22 වැනි DSI Supersport පාසල් වොලිබෝල් ශූරතා තරගාවලිය සාර්ථකව අවසන් වේ

03 (LBN)

ග්‍රාමීය හා නාගරික පාසල් කේන්ද්‍ර කරගනිමින් වොලිබෝල් ක්‍රීඩාවේ යෙදී සිටින දක්ෂ දරුදැරියන් දිරිගන්වමින් ජාතික තලයට ඔසවා තබන්නට DSI සන්නාමය විසින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් වොලිබෝල් අනුකමිටුව සමග අත්වැල් බැඳගනිමින් සංවිධානය කරන ලද 22 වන DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අතිසාර්ථකව නිමාවට පත්විය. මෙවර තරගාවලියේ දිස්ත්‍රික් මට්ටමේ තරග සඳහා මුළු දිවයිනම නියෝජනය වන ආකාරයෙන් අති දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සැදුම් ලත් පාසල් වොලිබෝල් කණ්ඩායම් 4000 කට අධික ප්‍රමාණයක් සහභාගී වූහ.

 



 
නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල මෙවර තරගාවලියේ වයස අවුරුදු 11 න් පහල සහ 13 න් පහල කාණ්ඩයන්ගේ බාලක සහ බාලිකා ශූරතා 2 ම දිනාගැනීමට සමත්වීම විශේෂත්වයකි. තවද හුංගම විජයබා ජාතික පාසල 15න් පහල බාලිකා ශූරතාවය දිනාගත් අතර 15න් පහල බාලක ශූරතාවය නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල් කණ්ඩායම විසින් දිනාගැනීමත් මෙවර තරගාවලියේ කැපී පෙණින.

වයස අවුරුදු 17 න් පහල බාලිකා ශූරතාව ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසැල් කණ්ඩායම විසින් දිනාගත් අතර එම වයස් කාණ්ඩයේ බාලක ශූරතාවය නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසැලට හිමිවිය. 19 න් පහල බාලක ශූරතාවය රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය විසින් හිමිකරගත් අතර එම කාණ්ඩයේ බාලිකා ශූරතාව හුංගම විජයබා ජාතික පාසලට හිමිවිය.

රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ කේ. එස්. එම්. ඉඳුරංග තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස ගෞරවයට පාත්‍රවෙද්දී ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසලේ කේ. එම්. හර්ෂර්‍ණ නිසංසලා හොඳම ක්‍රීඩිකාවට හිමි කුසලානය හිමිකරගත්තාය.

22 වන DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය පිළිබඳ ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා අදහස් දක්වමින්  “ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව සංවර්ධනය කරන්නටත් මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවක් ජාතික මට්ටමට හඳුන්වා දීමටත් DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය මෙතෙක් සමත්ව තිබෙනවා. මෙම ශූරතාවලියේ ප්‍රධාන අරමුණ වන්නේ නාගරිකව මෙන්ම ග්‍රාමීය වශයෙන් දස්කම් දක්වන පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කොට ඔවුන් ජාතික මට්ටමට ඔසවා තැබීමත් ඒ හරහා යම් දිනෙක ජාත්‍යන්තරයේ ශ්‍රී ලාංකික නියෝජනයක් සනිටුහන් කිරීමයි. මෙම තරගාවලිය ශ්‍රී ලාංකික නව යොවුන් තරුණ ප්‍රජාව අතර වොලිබෝල් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට පමණක් නොව, පාසල් පාවහන් වෙළඳපොලේ ප්‍රමුඛයා ලෙස රැඳී සිටින DSI අපගේ ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමටද උපකාරී වී තිබෙනවා. වොලිබෝල් ක්‍රීඩාව නගාසිටුවීම වෙනුවෙන් අපට ශක්තියක් වූ තරගයට සහභාගී වූ සියළු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් විනිසුරුවරුන්ටත් නිලධාරීන්ටත් ස්වෙච්ඡා කාර්ය මණ්ඩලයටත් අප බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.” යැයි පැවසීය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව