
පසුගියදා ඩැන්ඩෙනොං ප්‍රදර්ශනාගාරයේ පැවති මෙල්බර්න් බක්මහ උළෙල සඳහා සිය දායකත්වය සැපයීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්ෂණික සේවා අවන්හල් ජාලය වන පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) වෙත අවස්ථාව උදා විය. මෙල්බර්න් හි පැවැති උත්සව අවස්ථාවක් සඳහා P&S හි දායකත්වය ලබාදුන් ප්‍රථම අවස්ථාව ලෙස මෙය සනිටුහන් වන අතර ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් වෙත ප්‍රසිද්ධ දේශීය සන්නාමයක රසවත් අත්දැකීමක් සමීප කරවීමට මේ ඔස්සේ හැකියාව ලැබිණි.
සම්ප්‍රදායික රසකැවිලිවල සිට ජනප්‍රිය රස කැවිලි දක්වා පුළුල් පරාසයක විහිදුණු වඩාත් ජනප්‍රිය දේශීය ආහාර වර්ග 20කට අධික සංඛ්‍යාවක් මෙහිදී P&S කුටිය හරහා ඉදිරිපත් කර තිබුණි. .ඒ වෙනුවෙන් ඉතා ඉහළ ප්‍රතිචාරයක් සහ ඉල්ලුමක් හිමි වූ අතර පැමිණ සිටි පිරිස වෙනුවෙන් සැබෑ ශ්‍රී ලාංකික රසය මෙමඟින් පිළිගැන්විණි. P&S හි අධ්යක්ෂ අවිෂ්ක පෙරේරා මහතා සහ P&S කණ්ඩායමේ අනෙකුත් ප්‍රධාන සාමාජිකයන් රැසක්ද මෙම සුවිශේෂී අවස්ථාව සමඟ සම්බන්ධ වී සිටියහ.
මෙම උත්සව අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් අවිශ්ක පෙරේරා මහතා මෙසේ සඳහන් කළේය.“මෙල්බර්න් බක්මහ උළෙලට සහභාගී වීමට අවස්ථාව ලැබීම ඔස්සේ ඕස්ට්‍රේලියාවේ ජිවත්වන අපගේ පාරිභෝගික ජනතාවගේ ආදරය හා උද්යෝගය ද අපිට හොඳින්ම දැක බලා ගැනීමට හැකියාව ලැබුණු අතර එය සැබවින්ම අපගේ හද උණුසුම් කළ සුන්දර අත්දැකීමක් වුණා. ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයන් වෙත දේශීය රසය සමීප කරමින් ඔවුන්ට සතුටුජනක අත්දැකීමක් ගෙන ඒමට අප දරන උත්සාහය පිළිබඳ P&S කුටිය ඉදිරිපිට දකින්නට ලැබුණු දිගු පෝලිම තුළින් අපට නැවත වරක් සිහිපත් කළා. මෙහිදී අපගේ හවුල්කරුවෙකු වන ග්‍රීන් ඒෂියා පෞද්ගලික සමාගමේ අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් අප බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම එවැනි විචිත්‍රවත් බක්මහ උළෙලක් සංවිධානය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනයේ ඕස්ට්‍රේලියාවේ ආදි ශිෂ්‍ය සංගමයට ද අපගේ හෘදයාංගම ස්තූතිය අපි පුද කරනවා.”
P&S හි ගෝලීය මෙහෙවර වන ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ට රසය ලොව පුරා ඉහළින්ම ඔසවා තැබීමේ’ අභිප්රායන් ද මෙම අවස්ථාව ඔස්සේ තවදුරටත් සවිමත් විය. ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ එක්සත් රාජධානිය වෙත නිෂ්පාදන රැසක් අපනයනය කරමින් 2021 වසරේ සිට ජාත්‍යන්තර වෙළෙඳපල තුළ සිය ස්ථාවරය තහවුරු කරගැනීමට P&S සමත් වී තිබේ.එමෙන්ම සැබෑ ශ්‍රී ලාංකික රසය මහාද්වීප ගණනාවක් ඔස්සේ බෙදා ගනිමින් දේශීය ආහාර රසය භුක්ති විඳීමට ලොව පුරා විසිරී සිටින ලාංකිකයන් වෙත අවස්ථාව සලසා දී ඇත..
P&S විසින් සිය ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික හවුල්කරුවෙකු වන ග්‍රීන් ඒෂියා පෞද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනයේ ඕස්ට්‍රේලියානු ආදි ශිෂ්‍ය සංගමය සමඟ ගොඩනඟා ගත් සවිමත් සහයෝගීතාවය මෙම සුවිශේෂී අවස්ථාව සඳහා බෙහෙවින් ඉවහල් විය. ඔවුන් මෙම බක්මහ උළෙලේ ප්‍රධාන සංවිධායකයන් ලෙස කටයුතු කළේය.