බදුල්ල දිස්ත්‍රික් ප්‍රජා සවිබල ගැන්වීම උදෙසා ‘Know Your Neethi’ නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුර

Image (LBN)

ජනතාවට නීතිය වඩා හොඳින් අවබෝධ කරගැනීම සහ නීතියේ සහය ලබා ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම උදෙසා නිර්මාණය කරනු ලබන නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුර

කොළඹ, ශ්‍රී ලංකාව, 2025 ජූලි 24: යුරෝපා සංගමය විසින් අරමුදල් සපයන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ යුනිසෙෆ් (UNICEF) ශ්‍රී ලංකා එක්ව, අධිකරණ අමාත්‍යාංශයේද සහාය ඇතිව ක්‍රියාත්මක කරන යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE), ‘Know Your Neethi’ යන තේමාව යටතේ නීති ආධාර සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක පළමුවැන්න, බදුල්ල දිස්ත්‍රික්කයේදී දියත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.
 



 

2025 අගෝස්තු 1 සහ 2 යන දෙදින බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම වැඩසටහන මගින්, ප්‍රදේශවාසී සියලු දෙනාට නොමිලේ නීති උපදෙස් ලබා ගැනීමට, රජයේ ආයතන සමඟ සම්බන්ධ වීමට, නීතිය පිළිබඳව දැනුවත් කරන විවිධ ක්‍රියාකාරකම් සදහා සහභාගී වීමට මෙමඟින් අවස්ථාව උදාවනු ඇත.

නීතියේ සහය ලබා ගැනීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීම සහ නීතිමය දැනුවත්භාවය වර්ධනය කිරීම මෙම කඳවුරේ ප්‍රධාන  අරමුණයි. විශේෂයෙන් කාන්තාවන්, ආබාධ සහිත පුද්ගලයින්, සුළු ජනවාර්ගික කණ්ඩායම් සහ අවම පහසුකම් සහිත පුද්ගලයින් වෙනුවෙන් නීතිමය සේවා සැපයීම  අරමුණු කරගනිමින් මෙම වැඩසටහන නිර්මාණය කර ඇත. දේශීය භාෂාවන් භාවිත කරමින් පවත්වන මෙම වැඩසටහන නීතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ පුද්ගලයින් තම අයිතිවාසිකම් තේරුම් ගෙන ඒවා භාවිත කිරීමට සවිබල ගැන්වීම මූලික පරමාර්ථය වේ.

වැඩසටහන් විශේෂාංග:

  • පුද්ගලික නීති උපදෙස්
  • රාජ්‍ය ආයතන මගින් සපයන සේවාවන්
  • නීතිය පිළිබද දැනුවත් කිරීමේ ක්‍රීඩා වැඩසටහන් සහ නාට්‍ය සංදර්ශන
  • මානසික සෞඛ්‍ය සහය සේවා

Know Your Neethi’ වැඩසටහන් මාලාව, නීතියේ ආධිපත්‍යය සුරක්‍ෂිත කිරීම සහ සෑම පුද්ගලයෙකුටම යුක්තිය ලැබෙන සමාජයක් ගොඩනැඟීමේ අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන JURE ව්‍යාපෘතියේ තවත් එක් අදියරකි.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව