
Salon Sudarshani Academy of Hair Cutting ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ නැගී එන කොණ්ඩා කැපීමේ පුහුණු ඇකඩමිය ලෙස සම්මාන ලැබීය. ව්‍යවසායකත්ව සහ ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානය එම සම්මාන උළෙල සංවිධානය කර තිබිණි. එම සම්මානය දිනා ගැනීමෙන් ගුණාත්මක පුහුණුවක් සැපැයීමෙන් සහ රැකියාගත කිරීමෙන් තරුණ පරපුරේ අනාගතය ගොඩ නැගීමට එම ආයතනය සතු කැපවීම තහවුරු වේ. මීට වසර 31කට පෙර ඇරැඹුණු Salon Sudarshani Academy of Hair Cutting පසුගිය දශක තුනක කාලය තුළ 20,000කට ආසන්න සිසුන් පිරිසකට වෘත්තීය පුහුණුව සපයා ඇත. එම ආයතනය පිරිනමන දින 45-60 පුහුණුව ලබන සිසුන්ට කොණ්ඩා කැපීමට අදාළ සියලු පැතිකඩ පිළිබඳ පූර්ණ දැනුමක් ලැබේ. වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති එම ආයතනය පුහුණුව අවසානයේ සිසුන්ට සහතික පත්‍ර 6ක් පිරිනමන අතර ඒවා එම ක්ෂේත්‍රයේ රැකියාවක් ලැබීමට මහඟු පිටිවහලකි. පුහුණුව ලබන සෑම සිසුවෙකුම රැකියාගත කිරීමට Salon Sudarshani Academy of Hair Cutting සතු වැඩපිළිවෙල ප්‍රශංසනීය වේ.
එම ආයතනය ළමා නිවාස, වැඩිහිටි නිවාස, රෝහල්, මත්ද්‍රව්‍ය නිවාරණ හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන, අංගොඩ හා මුල්ලේරියාව ඇතුළු රෝහල්, මහල් නිවාස වැනි ස්ථාන රැසක නොමිලේ කොණ්ඩා කැපීමේ වැඩසටහන් දියත් කරයි. ඒ හරහා එවැනි ස්ථානවල සිටින පුද්ගලයන්ට සෙත සැළසෙන අතර කොණ්ඩා කැපීම පිළිබඳව සිසුන් ලැබූ දැනුම ප්‍රයෝගිකව ක්‍රියාවට නැංවීමටද අවස්ථාව ලැබේ. සිසුන්ට දින 10ත් 15ත් අතර ප්‍රායෝගික පුහුණුවක් සැපැයීමට එම ආයතනය කටයුතු කරයි. Salon Sudarshani Academy of Hair Cutting හිමිකරු සහ ප්‍රධාන පුහුණුකරු ඩබ්ලිව්. එම්. කේ. රොෂාන් මහතාගේ නායකත්වය යටතේ එම ආයතනය ශීඝ්‍ර සහ අඛණ්ඩ දියුණුවක් ලබා ඇත. ගම්පහ දිස්ත්‍රික්කය තුළ එම ආයතනය සතු කොණ්ඩා කැපීමේ මධ්‍යස්ථාන 10ක් ඇත. ප්‍රධාන ශාඛාව රාගම බටුවත්ත ප්‍රදේශයේ පිහිටා ඇත.