![AEO Tier I certification (LBN)](https://sinhala.lankabusinessnews.com/wp-content/uploads/2025/02/AEO-Tier-I-certification-LBN.jpg)
ඉහළ මට්ටමේ නෛතික හා මෙහෙයුම් අනුකූලතාව සමඟින් ශක්තිමත් සැපයුම් දාම ආරක්ෂාව අගයමින් ශ්‍රී ලංකා රේගුව විසින් සියැට් කැලණි හෝල්ඩිංග්ස් වෙත බලයලත් ආර්ථික ක්‍රියාකරු (AEO) Tier-I තත්ත්වය පිරිනමා ඇත.
ශ්‍රී ලංකාවේ රබර් ටයර් අපනයනය කරන සැළකිය යුතු සමාගමක් ලෙස, ජාත්‍යන්තරව පිළිගත් AEO සහතිකය හිමි වීම මගින් ගෝලීය හවුල්කරුවන් හා බලධාරීන් සමඟ ව්‍යාපාර කටයුතු කිරීම වඩාත් පහසු කර දෙයි.
සියැට් කැලණි හි ‘Green Channel$Fast Track’ තත්ත්වයේ සිට AEO තත්ත්වයට උසස් වීම හරහා සමාගමට කඩිනම් රේගු නිෂ්කාෂණ ක්‍රියාවලිය, අවම පරීක්ෂා කිරීම්, වැඩි දියුණු කළ ආරක්ෂක පියවර සහ තවත් බොහෝ පහසුකම් ලැබේ. කීර්තිමත් AEO සහතිකය හරහා සියැට් කැලණි හට ගෝලීය සැපයුම් දාමයේ අඛණ්ඩ භාවය හා ආරක්ෂාව සඳහා දායක වීමට ද අවස්ථාව ලබා දෙයි.
AEO Tier-I තත්ත්වය ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් සංකීර්ණ හා විනිවිදභාවයෙන් යුත් සහතික කිරීමේ ක්‍රියාවලියක් අනුගමනය කරන ලද අතර එම කාලය තුළදී සියැට් කැලණි විසින් අවශ්‍ය වූ සියලුම නිර්ණායක සමඟ පූර්ණ අනුකූලතාවයක් දක්වා ඇත.
“අපගේ සෑම අංශයකම මෙහෙයුම් සිදු කිරීමේ දී සෑම විටම නියාමන හා සදාචාරාත්මක නිර්ණායක සමඟ දැඩිව අනුකූල වන ලෙස ක්‍රියා කරන අතර ශ්‍රී ලංකා රේගුවේ AEO Tier-I තත්ත්ව සහතිකය එම අනුකූලතාවයේ මිල කළ නොහැකි ඇගයීමක්,” යනුවෙන් සියැට් කැලණි හි ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ෂමල් ගුණවර්ධන මහතා පැවසීය. “AEO වැඩසටහන මඟින් සමාගම සහ රේගු අධිකාරිය අතර මෙන් ම සමාගම සහ එහි විශ්වාසී වෙළඳ හවුල්කරුවන් අතර ඇති සහයෝගීතාව හා සබඳතාව තවදුරටත් වැඩි කරන අතර අඛණ්ඩ සහ වැඩිදියුණු වූ පහසුකම් ලබා දීම සහතික කරයි.”
සියැට් සන්නාමය වසර 100 කට පෙර ඉතාලියේ ආරම්භ වූ අතර දැන් ඉන්දියාවේ සහ ජර්මනියේ පුළුල් පර්යේෂණ සහ පරීක්ෂණ පහසුකම් සමගින් රටවල් 110 ක ව්‍යාප්ත වී ඇත. සියැට් ඉන්දියා සහ ඇසෝසියේටඩ් මෝටර්වේස් (AMW) අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් පිහිටුවීමෙන් පසුව සියැට් සන්නාමය 1992 දී ශ්‍රී ලංකාවට පිවිසියේය. පසුව මෙම හවුල්කාරිත්වයට කැලණි ටයර් (පුද්ගලික) සමාගමට ඇතුළත් විය. 2010 දී AMW මෙම ව්‍යාපාරයෙන් ඉවත් වූ අතර සියැට් ඉන්දියා සහ කැලණි ටයර් (පුද්ගලික) සමාගම 50:50 ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස හවුල්කාරිත්වය අඛණ්ඩව පවත්වාගෙන යනු ලබයි.
ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරන සියැට් කැලණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ පමණක් ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවයි. සියැට් කැලණි සමාගම සිය නිෂ්පාදනයෙන් සියයට 20ක් පමණ අපනයනය කරයි.