Kumarika ‘Hair Play Studio’ වෙතින් නවතම Hair Care අත්දැකීම් රැසක්

Image - Kumarika

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Hair Care සන්නාමයක්  වන Hemas Consumer Brandsහි Kumarika, ශ්‍රී ලාංකේය හිසකෙස් වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ලද නවතම shampoo හා conditioner නිෂ්පාදන පෙළක් හඳුන්වා දී ඇත. එහි අද්විතීය අත්දැකීම සිය පාරිභෝගිකයා වෙත ලබා දීමට Kumarika Hair Play Studio දියත් කර ඇත. මෙම “Hair Play Studio” වෙත පැමිණෙන පාරිභෝගිකයන්ගේ හිසකෙස් සුදුසුකම් ලත් beautician කෙනෙකු විසින්, analyze කර, එහි ගැටලු හඳුනා ගනිමින් ගැලපෙනම hair care routine එක පිලිබඳ උපදෙස් සහ හිසකෙස්වලට සුදුසුම Kumarika shampoo හා conditioner වර්ගය නිර්දේශ කරයි, ඉන්පසු hair wash කර ඔවුන්ට ගැලපෙන hair style එකක් නොමිලේම මෙහි දී සිදු කරයි. 



 

Hair Play Studio වෙත සුවිශේෂී අගයක් එක් කරමින් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ නම සඳහන් කළ 80ml හෝ 180ml Kumarika shampoo බෝතලයක් මිල දී ගැනීමේ අවස්ථාව මෙහි දී හිමි වේ. මෙම සුවිශේෂී අත්දැකීම, දිවයින පුරා පාරිභෝගිකයන් වෙත රැගෙන යමින් මෙහි සමාරම්භය BMICH පරිශ්‍රයේ පැවැත්වෙන Colombo Shopping Festival හි දී සනිටුහන් කරන ලදී.

Hemas Consumer Brands හි Hair Care ප්‍රවර්ධන කළමණාකාරිනි හිරුෂි ප්‍රනාන්දු, “Kumarika  Hair Play Studio වෙතින් පාරිභෝගිකයන්ගේ හිසකෙස්වලට අවශ්‍ය නිවැරදි මඟපෙන්වීම ලබා දෙමින්, ඔවුන්ගේ පෞර්ෂය  හා ආත්ම විශ්වාසය ගොඩනැංවීමට හොඳ අවස්ථාවක් ලබා දීම පිළිබඳව අපි ඉතාමත් සතුටට පත් වෙනවා. මේ Hair Play Studio වෙතින් අරමුණු කරන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද Kumarika නිෂ්පාදන සමඟ  ආත්ම විශ්වාසයෙන් යුතුව ඉදිරියට යාමට අවශ්‍ය සවිබලය අපේ පාරිභෝගිකයන්ට ලබා දීමටයි. බිය සැකෙන් තොරව, තමන්ට ගැලපෙන නිවැරදි shampoo හා conditioner නිෂ්පාදනයත්, hair style එකක්  තෝරා ගැනීමට Hair Play Studio මගපෙන්වනවා. සෑම ශ්‍රී ලාංකේය හිසකෙස් වර්ගයකටම ගැලපෙන, හිසකෙස්වල පෝෂණය හා ආරක්ෂාව තහවුරු කරන නිෂ්පාදන පාරිභෝගිකයාට ලබා දීම Kumarika නිෂ්පාදනවල විශේෂත්වයයි.  අති විශාල පාරිභෝගිකයන් සංඛ්‍යාවක් මෙම වැඩසටහන වෙත එක් වීම හා සාර්ථකව සිදුවීම සතුටට කරුණක්” යනුවෙන් සිය අදහස් දැක්වූවාය.

Hair styling toolsවල අධික උෂ්ණත්වය, අධික දුම, දුහුවිලි හා අධික හිරු එළිය යනාදිය නිසා කොණ්ඩයට වන හානිවලට විසඳුම් සපයන Kumarika, කාන්තාවන්ගේ ආත්ම විශ්වාසය ඉහළ නංවන්නට ද සහය වේ.  Kumarika සන්නාමයේ වර්ධනය වන නිෂ්පාදන පෙළ වන  Kumarika හෙයා ඔයිල්, shampoo සහ conditioner වෙත මෙම නව නිෂ්පාදන එක් වන්නේ සන්නාමයට වැඩි අගයක් එක් කරමිනි.

Kumarika හි පුළුල් නිෂ්පාදන පෙළ, නවතම  Kumarika Damage Repair, Hydrating, Strong Hair, සහ Healthy & Black shampoo සහ conditioner ප්‍රභේදයන්ගෙන් සමන්විත වේ.  ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින්  ශ්‍රි ලාංකේය හිසකෙස් සඳහාම විශේෂයෙන් නිපදවන ලද මෙම නවතම shampoo සහ conditioner නිෂ්පාදන පෙළ මගින් damage hair, dry and frizzy hair, breaking hair සහ dull hair යන ගැටලුවලට ගැළපෙන නිසි විසඳුම්  ලබා දෙයි. ශ්‍රී ලාංකිකයන්ගේ කොණ්ඩයට ගැලපෙන විශ්වාසදායක හා පරිපූර්ණ මෙන්ම ස්වභාවික හිසකෙස් රැකවරණ විසඳුම් ලබා දීමේ දේශීය සන්නාමයක් ලෙස Kumarika සිය සන්නාමයේ විශ්වාසය හා ස්ථාවරත්වය ශක්තිමත් කරමින් ඉදිරියට යයි. 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව