හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජේරත්න දකුණු අප්‍රිකාවේදී රිදී පදක්කම දිනති

IMG-20241202-WA0032 (LBN)

ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලි ත්‍රිත්වයකට සහභාගි වීම සඳහා අප්‍රිකානු මහාද්වීපයේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකාවේ කාන්තා විවෘත යුගල බැඩ්මින්ටන් පිටියේ විශිෂ්ටතම යුගලය වන හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජේරත්න එම සංචාරයේ තුන්වැනි තරගාවලිය වූ දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශුරතාවලියේ රිදී පදක්කම දිනා ගැනීමට සමත්වූහ.

කේප් ටවුන් නුවර ඇක්සස් පාක් හි ජෝන් ටයර්ස් ශාලාවේ පැවැති මෙම තරගාවලියේ කාන්තා යුගල අවසන් මහා තරගයට එක්වූ හසිනි සහ හසාරා දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් වන ඇමී ඒකර්මන් සහ ඩයිඩ්‍රි ලොරේන්ස් හමුවේ ලකුණු 21-14ක් සහ 21-14ක් ලෙස පරාජයට පත්වීමෙන් රිදී පදක්කමෙන් සෑහීමකට පත්වූහ.

 



 
ඒ අනුව පසුගිය නොවැම්බර් මාසයේ 14 වැනිදා සිට දෙසැම්බර් 1 වැනිදා දක්වා පැවැති  අප්‍රිකානු මහාද්වීපයේ දීර්ඝ සංචාරයේ තරගාවලි ත්‍රිත්වයේදි රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට හසිනි සහ හසාරා සමත්වූහ.

එම සංචාරයේ පළමු තරගාවලිය ලෙස සැම්බියා ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගත් මෙම යුගලය පසුගියදා බොට්ස්වානා හි පැවැති ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියේදී රන් පදක්කම දිනාගනු ලැබුවේ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනකු ලෝක බැඩ්මින්ටන් සම්මේලන තරගාවලියක යුගල ශූරතාව දිනාගත් පළමු අවස්ථාව ඉතිහාසයට එක් කරමිනි. එම තරගාවලියේ කාන්තා යුගල අවසන් මහා තරගයේදී 21-18ක් සහ 22-20ක් ලෙස ඔවුන් වෙතින් පරාජයට පත්වූයේ දකුණු අප්‍රිකානු තරගාවලියේ කාන්තා යුගල රන් පදක්කම දිනා ගත් ඇමි ඒකර්මන් සහ ඩයිඩ්‍රි ලොරේන්ස් ක්‍රීඩිකාවෝ වෙති.

 
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 + 9 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව