
පාරිභෝගික අවශ්‍යතා සහ ඉල්ලුම යනු දිනෙන් දින වෙනස්වන අලුත්වන දෙයකි. මීට වසර කිහිපයකට උඩදී තමන් ලබාගන්නා ආහාරවල ගුණ අගුණ ගැන විමසිලිමත් වන්නට පටන්ගත් මෙරට පාරිභෝගික ජනතාව අද වනවිට ආහාරවේල මේසයට පැමිණෙන තෙක් වූ සමස්ත සැපයුම් දාමය ගැනම අවධානය දක්වන්නට තරම් විචක්ෂණශීලී වී තිබේ. එවන් පසුබිමක නිව් ඇන්තනීස් සමූහය, සිය ‘හරිතහරි‘ කුකුළු මස් සන්නාමය පෙරටු කරගනිමින්, සාම්ප්‍රදායික මාංශ ආහාර නිෂ්පාදකයෙකුගේ භූමිකාවේ සිට, පිරිසිදු සහ වගකීම් සහගත පාරිභෝගික සැපයුමක් වෙනුවෙන් පෙනී සිටින තිරසර ආහාර නිෂ්පාදකයෙකු ලෙස පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින් සිටී.
දශක ගණනාවක් මුළුල්ලේ කුකුළුමස් යනු ශ්‍රී ලංකාවේ ආහාරවේලට එක්ව ඇති ප්‍රධාන ආහාරයක් යැයි කීම වැරදි නැත. නමුත් මේ වනවිට සෞඛ්‍යමත්බව, දේශගුණික විපර්යාස සහ ආචාරධාර්මික සැපයුම් දාම පිළිබඳ පාරිභෝගික අවධානය වැඩිවීමත් සමඟ හුදෙක් සාමාන්‍ය කුකුළු මස් පරිභෝජනයෙන් ඔබ්බට ගොස් වැඩි වගකීම් සහගතබවකින් නිෂ්පාදනය කෙරෙන විශ්වාසනීය කුකුළු මස් නිෂ්පාදන පරිභෝජනයට ජනතාව යොමුව තිබේ. නිව් ඇන්තනීස් සමූහයේ ‘හරිතහරි‘ කුකුළුමස් යනු එම පාරිභෝගික හඬට සවන්දීමකි.
ආචාර ධාර්මික සහ සෞඛ්‍ය සම්පන්න මාංශ නිෂ්පාදනයට නව නිර්ණායක හඳුන්වාදෙමින් ප්‍රතිජීවකවලින් තොර මාංශ ආහාර නිෂ්පාදනයේ මෙරට පුරෝගාමියෙකු ලෙස නිව් ඇන්තනීස් සමාගම හඳුන්වාදිය හැක. ඒ අනුව ‘හරිතහරි‘ කුකුළු මස් නිෂ්පාදන යනු ප්‍රතිජීවක හෝ හෝමෝන භාවිතයෙන් තොරව, වඩාත් පිරිසිදුව නිෂ්පාදනය කෙරෙන විශ්වාසනීය නිෂ්පාදනයක් ලෙස ශ්‍රී ලාංකික පවුල් මහත් ආදරයෙන් වැළඳගෙන සිටී.
නිව් ඇන්තනීස් සමූහයේ මෙම පරිවර්තනීය වෙනස පසුපස ඇති ප්‍රධාන සාධකය විද්‍යාත්මක නවෝත්පාදනය යි. සමූහය විසින් අඛණ්ඩව විද්‍යාත්මක පර්යේෂණ වෙනුවෙන් ආයෝජනය කරන අතර, පෝෂණවේදීන්ගේ, පශු වෛද්‍යවරුන්ගේ සහ වෙනත් ශාස්ත්‍රීය උගතුන්ගේ අදහස්, යෝජනා ලබාගනිමින් සිය සැපයුම් දාමයේ වටිනාකම් වැඩිකිරීමට ද ඉහළ අවධානයක් යොමුකරයි. ඒ හරහා විද්‍යාත්මක පදනමක් ඔස්සේ ගොවිපළ සත්ත්වයින්ගේ සෞඛ්‍ය වැඩිදියුණු කිරීමටත්, ආහාර සුරක්ෂිතතාව වැඩිකිරීමටත්, පාරිසරික බලපෑම අවමකිරීමටත් හැකිවී ඇත.
මේ අතර සමස්ත මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තය තුළම උසස් ප්රමිතීන් පවත්වාගෙන යාම වෙනුවෙන් සැළකිය යුතු හඬක් නැඟීමට ද නිව් ඇන්තනීස් සමූහය කටයුතු කරමින් සිටී. එහිදී විශේෂයෙන්ම විශ්ව විද්‍යාල, ආහාර නිෂ්පාදනයට අදාළ සංගම්, තිරසර පාර්ශ්වකරුවන් සමඟ එක්ව වඩාත් පිවිතුරු ආහාර පරිභෝජනයක් සහ ආචාර ධාර්මික ගොවිපොළ කළමනාකරණයක් පිළිබඳ ජාතික කතිකාවක් ගොඩනඟමින් සිටී.
මේ නයින් බලන විට, නිව් ඇන්තනීස් සමූහය සතු පසුබිම් කතාව ‘හරිතහරි‘ නිෂ්පාදනයකට වඩා බොහෝ දුරට ගමන්කරයි. ආහාරවල අනාගතය රඳාපවතින්නේ තිරසාරභාවය මත බව කල්තබා හඳුනාගත් නිව් ඇන්තනීස්, ගෝලීය පාරිසරික ප්‍රමිතීන්ට අනුකූලව එහි මෙහෙයුම් නැවත සකස් කිරීමට නිර්භීතව පියවර ගත්තේය. ශ්‍රී ලංකාවේ කුකුළු කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක්වන හරිතාගාර වායු සහතිකය ලබා ගත් අතර FSSC 22000 ආහාර සුරක්ෂිතතා සහතිකය ද ලබා ගනිමින්, තිරසාරභාවය, සැපයුම් දාමයේ වගවීම සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව සමාගම දැඩි අවධානයක් දක්වන බව දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළට ද සංඥා කර තිබේ.
ආහාර යනු වර්තමාන සමාජයේ නිෂ්පාදනයක් පමණක් නොවන බව නිව් ඇන්තනීස් වටහාගෙන ඇති බව ඉන් ගම්‍ය වේ. වර්තමානයේදී ආහාර යනු වේදිකාවකි. විශ්වාසය ගොඩනැගීමට අවකාශ උදාකරන වේදිකාවකි. වටිනාකම් ප්‍රදර්ශනය කිරීමට ලැබෙන වේදිකාවකි. සවිඥානික පාරිභෝගිකයාගේ වෙනස්වන මනස සමඟ සම්බන්ධ වීමට වේදිකාවකි.
අනූව දශකයේ සහ 2000 දශකයේ උපන් පරම්පරා විසින් ආහාර ආර්ථිකයේ අනාගතය හැඩගස්වන බව නිව් ඇන්තනීස් සමූහය කල්තබා අවබෝධ කරගෙන සිටියේය. මෙම පාරිභෝගිකයින්ට අවශ්‍ය වන්නේ වෙළඳ නාමයක් නොව; ඔවුන්ගේ වටිනාකම් පිළිබිඹු කරන සන්නාමයකි. ඒ අනුව යමින් කුකුළන් ඇති කරන ආකාරය සහ ඔවුන්ට ලබා දෙන පෝෂණය, නිෂ්පාදන ඇසුරුම් කරන ආකාරය සහ එහි වෙළඳ නාමය සන්නිවේදනය දක්වා සියල්ල පිළිබඳ නැවත සිතාබැලීමට නිව් ඇන්තනීස් සමාගම ක්‍රියාකළේය.
එහිදී වඩාත්ම කැපීපෙනෙන හා බලපෑම් සහිත වෙනසක් වූයේ ඇසුරුම්කරණයයි. නිව් ඇන්තනීස් සමූහය කොම්පෝස්ට් කළ හැකි ඇසුරුමක් හඳුන්වාදුන් අතර එමගින් ප්ලාස්ටික් භාවිතය විශාල ලෙස අඩු කරමින් පාරිසරික භාරකාරත්වය සඳහා සමූහය සතු කැපවීම පෙන්නුම් කිරීමට සමත්විය. විශේෂයෙන්ම එක් වරක් පමණක් භාවිතකරන ප්ලාස්ටික් සමස්ත දකුණු ආසියාවට දරුණු ගැටලුවක් වී පවතින වකවානුවක, මෙය හුදෙක් ව්‍යාපාරික තීරණයකට එහා ගිය නායකත්වයක් පිළිබිඹු කරයි. තව ද නිව් ඇන්තනීස්, තිරසාර ලෙස සහතික කළ එක්සත් ජනපද සෝයා, කුකුළු ආහාර ලෙස භාවිතා කරන අතර, මුළු සැපයුම් දාමය පුරාම ආචාර ධාර්මික සැපයුමක් සහතික කරයි. ඒ හරහා වඩා හොඳ සත්ත්ව සෞඛ්‍යයක් පවත්වාගෙන යාමටත් අවසානයේදී පෝෂණීය මාංශ ආහාර නිෂ්පාදනය කිරීමටත් හැකියාව ලැබේ.
මෙම සියලු පියවරවල හරය වන්නේ තවත් එක් නිෂ්පාදනයක් වෙනුවට පරිපූර්ණ ජීවන රටා සන්නාමයක් නිර්මාණය කිරීමේ වුවමනාවයි. නිව් ඇන්තනීස්, සුවතාවට මුල් තැනක් ලබාදමින් සිටින අතර, කාර්මික නිෂ්පාදකයෙකු ලෙස නොව පිරිසිදු, නවීන සහ වගකිවයුතු ආහාර සන්නාමයක් ලෙස Healthy Living Expo වැනි ප්‍රදර්ශනවලට පවා සහභාගී වේ. මෙම උපායමාර්ගික ස්ථානගත කිරීම සමඟින් ශාකවලින් සාදන කිරි, කාබනික එළවළු සහ සතිමත්භාවය පිළිබඳ ඇප් මෘදුකාංග ආදියට පවා නෑකම් කීමට නිව් ඇන්තනීස් සමූහයට අවස්ථාව උදාකරදී තිබේ.
නිව් ඇන්තනීස් සමූහය මේ වනවිට මෙරට වෙළෙඳපොළින් ඔබ්බට යමින් ගෝලීය වෙළෙඳපොළ ද ජයගනිමින් සිටී. පසුගියදා පැවැති ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී, නිව් ඇන්තනීස් සමාගම සැකසූ ආහාර කාණ්ඩයේ හොඳම අපනයනකරු ලෙස පිළිගැනීමට ලක්වීම ඊට කදිම නිදසුනකි. එමෙන්ම ගෝලීය වෙළෙඳපොළට උසස් හා ආචාර ධාර්මිකව නිෂ්පාදනය කරන ලද ප්‍රෝටීන් ලබා දිය හැකි සන්නාමයක් ලෙස සමාගමේ තත්ත්වය තහවුරු කිරීමකි. එහෙත් නිව් ඇන්තනීස් සමූහය අපනයනය කරන්නේ කුකුළු මස් පමණක් නොව, සමස්ත දර්ශනයකි. ශ්‍රී ලංකාව තේ සහ සංචාරක ව්‍යාපාරය සඳහා පමණක් නොව, පිරිසිදු, උසස් තත්ත්වයේ, වගකීම් සහගත ආහාර නිෂ්පාදනය සඳහා ප්‍රසිද්ධ විය හැකි බවට වූ විශ්වාසය පදනම් කරගත් දර්ශනයකි.
මේ සියල්ල අතර වඩාත් වැදගත් කරුණ වන්නේ දැරිය හැකි මිලකට තම නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වාදීමට නිව් ඇන්තනීස් සමූහය ගෙන ඇති තීරණයයි. පෝෂණීය ආහාර ලබාගැනීමේ දැඩි අවශ්‍යතාවකින් පසුවන දේශීය ජනතාවට එය සේවයකි. වගකීම් සහගත ආහාර නිෂ්පාදන යනු සුවිශේෂී පාරිභෝගික කාණ්ඩයක් ඉලක්ක කරගත් සුඛෝපභෝගී භාණ්ඩයක් විය යුතු නැති බවත්, එය සියලු දෙනා වෙත ලබාදෙන විසඳුමක් විය හැකි බවත් නිව් ඇන්තනීස් ඒ හරහා සාධනය කරයි.
නොයෙක් පැතිකඩ ඔස්සේ බලනවිට, නිව් ඇන්තනීස් සමූහයත්, එහි ‘හරිතහරි‘ නිෂ්පාදන සහ සංකල්පයත්, පවතින තත්ත්වයට නිහඬව අභියෝග කරයි. වෙනස් වීමට මන්දගාමීබවක් පෙන්වන කර්මාන්ත ක්ෂේත්රයක් තුළ, වේගයෙන් ඉදිරියට ගොස්, විනිවිදභාවය වැළඳගෙන, දිගුකාලීන බලපෑම වෙනුවෙන් ආයෝජනය කිරීමට නිව් ඇන්තනීස් කටයුතු කර ඇත. ව්‍යාපාර වඩා හොඳින් කිරීමට මෙන්ම, සෞඛ්යාරක්ෂිත මෙන්ම පරිසරයට ද හිතකර ආහාර නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව නිව් ඇන්තනීස් සමූහය පෙන්නුම් කර තිබේ.
ඉතින්, ඊළඟ වතාවේ ඔබ සුපිරි වෙළඳසැලේදී පිළිවෙලට ඇසුරුම් කරන ලද නිව් ඇන්තනීස් කුකුළු මස් නිෂ්පාදන අසලින් යන විට, ‘හරිතහරි‘ යනු හුදෙක් ප්‍රතිජීවකවලින් තොර, කොම්පෝස්ට් කළ හැකි ඇසුරුමකින් ඔතන ලද කුකුළු මස් නිෂ්පාදනයක් නොව, වඩාත් හොඳ ජීවන ක්‍රමයක් තෝරාගැනීමක් බව ඔබේ සිහියට නැගෙනු නිසැක ය. මන්ද යත් නිව් ඇන්තනීස් සමූහයේ අරමුණ, කුකුළු මස් නිෂ්පාදනය පමණක් නොවේ, ආහාරවල අනාගතයට මඟපෙන්වීම යි.