෙන්වන ආයතන ඇගයීමට ලක් කරන ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය වේදිකාවකි. Ernst & Young ආයතනය විසින් මෙහෙයවන ලද මූල්‍ය හා තාක්ෂණික කමිටුවක් මඟින් සිදුකළ දැඩි ඇගයීමකින් පසු, මහාචාර්ය අජන්තා ධර්මසිරි සහ ලසන්ත සල්ගාදෝ යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් යුත් විනිශ්චය මණ්ඩලය විසින් SDB බැංකුව මෙම සම්මානය සඳහා නිර්දේශ විය.

SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා පැවසුවේ, “NBEA 2025 උළෙලේදී බැංකු ක්ෂේත්‍රයේ විශිෂ්ටතා සම්මානය දිනාගැනීම අපට ගෞරවයක් මෙන්ම, අපගේ මූලික අරමුණ වන බැංකුකරණය මඟින් සියලුම ගනුදෙනුකරුවන්ට මූල්‍ය, සමාජීය හා පාරිසරික වශයෙන් අර්ථවත් වටිනාකමක් ලබාදිය යුතු බව තහවුරු කිරීමකි. එසේම, මෙය බැංකු ක්ෂේත්‍රය තුළ අපගේ ආචාරධාර්මික හා තිරසාර ප්‍රවේශයට සාක්ෂියක් වන අතර, ව්‍යාපාරික නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් හා ජාත්‍යන්තර පාර්ශවකරුවන් අතර බැංකුවේ දැක්ම ඉහළ නංවනවා. එමෙන්ම, අපගේ වටිනා ගනුදෙනුකාරභවතුන්ගේ  දිගුකාලීන විශ්වාසය තවදුරත් තහවුරු කරනවා.”

SDB බැංකුව මෙම ජයග්‍රහණය තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ පරිවර්තනයට තවදුරටත් දායක වීමටත්, නවෝත්පාදනය තුළින් ඉදිරියට යාමට ශක්තිමත් මගක් පාදයි.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව