
අපනයනය මත පදනම් වූ වර්ධනය, ආයෝජන පහසු කිරීම හා ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් රජය විසින් ඉදිරිපත් කළ මංගල අය වැය පිළිගන්නා බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසා සිටියි. එම අය වැය තුළින් ආර්ථික ස්ථාවරත්වය හා තරඟකාරී ව්‍යාපාරික පරිසරයක් ඇති කිරීම සඳහා වන කැපවීම මෙරට රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයේ වර්ධනයට හේතුවක් වනු ඇතැයි JAAF අපේක්ෂා කරයි.
එහිදී ශ්‍රී ලංකාවේ නිදහස් වෙළෙඳ ගිවිසුම (FTAs) පුළුල් කිරීම මඟින් ප්‍රධාන ගෝලීය වෙළෙඳපොල සමඟ නව හවුල්කාරීත්වයන් ඇති කර ගැනීම දැනට පවතින වෙළෙඳපොල ආරක්ෂා කිරීමේ JAAF උපාය මාර්ගවලට අනුකූල වේ. එමෙන්ම ජාතික තනි කවුළුව (National Single Window) විද්‍යුත් භාණ්ඩ ට්‍රැකින්, ස්කෑන් යන්ත්‍ර, රේගු නීති සංශෝධන හා සැපයුම් හා රේගු අංගනයන් වැඩි දියුණු කිරීම වැනි වැඩසටහන්, ව්‍යාපාර කිරීමේ පහසුව ඉහළ නැංවීම සඳහා සුවිශේෂී පියවරයන් ලෙස සඳහන් කළ හැකිය. ආර්ථික පරිවර්තන පනත නැවත සලකා බැලීම හා යෝජිත ආයෝජන ආරක්ෂණ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම වැනි ක්‍රියාමාර්ග ආයෝජක විශ්වාසය තවදුරටත් ශක්තිමත් කර අපනයන වර්ධනයට හේතු වනු ඇත.
එසේම ජාතික සංවර්ධන සැලසුම, ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සහ වෙළෙඳපොල ක්‍රියාවලීන් විධිමත් කිරීම සඳහා ඩිජිටල් නිර්මාණකරණය යොදා ගැනීම සම්බන්ධයෙන් රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටද JAAF අරමුණු කොටගෙන ඇත.
මෙවර අය වැය යෝජනාව හරහා සරල කළ අගය එකතු කළ බදු (SVAT) යෝජනා ක්රමයේ සිට අවදානම් මත පදනම් වූ මුදල් ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් දියත් කිරීම ඇතුලු VAT බදු ක්‍රමය විධිමත් කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන්ද JAAF හි කැමැත්ත පළ කර ඇත. එහෙත් JAAF හි අදහස වන්නේ පැහැදිලි හා සුපරීක්ෂාකාරී විකල්පයක් නොමැතිව SVAT ඉවත් කිරීම ගැටලු සහගත විය හැකි බවයි.
මීට පෙර කාර්යක්ෂමතාව හා විනිවිදභාවය තහවුරු කරමින්, අවම මිනිස් මැදිහත්වීමක් හා VAT බදු ආපසු ගෙවීමේ ඩිජිටල් විසඳුමක් වෙනුවෙන් මීට පෙර පෙනී සිටි JAAF මෙහිදී ඒ තුලින් ඇති විය හැකි ගැටලු කිහිපයක් පෙන්වා දෙයි. මෙය දුර්වල ලෙස කළමනාකරණය කරන ලද සංක්‍රාන්තික අපනයනකරුවන් ලෙස කීර්ති නාමයට හානියක් කළ හැකි අතර මෙහෙයුම් කඩාකප්පල් කිරීමට මෙන්ම ගෝලීය සන්නාම සැපයුම් දාමයේ විශ්වසනීයත්වය වෙනුවෙන් මූලිකත්වය දෙන මොහොතක ස්ථාවර ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට හානියක් විය හැකි බව JAAF පෙන්වා දෙයි.
මෙරට අපනයන ආර්ථිකයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ඇඟලුම් ක්ෂේත්රය සමස්ත වෙළෙඳ භාණ්ඩ අපනයනය සඳහා 40%කට වැඩි දායකත්වයක් දක්වනු ලබයි. වඩා පහසු හා විනිවිදභාවයෙන් යුත් පරිවර්තනයක් වෙනුවෙන් ඇඟලුම් කර්මාන්තය තරඟකාරීව පවත්වා ගැනීමට හා ආයෝජක විශ්වාසය පවත්වාගෙන යාමට ඉතා වැදගත් වන බව JAAF හි අදහසයි.
ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ කාර්යක්ෂම ඩිජිටල් මුදල් ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් සමඟින් බාධාවකින් තොරව වැට් බදු අයකර ගැනීම සහතික කිරීම සඳහා කර්මාන්ත පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කරන ලෙසයි.
යෝජිත පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම්හිදී පෙන්වා දී ඇති පරිදි අයවැය සහන දීමනා පනත් දෙක ඉවත් කිරීම සමඟ එක් කළ යුතු අතර ඒ තුළින් ජාතික අවම වැටුප සියලු දීමනා ඇතුලුව එකම අගයක් බවට පත් වනු ඇත.
රජයේ ප්‍රතිපත්තිමය තීරණ ව්‍යාපාරික පරිසරයේ යථාර්තයන් පිළිබිඹු කරන බව සහතික කිරීම සඳහා කර්මාන්තයේ පාර්ශවකරුවන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වීමේ වැදගත්කම අවධාරණය කරන JAAF පැහැදිලි බදු පරිපාලනය, නියමිත අවස්ථාවේදී වෙළෙඳ පහසුකම් සැලසීමේ ක්‍රියාමාර්ග ගැනීම සහ අපනයන තරඟකාරීත්වය කෙරෙහි අඛණ්ඩ අවධානය බලාපොරොත්තු වන අපනයනය ඉලක්ක සපුරා ගැනීමට අවස්ථාව උදා කර දෙනු ඇත.
හෙට දවසේ තිරසාර ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම සඳහා කටයුතු කරන ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය ශක්තිමත් හා තරඟකාරී බව සහතික කරමින් මෙම ප්‍රතිසංස්කරණයන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඇඟලුම් කර්මාන්තය කැපවී කටයුතු කරයි.