Havelock City Mall – වර්ණ 2025 නව මුහුණුවරක කලා ප්‍රදර්ශනයක් මේ සති අන්තයේදී!

Capture

වර්ණ 2025 කලා ප්‍රදර්ශනය මැයි මස 24 වන සෙනසුරාදා සහ 25 වන ඉරිදා, පෙ.ව. 10.00 සිට ප.ව. 9.00 දක්වා හැව්ලොක් සිටි සුපිරි සාප්පු සංකීර්ණයේ බිම් මහලේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට තිබේ. කලා ප්‍රදර්ශනය වෙත ඇතුළු වීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර, මෙය දිවයින පුරා සිටින කලාකාමීන් හා රසිකයින් හට උසස් ගණයේ කලා නිර්මාණ රස විඳීමට මහඟු අවස්ථාවක් වනු ඇත.



වර්ණ 2025 ප්‍රදර්ශනය තුළ කලාකරුවන් 80 ක් පමණ සංඛ්‍යාවක්, නවීන කාලානුරූප සහ සම්භාව්‍ය කලා කෘති ද ඇතුළුව කලා නිර්මාණ 1,000 කට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනය කිරීමට නියමිත ය. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු පීඨාධිපති වන මහාචාර්ය සුසිරිපාල මාලිම්බඩ මහතා විසින් මෙහෙය වීමට නියමිත මෙම කලා ප්‍රදර්ශනය, නැගී එන කලාකරුවන්ට සහ ප්‍රවීණ නිර්මාණකරුවන්ට එක හා සමානවම වැදගත් වේදිකාවක් වනු ඇත.

මෙහි දී ප්‍රදර්ශනය කෙරෙන නිර්මාණ අතර, මහාචාර්ය ඇල්බට් ධර්මසිරි, ඉරෝමී විජේවර්ධන, එස්. එච්. සරත්, ආනන්ද සෝමතිලක, උපාලි හේරත්, රූබට් සොයිසා සහ සීවලී ඉලංගසිංහ වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ නිර්මාණ ද ඇතුළත් වේ. ඔවුන්ගේ නිර්මාණ සමග මෙහි දී ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ සීමා මායිම් බිඳ දමමින් ඉදිරියට පැමිණෙන නව කලාකරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට ද සියල්ල සූදානම් ය.

වර්ණ 2025 යනු කලා ප්‍රදර්ශනයක් වුවත්, එහි අරමුණු එතැනින් නොනැවතී, දේශීය කලාකරුවන්ට සහය වීම, කලාත්මක සංවාද ඇති කිරීම සහ කලාව වටා රසිකයින් එක් රැස් කිරීම වැනි පුළුල් පරාසයකට විහිදෙයි. සංවිධායකයින් විසින් ප්‍රදර්ශනය නැරඹීම සඳහා සති අන්තය පුරා නරඹන්නන් 40,000 කට අධික ප්‍රමාණයක් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන අතර, එය කලාකරුවන් හට නිර්මාණ එකතු කරන්නන්, ගැනුම්කරුවන් සහ රසිකයින් සමග සම්බන්ධ වීමට මහඟු අවස්ථාවක් වනු ඇත.

“Cultural Fusion: Tradition Meets Modernity” යන තේමාව ඔස්සේ සංවිධානය වන මෙම ප්‍රදර්ශනය නිසා හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණ පරිශ්‍රය, උසස් කලා නිර්මාණවලින් පිරී ගිය ආර්ට් ගැලරියක සිරි ගනු ඇති බව සැමගේ විශ්වාසයයි. ප්‍රදර්ශනය වෙත පැමිණෙන කලා හිතකාමී නරඹන්නන් හට සජීවිකරණ නිර්මාණ, සජීවි සිතුවම් වැඩසටහන් සහ දෘශ්‍ය හා රංග කලා අතර ඇති බෙදුම් රේඛා බොඳ කරවාලමින් වයලීන වාදකයින්, පියානෝ වාදකයින් හා සැක්සෆෝන් වාදකයින්ගෙන් සැදුම් ලත් සංගීතඥයින්ගේ සුවිශේෂී සංගීත අංගයක් ද මෙහි දී අත්විඳීමට හැකියාව ලැබෙනු ඇත.

ඔබ කලා නිර්මාණ මිල දී ගැනීමට බලා සිටින අයෙක් ද? නැතිනම් කලා නිර්මාණ ප්‍රිය කරන කෙනෙක් ද? එසේත් නැතිනම් ඔබ වෙනසක් සොයා යන්නෙක් ද? එසේ නම් මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි. ශ්‍රී ලාංකේය කලා නිර්මාණවල විශිෂ්ටත්වය අත්විඳීමට, වර්ණ 2025 වෙත ඔබත් එන්න!

Lanka Business News Home

LBN Facebook



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව