Blue Orbit සහ Cosmic by Citrus වෙතින් කොළඹ නෙළුම් කුළුණ මත ආහාර ගැනීමට සහ උත්සව සඳහා අගනා අවස්ථාවක්!

6G6A0152 (2) (2) (LBN)

ශ්‍රී ලාංකේය අනන්‍යතාව ලොවට රැගෙන ගිය කොළඹ නෙළුම් කුලුන මත සුඛෝපභෝගී අත්දැකීමක් ලබා ගැනීම සඳහා Blue Orbit සහ Cosmic by Citrus විසින් පාරිභෝගිකයින් වෙත ආරාධනා කරනු ලබයි. මෙහිදී දේශීය පාරිභෝගිකයින්ට, විදේශීය සංචාරකයින්ට සහ ආයතනික සමූහයන් යන සියලුම පාර්ශවවලට කොළඹ නගරයේ අපූර්ව දර්ශන නරඹමින් උසස්ම තත්ත්වයේ ආහාර වේලක් රසවිඳීම සඳහා අවකාශ හිමි වේ.

ශ්‍රී ලංකාවේ එකම කැරකෙන අවන්හල වන Blue Orbit by Citrus හිදී අමුත්තන් හට අංශක 360 ක මනරම් දර්ශනයක සිරි නරඹමින් අද්විතීය භෝජන සංග්‍රහයක් අත්විඳීමට හැකියාව ලැබෙනු ඇත. පාරිභෝගිකයින් හට මෙහි ඇති ආපනශාලාව තුළින් ඉතාලි, ජපන්, චීන, මැද පෙර දිග, ඉන්දියානු, ශ්‍රී ලාංකික සහ බටහිර ආහාර පානවලින් සහ සහ දරුවන් සඳහා ම වෙන් වූ පැණි රස අංශයකින් සමන්විත ප්‍රණීත ආහාර වර්ග 300 කට අධික සංඛ්‍යාවකින් සංග්‍රහ කෙරෙනු ඇත.

විශේෂ උත්සව සැලසුම් කරන අය සඳහා මෙහි 225 ක ආසන ධාරිතාවක් සහිත නිසා අවශ්‍ය සියලුම ආකාරයේ උත්සව උසස්ම ආකාරයෙන් සංවිධානය කිරීමට ඔවුන්ට අවස්ථාව හිමි වේ. මීට අමතරව, ප.ව. 6.00 සිට රාමසාන් සමය වෙනුවෙන්ම සැකසුණු විශේෂ ඉෆ්තාර් භෝජන සංග්‍රහයක් සහ සවස 6.30 සිට සාමාන්‍ය රාත්‍රි ආහාරවලින් සමන්විත බුෆේ එකක් දිනපතා පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටා ඇති අවන්හල වන Cosmic by Citrus තුළ පාරිභෝගිකයින් හට තම ආයතනික උත්සව හෝ මංගල උත්සව වැනි සුවිශේෂී උත්සව සංවිධානය කිරීමට සියලු පහසුකම් සපයා තිබේ. ආසන 280 ක ධාරිතාවකින් සහ කොළඹ අහසේ අංශක 360 ක දර්ශනය නිසා මෙහි පැමිණෙන අමුත්තන් හට පහසු සහ අමතක නොවන අත්දැකීමක් විඳ ගැනීමට මෙහිදී අවස්ථාව හිමි වනු ඇත. මෙම ස්ථානය උසස්ම උත්සව අවස්ථා වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කළ එකක් වන අතර, මෙහි සේවය සැපයීම සඳහා උසස්ම තත්ත්වයේ සූපවේදි කණ්ඩායමක් ද සූදානමින් සිටියි.

ආයතනික පාරිභෝගිකයින් හට තම උත්සව වඩාත් හොඳින් සංවිධානය කර ගැනීම සඳහා පරිශ්‍රයේ ඇති අමතර පහසුකම් නොමිලේම භාවිතා කළ හැකිය. මීට අමතරව Cosmic විසින් ද සුවිශේෂි ඉෆ්‍තාර් අත්දැකීමක් සංවිධානය කර ඇත.

“කොළඹ නෙළුම් කුලුනේ පිහිටා ඇති මෙම හෝටල් ද්විත්වය හරහා පාරිභෝගිකයින් හට කිසිදා අමතක නොවන අත්දැකීමක් ලැබෙනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. එයට සරිලන සේවාවක් සැපයීම සඳහා අප නිරන්තර සූදානමකින් ද සිටින්නෙමු. ඔබ Blue Orbit හි ආහාර ගත්තත්, Cosmic හි උත්සවයක් සංවිධානය කළත්, ඔබට අවශ්‍ය සියලු පහසුකම් නොපිරිහෙළා සැපයීම අපගේ වගකීමයි.” මෙලෙස අදහස් දැක්වූවේ Blue Orbit හා Cosmic හෝටල් ද්විත්වයේ මෙහෙයුම් කළමනාකරු සුපුන් ගුණවර්ධන මහතායි.

මෙම පරිශ්‍රයන් ද්විත්වයටම හොඳින් ඉඩකඩ ඇති වාහන නැවතුම් ස්ථාන ඇති නිසා පාරිභෝගිකයින්ට කරදරයකින් තොරව තම අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකි වනු ඇත. උසස්ම සේවාව සහ පාරිභෝගික සත්කාර හරහා Blue Orbit හා Cosmic හෝටල් ද්විත්වය විසින් කොළඹ නගරයේ ආහාර ගැනීමේ සංස්කෘතිය සහ උත්සව ප්‍රවේශවල අත්දැකීම නවමු මානයකට රැගෙන යනවා නොඅනුමානය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව