Oplee Luxury Products විශිෂ්ටම රූපලාවණ්‍ය සන්නාමය ලෙස සම්මාන දිනයි

Oplee (LBN)

Oplee Luxury Products පසුගියදා ගම්පහදී පැවැති ව්‍යවසායකත්ව විශිෂ්ටතා 2023/2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සුඛෝපභෝගී රූපලාවණ්‍ය නිෂ්පාදන සන්නාමය ලෙස සම්මාන ලැබීය. CECD ආයතනය සංවිධානය කළ මෙම සම්මාන උළෙලේදී එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රදීප් මාපලගම මහතාද රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කළ සේවය වෙනුවෙන් විශිෂ්ට ව්‍යවසායකත්ව ගරු සම්මානයකින් පිදුම් ලැබුවේය. ශ්‍රී ලංකා රූපලාවණ්‍ය නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ උපදේශක කමිටුවේ සභාපති වශයෙන්ද කටයුතු කරන මාපලගම මහතා දේශීය සහ විදේශීය සම්මාන රැසක් දිනා ඇත.
 



 
Oplee සන්නාමයෙන් එන රූපලාවණ්‍ය නිෂ්පාදන උසස් ප්‍රමිතියේ ස්වාභාවික අමුද්‍රව්‍යවලින්  නිපදවා ඇත. ටී ට්‍රී ෆේස් වොෂ්, ස්කින් ග්ලෝ ෆෙයාර්නස් නයිට් ක්‍රීම්, බොඩි ලෝෂන්, මින්ට් ක්ලේන්සර් ඒ අතර වේ. එම නිෂ්පාදන කුරුලෑ, ලප, කැළැල්, වියළි සම, තෙල් සහිත සම, හිරු රශ්මියෙන් වන බලපෑම් වැනි ගැටලු රැසකට නොවරදින විසඳුමකි. ලැවෙන්ඩර් තෙල්, රෝස්මේරි තෙල්, සුපිරිසුදු පොල් තෙල්, කහ, තේ තෙල්, මින්ට් තෙල්, කෝමාරිකා සාරය, ශියර් බටර්, ජොජොබා තෙල් වැනි ස්වාභාවික අමුද්‍රව්‍යවලින් නිපදවන Oplee නිෂ්පාදන දිදුළන, පැහැපත් සමක් ඇති කරයි. මෙම සියලු නිෂ්පාදනවලට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ඇති අතර GMP සහ ISO 9001-2015 වැනි ප්‍රමිතිවලට අනුව නිපදවයි. Oplee සමාගම පාරිභෝගිකයන්ට පහසුව සහ සාධාරණ මිලක් සහතික කරයි. දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට cash-on-delivery ක්‍රමයට අමතර ගාස්තු රහිතව එම නිෂ්පාදන ගෙන්වා ගැනීමට පහසුකම් සළසා ඇත. ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතය, විශිෂ්ට පාරිභෝගික සේවාව, සාධාරණ මිල ගණන් නිසා Oplee සමාගමේ නිෂ්පාදන සඳහා ඇත්තේ විශාල ඉල්ලුමකි. ෆේස්බුක් සහ ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය ජාල හරහාද පාරිභෝගිකයන් සමඟ සම්බන්ධ වන Oplee සමාගම විවිධ රූපලාවණ්‍ය රහස්, නිෂ්පාදන පිළිබඳ තොරතුරු, විශේෂ වට්ටම් පාරිභෝගිකයන්ට සපයයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව