Russel’s Wellness සමාගම සෞඛ්‍යයට හිතකර තේ වර්ග රැසක් හඳුන්වා දෙයි

MAIN IMAGE (LBN)

Russel’s Wellness සමාගම කාණ්ඩ පහක් යටතේ ශරීර සෞඛ්‍යයට හිතකර සුවිශේෂ තේ වර්ග රැසක් හඳුන්වා දෙයි. මෙය හඳුන්වා දීම ලොව පුරා ශරීර සෞඛ්‍යය පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ට අද්විතීය අත්දැකීමක් වනු ඇත. තේ වර්ග හඳුන්වා දීම කොළඹ අමාරි හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස Richlife Dairies හා Shaw Wallace Ceylon සමාගම්වල අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී සහ Renuka Foods සමාගමේ අධ්‍යක්ෂ නිශාන්ත ජයසූරිය මහතාත්, ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස අපනයන සංවර්ධන මණ්ඩලයේ අපනයන සේවා පිළිබඳ අධ්‍යක්ෂ ඉඳුමිණි කොඩිකාර මහත්මියත් සහභාගී වූ අතර දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ විශේෂ ආරාධිත අමුත්තා ලෙස ඊට සහභාගී විය.
 



 

Russel’s Wellness වසර 38කට වැඩි කාලයක් පුරා තේ සහ කේටරින් සේවා සපයන Russel’s Group සමාගමට අනුබද්ධ සමාගමකි. එම සමාගම දිනකට පිළිගන්වන තේ කෝප්ප ප්‍රමාණය 35,000කට අධික වේ. ආයතනයේ නිර්මාතෘ හා සභාපති රසල් පෙරේරාගේ සහ උපායමාර්ග පිළිබඳ අධ්‍යක්ෂ ජෙහාන් පෙරේරාගේ නායකත්වයෙන්, අපනයන වෙළෙඳපොළට ප්‍රවේශ වීමේ අරමුණෙන්, Russel’s Wellness සමාගම ඇරැඹිණි. Russel’s Wellness සමාගමේ නිෂ්පාදන අතර සිලෝන් හෙල්ත් සහ වෙල්නස් ටී, සිලෝන් ආර්ටිසන් ටී, පාරම්පරික ශාකසාර වට්ටෝරුවලින් නිපදවන තේ, සිලෝන් ෆයින් ටී, සිලෝන් ඕගනික් ස්පෙෂල්ටි ටී ප්‍රධාන වේ. මේ අතරින් තේ වර්ග තුනක් විවිධ සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් ගෙන දෙන බව විද්‍යාත්මක පරීක්ෂණවලින් හෙළි වී ඇත. පාරම්පරික ශාකසාර වට්ටෝරු අනුසාරයෙන් සිදු කරන නිෂ්පාදන දේශීයව සහ ජාත්‍යන්තරව අලෙවියෙන් ලබන ආදායමෙන් කොටසක් ආදිවාසී ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට වෙන් කෙරේ. ඒ සංස්කෘතික සහ ඓතිහාසික වශයෙන් ඔවුන් සතු සුවිශේෂත්වය රැක ගැනීමේ අරමුණෙනි. www.russelsglobal.com වෙබ් අඩවිය ඔස්සේ සහ ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙදසැල්වලින් හා අනෙකුත් අලෙවි සැල්වලින් Russel’s Wellness නවතම තේ වර්ග ඉදිරියේදී මිල දී ගත හැකිය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව