John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.

JKP & Union Bank ZERO-DOWN (LBN)

John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව ජා-ඇළ පිහිටි VIMAN නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ නිවාස සඳහා එහි ගැනුම්කරුවන් වෙත අසමසමවූ ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම පිරිනැමීමට සාඩම්බරව ඉදිරිපත්වී ඇත. මෙම අද්විතීය මූල්‍ය විසඳුම දෙපාර්ශවයේ ප්‍රධානීන් විසින් පළමු වරට ආරම්භ කරනු ලැබූවේ නිවාස හිමිකාරීත්වය සඳහා වඩාත් පහසු ප්‍රවේශයක් සලසා දීමටය. මෙය ගැනුම්කරුවන්ට ජා-ඇළ VIMAN හි තම නිවහන පෙර ගෙවීමකින් තොරව මිලදී ගැනීමට ඉඩ සලසා දෙනු ලබන සුවිශේෂී මූල්‍ය විසඳුම් මාදිලියකි. Union බැංකුව, Zero Down මූල්‍ය විසඳුම හරහා ගනුදෙනුකරුනවන් වෙත ව්‍යාපෘති මුදලෙන් 75%ක් මූලිකව ලබා දෙන අතර, මූල්‍ය සැලසුමකට අනුව අදියර වශයෙන් එම මුදල් ලබා දීම සිදු කරයි. ඒ අනුව ගනුදෙනුකරුනවන් බැංකුව විසින් ලබා දෙනු ලබන මුදල සඳහා ව්‍යාපෘති කාල සීමාව ඇතුළත මාසිකව සමාන වාරික ගෙවීමට පියවර ගතයුතුවේ. ව්‍යාපෘතිය අවසානයේදී, ආසන්න වශයෙන් වසර දෙකකින් ගනුදෙනුකරුවන්ගේ අවසාන ගෙවීම ලෙස ඔවුන්ගේ 25% කොටසක් John Keells Properties සමාගම වෙත සෘජුවම දායකවනු ඇත.
 



 

John Keells Properties සමාගම සහ Union බැංකුව විසින් හඳුන්වාදෙනු ලබන ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හුදෙක් මූල්‍ය ප්‍රථිලාබයක් පමණක් නොව, එය ආරක්ෂිතබව සහ අවස්ථාවන් පිළිබඳව සහතික වෙමින් ජා-ඇළ VIMAN හි නිවාස වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි, පෙර අත් නොවිඳි අත්දැකීමක් සහිතව දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය පරිවර්තනීය වෙනසකට ලක් කිරීමට අරමුණු කරයි. තරුණ වෘත්තිකයන් සහ පවුල් අතර නම්‍යශීලී හා සාධාරණ මූල්‍ය විසඳුම් සඳහා පවතින ඉල්ලුම ඉහළ යමින් පැවතීම හේතුවෙන් මෙම අද්විතීය වූ මූල්‍ය විසඳුම් සහිත නිවාස හිමිකම් අවස්ථාව තීරණාත්මක අවධියකට පැමිණ තිබේ. ZERO-DOWN මූල්‍ය සැලසුම හරහා ජා-ඇළ VIMAN හි නිවාස අපේක්ෂාවන් සඳහා කිසිදු ආකාරයේ පෙර මුදල්  ගෙවීමකින් තොරව තම නිවහන සුරක්ෂිතව වෙන් කර ගැනීමට හැකි වේ. එමෙන්ම සාම්ප්‍රදායිකව ගැනුම්කරුවන් අධෛර්යට පත් කරන මූලිකව ගෙවීමේ මූල්‍ය බාධාවන් ඉවත් කරමින්, ගැනුම්කරුවන්ට ඔවුන්ගේ මූල්‍ය සැලසුම්කරණ කටයුතු සඳහා පැහැදිලිබවක් සහ විශ්වසනීයත්වයක් ගොඩනගමින් ඒ සඳහා ප්‍රවේශ වීමට සහය ලබා දේ.

John Keells Properties සමාගමේ විකුණුම් හා අලෙවි ප්‍රධානී සහ John Keells Group හි උප සභාපති නදීම් ශම්ස් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “ZERO-DOWN මූල්‍ය විසඳුම හරහා ශ්‍රී ලංකාවේ නිවාස හිමිකාරීත්වය පිළිබඳව දිගු දැක්මක් සහිත ප්‍රවේශයක් ඉදිරිපත් කරනවා. පෙර මුදල් ගෙවීම් හරහා අරමුණක් සහිත ගැනුම්කරුවන් පවා අධෛර්යමත් වන අයුරු අපි අත්දැක තිබෙනවා. ZERO-DOWN මූල්‍ය විසඳුම සමගින් අපි ශ්‍රී ලාංකිකයින්ට ජා-ඇළ VIMAN හි නිවසක් කඩිනමින් සහ වැඩි මූල්‍ය සහනයක් හරහා ලබා ගැනීමට අවස්ථාව සලසා දෙනවා. මෙම නව ආරම්භය සමගින්, නව ලොවක් නිර්මාණය කිරීමේ සමගමෙහි දැක්ම මත පදනම්ව අපගේ වර්ධනයන් පමණක් නොව, මිනිසුන්ට ඔවුන්ගේ නිවාසක හිමිකම අත්කර දීම දක්වා John Keells Properties සමාගම විසින් කරනු ලබන කැපවීම මනාව පිළිබිඹු වෙනවා.”

Union බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනි (Retail Banking) චායා ජයවර්ධන මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය. “සැබෑ පරිවර්තනීය වෙනසක් සහිත මූල්‍ය විසඳුමක් වන ZERO-DOWN හඳුන්වා දීම සඳහා John Keells Properties සමාගම සමග සහයෝගයෙන් කටයුතු කිරීමට හැකි වීම පිළිබඳව Union බැංකුව සතුටු වෙනවා. මෙම ආරම්භය තුළින්, මූලිකව මුදල් ගෙවීමේ අපහසුතාවයක් නොමැතිව, ජා-ඇළ VIMAN හි තමන්ගේ නිවස සුරක්ෂිතව වෙන් කර ගැනීමට අවශ්‍ය නම්‍යශීලීභාවය සහ විශ්වාසය, ගැනුම්කරුවන්ව බලගන්වනු ලබනවා. එය වෙනස් වන මූල්‍ය දර්ශනයන්ට සහ අපගේ ගනුදෙනුකරුවන්ගේ වෙනස්වන අවශ්‍යතාවයන්ට සෘජු ප්‍රතිචාරයක්.”

ජා-ඇළ VIMAN නිවාස ව්‍යාපෘතිය පිළිබඳව

අක්කර 6ක් පුරා විහිදී පවතින භූමියෙන් 65%ක් විවෘත අවකාශයන් සහ පහසුකම් වෙනුවෙන් වෙන් කර ඇති ජා-ඇළ VIMAN නිවාස ව්‍යාපෘතිය 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී ආරම්භයේ සිට බුද්ධිමත් නිවාස ගැනුම්කරුවන්ගේ සහ ආයෝජකයින්ගේ අවධානය ඉක්මනින්ම දිනා ගැනීමට සමත්වුණි. නිවාස ව්‍යාපෘතියේ පළමු සහ දෙවන අදියරවල මහල් නිවාසවලින් 80% කටත් වැඩි නිවාස ප්‍රමාණයක් මේවන විටත් විකුණා අවසන්ව ඇති අතර, එය ප්‍රජාවට නැරඹීමට සුදුසුම කාලය මෙය වේ. ජා-ඇළ නගර මධ්‍යයේ පිහිටා ඇති VIMAN නිවාස ව්‍යාපෘතිය ජා-ඇළ, කොළඹ හා කටුනායක අධිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 10ක පමණ දුරින් ඉතා සමීප ප්‍රවේශයක් ලබා දෙන අතර ජා-ඇළ සහ කොළඹ අතර මිනිත්තු 30 ක පමණ වූ ඉතා පහසු කෙටි ගමන් කාලයක් සහතික කරයි. සශ්‍රීක වූ හරිත උයනක් කේන්ද්‍ර කර ගනිමින් පිහිටි VIMAN හි  භාවනා මධ්‍යස්ථාන, ළමා ක්‍රීඩා පිටි, එළිමහන් ක්‍රීඩාංගණ සහ බයිසිකල් පැදීම හා ඇවිදීම සඳහා වූ මංතීරු ඇතුළුව මනාව සැලසුම් කර ඇති පහසුකම් 15කට අධික ප්‍රමාණයක් සමගින්, පදිංචිකරුවන්ට ජීවත්වීමට සුදුසු පරිසර හිතකාමී වටපිටාවක් සහ පවුල් සඳහා සමෘද්ධිමත් පරිසරයක් නිර්මාණය කර දීමට සමත්ව ඇත.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + twenty =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව