
සුප්‍රසිද්ධ ගෝල්ෆේස් හෝටලයේ නාමය ලොවට ගෙන ගිය තවත් එක් අංගයක් වන 1864 Limited Edition අවන්හල, මැයි 16 සිට 18 දක්වා, Michelin-Stars දිනූ ප්‍රවීන ප්‍රංශ සූපවේදී සර්ජ් චෙනෙට් විසින් මෙහෙයවනු ලබන L’EXPÉRIENCE FRANÇAISE නමින් à la carte භෝජන අත්දැකීමක් සංවිධානය කර තිබේ.
ප්‍රංශ ආහාර කලාවේ කීර්තිමත් චරිතයක් ලෙස සැලකෙන සූපවේදී සර්ජ් චෙනෙට් දශක පහකට අධික කාලයක් පුරාවට විහිදී යන සූපශාස්ත්‍රීය උරුමයක් රැගෙන කොළඹට පැමිණෙයි. ප්‍රංශයේ රීම්ස් ප්‍රදේශයෙන් ආරම්භ වූ ඔහුගේ සූපවේදී ගමන, පසුව ජොයෙල් රොබුචොන්, ජෝර්ජස් බ්ලැන්ක් සහ මයිකල් රොස්ටැං වැනි ප්‍රංශයේ ප්‍රමුඛ පෙළේ සූපවේදීන් යටතේ සූපවේදය හැදෑරීමට හැකියාව ලැබිණි. කාලයත් සමග, දකුණු ප්‍රංශයේ පවුලක් විසින් පවත්වාගෙන ගිය Château de Rochegude සහ Entre Vigne et Garrigue යන ආයතන, ඔහු යටතේ Michelin-Stars ප්‍රමිතිකරණය උපයා ගැනීමට හැකි ආයතන බවට පත්විය. 1993 දී ඔහු ශිල්පීය විශිෂ්ටත්වය සඳහා වන ජාතික පිළිගැනීම Meilleur Ouvrier de France සම්මානයෙන් පිදුම් ලැබීය.
මෙම අවස්ථාව සැන්දෑවන් තුනකට පමණක් සීමා වන බැවින්, සූපවේදය වෙනුවෙන් තම ජීවිතයම කැපකළ ප්‍රවීන සූපවේදියෙකු විසින් සකසනු ලබන, නවීන ප්‍රංශ ආහාරවල විචිත්‍රත්වය, විවිධත්වය සහ හැඟීම් ඉස්මතු කරනා සුවිශේෂී මෙනුවක රස විඳගැනීමට 1864 Limited Edition අවන්හල අමුත්තන්ට ආරාධනා කරයි. මෙම සෑම ආහාරයක් ම කාලික අමුද්‍රව්‍ය (Seasonal ingredients), සියුම් තාක්‍ෂණය මෙන්ම ප්‍රංශ ආහාර මේසයේ දැකිය හැකි සම්ප්‍රදායන් කෙරෙහි ගැඹුරු අධ්‍යයනයක් සහිතව කොළඹ කීර්තිමත් භෝජන අත්දැකීමක් ලබාගත හැකි ස්ථානයක සිට සැලසුම් කොට පිරිනමනු ලැබේ.
සූපවේදී චෙනෙට්ගේ සංචාරය, 1864 Limited Edition අවන්හල ලෝක මට්ටමේ සූපශාස්ත්‍ර අත්දැකීම් ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා වන අඛණ්ඩ කැපවීමේ කොටසක් වන අතරම, ගෝලීය විශිෂ්ටත්වය සමරමින් ආහාර කලාවේ වෙනසකට නව අවස්ථා නිර්මාණය කිරීමක් ද වේ.
අවස්ථා සීමිත බැවින් වෙන්කරවා ගැනීම් සිදුකිරීම සුදුසු බව නිර්දේශ කෙරේ. විමසීම් සහ වෙන්කරවා ගැනීම් සඳහා අමතන්න: +94 74 260 1641
1864 Limited Edition අවන්හල පිළිබඳව
ඓතිහාසික ගෝල්ෆේස් හෝටලයේ පිහිටා ඇති 1864 Limited Edition, සමකාලීන යුරෝපීය ආහාර, කලාව සහ පිරිසැලසුම් වලින් හෙබි, නවීන භෝජන අත්දැකීම් ලබා දෙන ගමනාන්තයකි. යම් ප්‍රමිතියකට අනුව පෙළ ගස්වා ඇති වයින් බඳුන්, කොක්ටේල් මෙන්ම කීර්තිමත් ලාංකික කලාකරුවන්ගේ ප්‍රදර්ශන ද සමඟින් ප්‍රබුද්ධ අමුත්තන් සඳහා බහු සංවේදී අත්දැකීමක් ලබා දීමට මෙම අවන්හල සමත් ය. 1864 Limited Edition, ගෝල්ෆේස් හෝටලයේ ආරම්භක වර්ෂයට අනුව නම් කර ඇති අතර, 2024 වසරේ දී පැවැති ශ්‍රී ලංකා සංචාරක සම්මාන උළෙලේදී “Best Contemporary Fine Dining Restaurant” සම්මානයෙන් ද පිදුම් ලැබීමට සමත් විය. 1864 Limited Edition, වඩාත් විචිත්‍රවත් මෙන්ම අමුත්තන්ට සුහද සේවාවක් සපයනු ලබන කොළඹ විශිෂ්ට පෙළේ අවන්හල් වලින් එකක් ලෙස දිගටම පවතිනු ඇත.