ලින්ක් නැචුරල් ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී විශිෂ්ඨ ඇගයීමකට ලක් වෙයි.

Image - Link Natural - Export Award

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී, නිෂ්පාදන අපනයනයේ ප්‍රමුඛයෙකු බව තවදුරටත් සනාථ කරමින්, ‘2023/24 වසරේ නැගී එන අපනයනකරු’ හා ශාකසාර සහ ආයුර්වේද නිෂ්පාදන අංශයේ (ආංශික) ‘හොඳම අපනයනකරු’ සම්මානයන්ගෙන්  ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගම පිදුම් ලබයි.
 



 

මූල්‍ය වර්ෂය තුළ සමාගමේ නිෂ්පාදනවල ගුණාත්මකබව, ක්‍රියාකාරිත්වය සහ ආරක්ෂාකාරීබව මත පදනම්ව මෙන්ම අපනයන පිරිවැටුම, අපනයන ආදායම නැවත මෙරටට ගෙන්වා ගැනීම, ශුද්ධ විදේශ විනිමය ඉපැයීම්, වෙළඳ පොළ විවිධාංගීකරණය, නිෂ්පාදන විවිධාංගීකරණය, අගය එකතු කිරීම, නවෝත්පාදන සහ අපනයන වෙළඳ පොළේ තිරසාර උත්සාහයන් වැනි විවිධ පරාමිතීන් මත පදනම්ව ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගම මෙසේ ඇගයීමට හා සම්මානයට පාත්‍ර විය.

ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගම අද වන විට  ආයුර්වේද හා ශාකසාර නිෂ්පාදන මෙන්ම ස්ව සත්කාර නිෂ්පාදන රැසක් සමඟින් දේශීය හා විදේශීය වෙළඳ පොළේ ප්‍රමුඛතාවයක්  දරයි. සමාගම අපනයන ක්ෂේත්‍රයේ සීඝ්‍ර වර්ධනය සඳහා ජාත්‍යන්තරය තුළ සිය නිෂ්පාදනයන්ට ඇති අවස්ථාවන් හඳුනා ගනිමින්, ඒ සඳහා ඇති ඉහළ ඉල්ලුම සපුරාලීමට මනා කැපවීමෙන් කටයුතු කරයි.  එසේම  අපනයන නිෂ්පාදන සඳහා කඩිනමින් නියාමන අනුමැති ලබා ගැනීමට හැකි වීම තුළින් සිය අපනයන නිෂ්පාදනවල සුරක්ෂිතබවත්,  ගුණාත්මකබවත් තවදුරටත් තහවුරු වී ඇත. අති නවීන පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයකින් මෙන්ම එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය විගණනයට අනුකූල නිෂ්පාදන පහසුකම්වලින් පරිපූර්ණ ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගම, ශාකසාර නිෂ්පාදන කර්මාන්තයේ නව මං සලකුණු තැබීමට අඛණ්ඩව කටයුතු කරයි.

ලින්ක් නැචුරල් හි ප්‍රධාන විධායක නිළධාරි, අෂාන් රන්සිලිගේ මහතා මෙම ජයග්‍රහණය පිළිබඳව සිය අදහස් දක්වමින් පැවසූයේ, “අපේ සෑම නිෂ්පාදනයක් තුළින්ම, ශ්‍රී ලාංකික ආයුර්වේදීය උරුමයත්, සෞඛ්‍ය හා යහපැවැත්ම වෙනුවෙන් සමාගම සිදු කරන කැපවීමත් පිළිබිඹු කරනවා. ඊට නොදෙවෙනි ලෙස නිෂ්පාදනවල ගුණාත්මකබවත්, අපගේ මෙහෙයුම්වල තිරසාරබවත් වෙනුවෙන් සමාගම විශාල කැපකිරීමක් සිදු කරනවා. මේ සියල්ල අපගේ සාර්ථකත්වයට හේතුවයි. අඛණ්ඩ නවෝත්පාදනය ඔස්සේ නිෂ්පාදන පුළුල් කිරීම හා මූලික වටිනාකම්වලට අනුකූලව වෙමින් යන අපගේ ගමන ශක්තිමත් කිරීම සඳහා මෙම සම්මානය සඳහා මෙම සම්මානය සුවිශේෂී සන්ධිස්ථානයක් මෙන්ම දිරි ගැන්වීමක් ද වනවා. මෙම ගමන්මගෙහි කොටස්කරුවන් වීම වෙනුවෙන් කැප වූ සෑම දෙනාටම මෙන්ම ලොව පුරා සිටින  පාරිභෝගිකයින්ට ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගමේ කළමණාකාරීත්වය හදවතින්ම ස්තූතිවන්ත  වෙනවා.  මේ සියලුම පාර්ශවයන් හා එකට එක්ව සුභවාදී  අනාගතයක් වෙත ගමන් කිරීමට අපි අපේක්ෂා කරනවා” යනුවෙනි.

1982 දී, අපනයන වෙළෙඳපොළ සඳහා දේශීය කුළුබඩු  ආශ්‍රිත සගන්ධ තෙල් නිෂ්පාදනය සමඟ ආරම්භ කළ ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගම, ආයුර්වේදය හා නවීන විද්‍යාවේ සංකලනය තුළින් ක්‍රමයෙන් වැඩි දියුණු විය.  ගුණාත්මකභාවය සහ නවෝත්පාදනය සඳහා වූ කැපවීම මත පදනම්ව දේශීයව නිෂ්පාදනය කරන විශ්වාසදායක ශාකසාර නිෂ්පාදන, ජාත්‍යන්තරය වෙත ගෙන යාම දක්වා මෙහි ගමන්මග වර්ධනය විය. කාලයට ගැළපෙන විශ්වාසනීය නිෂ්පාදනයන් සඳහා නිවහන වන ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගම,  Link Samahan, Sudantha, Swastha Amurtha, Swastha Thriphala, Musclegard, SP Balm, සහ Kesha යන නිෂ්පාදන  ජාත්‍යන්තරය වෙත ගෙන යයි. මෙම නිෂ්පාදන කාලාන්තරයක් පුරාවට පාරිභෝගිකයින්ට නිරෝගිකම හා සෞඛ්‍ය සම්පන්නබව ලබා දෙයි. මෙහි ප්‍රමුඛතම සන්නාමය වන Link Samahan, අද වන විට ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ඉන්දියාව, චෙක් ජනරජය, කැනඩාව, මැද පෙරදිග හා ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 30කට අධික ප්‍රමාණයකට අපනයනය කරයි.

එය ජපානයේ Costco, මැදපෙරදිග Lulu Hypermarkets ඇතුළු  ප්‍රධාන වෙළඳසැල්වලින් ලබා ගත හැකි අතර, ජාතික ගුවන් සේවය වන Sri Lankan Airlines ද මගීන් වෙත පිළිගන්වනු ලබයි.  අමිතාබ් බච්චන් සහ නයෝමි කැම්බල් යන ලොව සුප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ප්‍රශංසාවට ලක් වූ  ලින්ක් සමහන්, The Times of India සහ The Juggernaut වැනි ජාත්‍යන්තර මාධ්‍යවල ද සඳහන් කර තිබේ.

“අප සමඟ එකට එක්ව කටයුතු කරන අපේ කණ්ඩායම්වල හා විදේශීය ව්‍යාපාරික පාර්ශවකරුවන්ගේත්, පාරිභෝගිකයන්ගේත් කැපවීම සහ උනන්දුව පිළිබඳව ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී අප ලබා ගත් ජයග්‍රහණය හොඳම සාක්ෂියක්. ගුණාත්මක බවින් සහ ආරක්‍ෂාව පිළිබඳ ඉහළම ප්‍රමිතීන් පවත්වාගෙන යමින් ශ්‍රී ලාංකේය ශාකසාර නිෂ්පාදන ජාත්‍යන්තර තලයට ගෙන යාමේ අපගේ සැබෑ මෙහෙවර යළිත් සනාථ කරන මෙම සම්මානයෙන් ඇගයීමට ලක්වීම අපට ගෞරවයක්” යනුවෙන් ලින්ක් නැචුරල් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී චමරි වික්‍රමතිලක මෙනෙවිය පැවසීය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව