Asiri Academy of Health Sciences සහ මැලේසියාවේ සන්වේ විශ්වවිද්‍යාලය ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

Image 01 (LBN)

මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ආයතනයක් වන Asiri Academy of Health Sciences (AAHS) සහ මැලේසියාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන සන්වේ විශ්වවිද්‍යාලය මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩඉමක් සලකුණු කරමින් ශ්‍රී ලංකාවේ සන්වේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම සඳහා වන පළමු අදියර සඳහා අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තබනු ලැබීය.
 



 
සන්වේ සමූහයේ සභාපති සහ නිර්මාතෘ මෙන්ම සන්වේ විශ්වවිද්‍යාලයේ කුලපති ටැන් ශ්‍රී චව් වී කින්, සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ, ආසිරි සෞඛ්‍ය විද්‍යා ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය මංජුල කරුණාරත්න, එහි අධ්‍යක්ෂිකා නදීකා ජයසිංහ ඇතුළු දෙපාර්ශවයේම ප්‍රධාන පෙළේ නිලධාරීන් රැසක් මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී විය.

සන්වේ විශ්වවිද්‍යාලය සමඟ ගිවිසුම්ගත වූ ප්‍රථම ශ්‍රී ලාංකික සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය AAHS වන අතර, මෙමඟින් ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තර සෞඛ්‍ය අධ්‍යාපනයක් ලැබීමේ අවකාශ උදාවනු ඇත. අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුන්ට මෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ අවසන් කළ සිසුන්ට පවා මේ සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව හිමි වීම මෙහි ඇති සුවිශේෂීම කරුණයි.

මෙම අවබෝධතා ගිවිසුම මඟින් සෞඛ්‍ය විද්‍යාව පිළිබඳ AAHS පදනම් පාඨමාලාව සම්පූර්ණ කළ සිසුන්ට සන්වේ විශ්වවිද්‍යාලයේ කීර්තිමත් උපාධි පාඨමාලා තුනක් සඳහා ඍජුවම අයදුම් කිරීමේ අවස්ථාව හිමි වේ. හෙද, වෛද්‍ය ජෛව තාක්ෂණය සහ මනෝවිද්‍යාව යන ක්ෂේත්‍රයන් සඳහා විද්‍යාවේදී (ගෞරව) උපාධි සඳහා මෙලෙස අයදුම් කිරීමේ අවකාශ මෙරට සිසුන්ට හිමි වනු ඇත. සන්වේ විශ්වවිද්‍යාලය වෙතින් පිරිනමන සම්පූර්ණ උපාධි වැඩසටහන් පරාසය හඳුන්වා දීම සඳහා ඇති හැකියාවන් පිළිබඳ මේ වන විට අධ්‍යයනය කෙරෙමින් පවතී.

මෙම නවෝත්පාදන මාවත මඟින් අ.පො.ස. සාමාන්‍ය පෙළ අවසන් කළ වහාම සිසුන්ට සෞඛ්‍ය අධ්‍යාපනය වෙත පිවිසීමට ඉඩකඩ සැලසෙන අතර, මේ පාඨමාලාවට ඇතුළත් වීම සඳහා අවම සම්මාන සාමර්ථ 5ක් තිබීම ප්‍රමාණවත්ය. AAHS හි මාස අටක පදනම් වැඩසටහන සම්පූර්ණ කිරීමෙන් පසු, සිසුන්ට සන්වේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට වරම් හිමිවන අතර, ඔවුන්ගේ අධ්‍යයන ප්‍රගතිය සැලකිය යුතු අයුරින් වේගවත් කරන්නට මෙය මහඟු අවස්ථාවක් ද වේ.

“ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ප්‍රගතියක් ළඟා කරගන්නට මෙම හවුල්කාරීත්වය හේතුවක් වනු නොඅනුමානයි. වයස අවුරුදු 16 හෝ 17 සීමාවේ සිටින සිසුන්ට ඔවුන්ගේ සෞඛ්‍ය අධ්‍යාපන ගමන ආරම්භ කරන්නට අවස්ථාව සලසා දෙමින්, ඉහළ ඉල්ලුමක් ඇති ක්ෂේත්‍රයන් හි ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සුදුසුකම් ලබා ගන්නට AAHS වේගවත් මාර්ගයක් සකස් කර දී තිබෙනවා.” යනුවෙන් සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ මහතා සඳහන් කළේය.

සන්වේ සමූහයේ සභාපති සහ නිර්මාතෘ මෙන්ම සන්වේ විශ්ව විද්‍යාලයේ කුලපති කුලපති ටැන් ශ්‍රී චව් වී කින් මහතා අදහස් දක්වමින්, “සන්වේ විශ්වවිද්‍යාලය සහ ආසිරි සෞඛ්‍ය විද්‍යා ඇකඩමිය අතර ඇති කරගත් මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලාංකික සිසුන්ට උසස් තත්ත්වයේ ජාත්‍යන්තර අධ්‍යාපනයක් සඳහා පුළුල් ප්‍රවේශයක් ළඟා කර දීමට මෙන්ම සාර්ථක වෘත්තීන් සඳහා ඔවුන් සූදානම් කිරීම උදෙසා ගනු ලැබූ උත්සාහයක්. ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් සමඟ දේශසීමා අභිබවමින්, ලොව පුරා ප්‍රජාවන්ට ධනාත්මක ලෙස බලපාන පර්යේෂණ සිදු කිරීම උදෙසා, ආසිරි සෞඛ්‍ය විද්‍යා ඇකඩමිය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වනවා. මෙය සන්වේ සමූහය සහ ආසිරි සෞඛ්‍ය සමූහය අතර ඇති කරගන්නා පුළුල් සහයෝගීතාවයේ කොටසක් වන අතර එයට ඒකාබද්ධ පර්යේෂණ, දැනුම සහ විශේෂඥතා හුවමාරුව මෙන්ම ආයතන දෙක අතර ව්‍යාපාරික අවස්ථා ඇති කර ගැනීමත් ඇතුළත්.”

AAHS යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනයක් වන අතර, න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් තුළින් අනාගත සෞඛ්‍ය සේවා වෘත්තිකයන් පෝෂණය කිරීම සඳහා නිර්මාණය කර ඇති පුළුල් වැඩසටහන් පිරිනමන ආයතනයකි.

ඇතුළත් වීම සඳහා සුදුසුකම් ඇතුළු මේ පිළිබඳ වැඩිදුර තොරතුරු, +94 76 326 6406 අංකය ඔස්සේ AAHS ඇමතීමෙන් ලබා ගත හැකිය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව