
ජනශක්ති සමූහයට (JXG) අනුබද්ධ සමාගමක් වූ ජනශක්ති ලයිෆ් විසින් අඛණ්ඩව තෙවන වසරටත් නිදහස් අදහස් චිත්‍ර තරගාවලිය පැවැත්වීම සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාවේ ළමා පරපුරේ නිර්මාණශීලීත්වය විදහා දැක්වීම උදෙසා ලැබෙන මෙම අවස්ථාව සඳහා 20,000කට අධික අයදුම්පත්‍ර ප්‍රමාණයක් ලැබී ඇති අතර මෙය ජනශක්ති ලයිෆ් හි වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරන්නකි.
වයස් කාණ්ඩ දෙකක් යටතේ එනම් වයස අවුරුදු 3ත් 5ත් අතර සහ වයස අවුරුදු 5ත් 10ත් අතර දරු දැරියන් සඳහා මෙම චිත්‍ර තරගාවලිය විවෘතව පවතී. මෙමගින් දරු දැරියන්හට ඔවුන්ගේ නිදහස් අදහස් ප්රකාශනය කිරීම මෙන්ම දැනුවත්භාවය සහ අධ්‍යාපනය ලබාදීම සඳහාද මේ තුළින් උනන්දු කරවයි. වර්තමානයේ ජනශක්ති ශාඛාවන් 33ක් ඔස්සේ දින 38ක් ඇතුළත පැවැත්වූ දැනුවත් කිරීමේ වැඩසටහන් හරහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 58,811ක් සහ පෙර පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 4,872ක් දැනුවත් කිරීම සිදු කර ඇත.
ජනශක්ති ලයිෆ් හි ශක්තිමත් ශාඛා ජාලයේ සහයෝගය තුළින් මෙම වැඩසටහන දිවයින පුරා පිහිටි පාසල් සහ පෙර පාසල් වෙත ගෙන යාමට හැකි වූ අතර සෑම කණ්ඩයකින්ම සම්භාවනීය විනිශ්චය මණ්ඩලයක් විසින් චිත්‍ර නිර්මාණයන් 100ක් තෝරා ගනු ලබයි. එමෙන්ම තෝරාගත් ජයග්‍රාහී චිත්‍ර නිර්මාණයන් 200ක් 2025 සැප්තැම්බර් මස පැවැත්වෙන ප්‍රදර්ශනයක් ඔස්සේ මහජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව හිමිකර දීමට ද ජනශක්ති ලයිෆ් සැලසුම් කර ඇත.
සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත නිදහස් අදහස් චිත්‍ර තරගාවලියට සමගාමිව ළමා චිත්‍ර ශිල්පීන්/ශිල්පිනියන් තවදුරටත් අභිප්‍රේරණය කිරීම උදෙසා සෞන්දර්යාත්මක කුසලතා සහ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ නිපුනතාවය යන අංශයන් කෙරෙහි අවධානය යොමු කරමින් කලාව තුළින් දක්ෂතාවයන් සහ ප්‍රජාවන් බලගැන්වීම සහ ශක්තිමත් කිරීමේ අරමුණ සහිතව ජනශක්ති ලයිෆ් විසින් එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අනුපූරක වැඩමුළුවක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත.


