Safe Care Facilities Management Pvt Ltd ව්‍යවසායකත්ව සම්මාන දිනයි

SAFE CARE

Safe Care Facilities Management පෞද්ගලික සමාගම 2024 බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී සේවා අංශයේ (ආගන්තුක සත්කාර / සංචාරක / වෙනත් සේවා) අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ කුසලතා සම්මානය දිනා ගත්තේය. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙල කොළඹදී පැවැත්විණි. වසර 15කට ආසන්න අත්දැකීම් සහිත Safe Care සමාගමේ සේවය කරන පිරිස 1,250කට අධික වේ. පිරිසුදු කිරීමේ සහ පහසුකම් සැපයීමේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන එම සමාගම රට පුරා 500කට වැඩි ව්‍යාපෘති සංඛ්‍යාවක් සම්පූර්ණ කර ඇත. එම සමාගම කාර්යාල, බිම, ජනේල, කාපට් පිරිසිදු කිරීම, දුහුවිලි, කසළ ඉවත් කිරීම සහ ප්‍රතිචක්‍රියකරණය වැනි සේවා වාණිජ සහ ගෘහස්ත පාරිභෝගිකයන්ට සපයයි.

 



 

පළිබෝධ පාලනය, කසළ බඳුන් සේවා, කාපට් සහ පුටු ෂැම්පු යොදා පිරිසුදු කිරීම, පීලි සහ වීදුරු පිරිසිදු කිරීම, නිවාඩු නිකේතන කළමනාකරණය එම සමාගමේ අනෙකුත් සේවා වේ. අධි පීඩන සේදුම්, සුව සේවා ආයතන පිරිසිදු කිරීම, ඉදි කිරීම් කටයුතුවලින් පසුව පරිශ්‍ර පිරිසිදු කිරීම සම්බන්ධයෙන්ද Safe Care සමාගම විශේෂඥතාවක් දරයි. විශාල පරාසයක විහිදී ඇති සේවා සපයන බැවින් සියලුම පිරිසිදු කිරීමේ සේවා එම සමාගමෙන් ගත හැකිය. කාර්යසාධනය, ආරක්ෂාව, පරිසර නියාමන ඇතුළු සියලු ප්‍රමිතිවලට අනුගත වෙමින් සේවා සපයන එම සමාගම ISO 9001-2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකයද ලබා තිබේ. නිසි පුහුණුව ලැබූ 1,250කට අධික සේවක පිරිස නියමිත වේලාවට පාරිභෝගික අවශ්‍යතා අනුව සාධාරණ මිල ගණන් යටතේ සේවා සපයයි. රාජ්‍ය හා පෞද්ගලික බැංකු සහ ආයතන, ඇගැළුම් කර්මාන්තශාලා, දේශීය හා බහුජාතික සමාගම් ඇතුළු පාර්ශ්ව රැසකට සේවා සපයන එම සමාගම පිරිසිදු සහ වෘත්තීය පෙනුමින් යුතු සේවා පරිසරයක් සහතික කරයි. අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන් දහස් ගණනකට රැකියා සපයා ඇති Safe Care සමාගම හරිත විසඳුම් සහ තිරසාරත්වය පිළිබඳවද ඉහළ අවධානයක් යොමු කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව