කල්මුණේ ජුබිලි සංවත්සර ප්‍රදර්ශනයේදී කොමර්ෂල් බැංකුව ඩිජිටල් සාක්ෂරතාවය ප්‍රවර්ධනය කරයි

Mini Digi Zone at Kalmunai school (LBN)

ශ්‍රී ලංකා මහ බැංකුව, කොමර්ෂල් බැංකුවේ නැගෙනහිර ප්‍රාදේශීය කාර්යාලය සහ කල්මුණේ ශාඛාවේ ආරාධනයෙන් කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකු අංශය කල්මුණේ කාර්මල් ෆටිමා විද්‍යාලයේ 125 වන ජුබිලි සංවත්සර අධ්‍යාපනික ප්‍රදර්ශනයට සහභාගී විය. කලාපය තුළ ඩිජිටල් දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීමට බැංකුව මෙය අවස්ථාවක් කර ගත්තේය.

පාසල් 80කට අධික සංඛ්‍යාවකින් ලියාපදිංචි වූ සහභාගිවන්නන් 21,000කට අධික පිරිසක් සඳහා  කොමර්ෂල් බැංකුවේ අති නවීන ඩිජිටල් බැංකුකරණ විසඳුම් ප්‍රදර්ශනය කිරීමට මෙය වැදගත් අවස්ථාවක් විය. මෙහිදී පිහිටුවන ලද කොමර්ෂල් බැංකුවේ Mini Digi Zone ඔස්සේ ‘කොම්බෑන්ක් ඩිජිටල්’ සහ බැංකුවේ ‘ඩොට්කොම් ඉතිරිකිරීමේ ගිණුම’ පිළිබඳ අන්තර්ක්‍රියාකාරී නිරූපණ ඉදිරිපත් කරන ලදී. එමඟින් සිසුන්, ගුරුවරුන් සහ ප්‍රජාව වෙත ඩිජිටල් බැංකුකරණයේ බලය සහ පහසුව පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ද ලබා දෙන ලදී.

 



 

ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වූ පරම්පරාවක් ඇති කිරීමේ බැංකුවේ පුළුල් දැක්මට සහාය වෙමින් ඩිජිටල් සාක්ෂරතාවය, සයිබර් ආරක්ෂාව සහ නවීන මූල්‍ය භාවිතයන් පිළිබඳ බැංකුවේ නියෝජිතයින් විසින් දැනුවත් කිරීමේ සැසි පවත්වනු ලැබීය. ඩිජිටල් මූල්‍යකරණය පිළිබඳ වැරදි අදහස් ඉවත් කරමින් නිවැරදි අවබෝධයක් ලබාදීම, ආරක්ෂිත භාවිතයන් දිරිමත් කිරීම, ආරක්ෂිත හා ප්‍රවේශ විය හැකි බැංකු විසඳුම් කෙරෙහි ගනුදෙනුකරුවන්ගේ දිගුකාලීන විශ්වාසය ගොඩනැගීම මෙම මුලපිරීමේ අරමුණ බව බැංකුව පැවසුවේය.

මෙම ක්‍රියාවලිය මගින් බුද්ධිමත්, සුරක්ෂිත මූල්‍ය අනාගතයක් සඳහා ප්‍රජාවන්, මෙවලම් සහ දැනුමෙන් සන්නද්ධ කිරීම මගින් දිවයින පුරා ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සඳහා වන කොමර්ෂල් බැංකුවේ අඛණ්ඩ මෙහෙවර පිළිබිඹු කරයි.

ප්‍රදර්ශනයේදී කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් නිෂ්පාදන නිරූපණය කරන ආකාරය සේයාරුවෙන් දැක්වේ.

Home  Facebook

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + eleven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව