SLIIT, Times Higher Education World University Rankings 2025 හි, ශ්‍රී ලංකාවේ අංක 01 රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලය ලෙසත්, ජාතික මට්ටමින් 03 වන ස්ථානයටත් එක්වෙයි!

434040709_827429279409297_891336442979968053_n (LBN)

 අප රිදී ජුබිලිය සමරමින්, වසර 25ක් වැනි කෙටි කාලයක් තුළදී මෙම විශිෂ්ට වූ ජයග්‍රාහණය අත්කර ගෙන ඇත.

SLIIT (ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය) සිය අධ්‍යාපනික විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කරමින්, දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල අතරින් 3වන ස්ථානයට එක්ව,  ශ්‍රී ලංකාවේ අංක 1 රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයට හිමි කිරුළ දිනා ගනිමින් අසමසම වූ ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත්ව ඇත.

ලොව පිළිගත් Times Higher Education World University Rankings 2025 ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පෙර අත්නොදුටු මිණුම් ලකුණක් සනිටුහන් කරමින් SLIIT, විවිධ කර්මාන්ත ක්ෂේත්‍රයන් කේන්ද්‍ර කරගත් උපාධි පාඨමාලා සඳහා ශ්‍රී ලංකාවේ අංක 1 රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලය බවට පත්වෙමින් අසමසම වාර්තාවක් පිහිටුවා ඇත. ජාත්‍යන්තර ආයතනයක් මගින් කරනු ලබන මෙම ශ්‍රේණිගත කිරීම තුළින් SLIIT ආයතනය විසින් නවීන ලෝකයේ විවිධ රැකියා ක්ෂේත්‍රයන්ට අදාල නව තාක්ෂණික දැනුම, ක්‍රම ශිල්ප සහ කුසලතා මෙන්ම ආකල්ප වැඩි දියුණු කිරීමෙහිලා පුරෝගාමියෙකු ලෙස ක්‍රියාකරන ආකාරය මනාලෙස පිළිබිඹු වේ.
 



 
Times Higher Education World University Rankings ශ්‍රේණිගත කිරීම් ගෝලීය උසස් අධ්‍යාපනයේ වඩාත් පුළුල් සහ සමබර සැසඳීමක් සිදුකරනු ලබන ශ්‍රේණිගත කිරීමක් වශයෙන් වඩාත් පිළිගැනීමට පත්ව තිබේ. ඒ අනුව ලොව හොඳම විශ්වවිද්‍යාලවල නිශ්චිත ලැයිස්තුවක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතරින් 3වන ස්ථානයට එකතු වූ SLIIT කෙරෙහිද විශ්වසනීය පිළිගැනීම හිමිව ඇත.

මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා ඉගැන්වීම, පර්යේෂණ, ජාත්‍යන්තර දැක්ම, දැනුම හුවමාරු කිරීම සහ කර්මාන්ත සබඳතා තුළින් විශ්වසනීය වූ අවබෝධයක් ලබා දීමට සැලකියයුතු මට්ටමේ තෝරාගත් කාර්ය සාධන දර්ශක භාවිතා කරනු ලබයි. ආයතනයක කාර්ය සාධනය පිළිබඳ සමස්ත දැක්මක් ඉදිරිපත් කරමින් අවසාන ශ්‍රේණිගත කිරීම් තීරණය කිරීම සඳහා මෙම දර්ශක මත නිසි බර තැබීමක් කර තිබේ.

මෙම සුවිශේෂී වූ ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් SLIIT හි උපකුලපති හා ප්‍රධාන විධායක නිලධාරී, මහාචාර්ය ලලිත් ගමගේ මෙසේ අදහස් පැවසීය. ”Times Higher Education World University Rankings 2025 ශ්‍රේණිගත කිරීම් අතරට එක්වෙමින්, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතරින් 3 වැනි ස්ථානයට SLIIT එකතු වීම ගැන මට ඇත්තේ විශාල ආඩම්බරයක්. ශාස්ත්‍රීය විශිෂ්ටත්වය අතින් ශ්‍රී ලංකාවේ දිගු කලක් පුරාවට පිළිගැනීමට ලක්වූ මොරටුව, ජයවර්ධනපුර සහ කැලණිය වැනි විශ්වවිද්‍යාල සමගින් එක්ව සිට ගැනීමට අපටද අවස්ථාව ලැබී තිබෙනවා. බොහෝ කීර්තිමත් විශ්වවිද්‍යාල අභිබවා යමින් SLIIT, මේ වන විට ජාත්‍යන්තර මට්ටමේ ශ්‍රේණිගත කිරීමේ ආයතනයකින්, ශ්‍රී ලංකාවේ අංක 1 රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලය බවට පත්වී තිබෙනවා. ඒ වගේම විවිධ ක්ෂේත්‍රයන් මත පදනම් වූ උපාධි පාඨමාලා ඉදිරිපත් කිරීම සඳහා වන ප්‍රමුඛතම ආයතනය ලෙසත් SLIIT පිළිගැනීමට පාත්‍ර වී තිබෙනවා. මෙම සන්ධිස්ථානය කරා ළඟ වීමට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය, පර්යේෂණ පැතිකඩ සහ තාක්ෂණික කර්තව්‍යන් තුළින් සමාජයට අර්ථවත් දායකත්වයක් ලබා දීමට අප ලබාදුන් කැපවීම සාධනීය ලෙස බලපානවා. අධ්‍යයන සාර්ථකත්වයන්ගෙන් එහාට අප සිසුන්ගේ අත්දැකීම් වැඩි දියුණු කිරීමට කැපවී ක්‍රියා කළා. ඒ වගේම ඔවුන්ට ගෝලීය වශයෙන් පිළිගත්, අනාගත දැක්මක් සහිත, කර්මාන්ත සඳහා බලගැන්වූ අධ්‍යාපනයක් සහතික කරමින් ඔවුන් නිරතුරුව වෙනස්වන ලෝකය සඳහා හොඳින් සූදානම් කිරීමට අප කැපවී කටයුතු කළා. මෙම ජයග්‍රහණය අපගේ සියලුම විද්වතුන්, සිසුන්, කාර්ය මණ්ඩලය සහ අප වටා සිටින ප්‍රජාවගේ සාමූහික උත්සාහයක ප්‍රතිඵලයක්. එම සාමූහික උත්සාහය තුළින් වඩා හොඳ අවස්ථා සහ සාර්ථක වූ  අනාගතයක් කරා අපව රැගෙන යනු ලබනවා.”

මෙම ශ්‍රේණිගත කිරීම සඳහා SLIIT ආයතනය ඇතුළත් කිරීම තුළින්, අනාගත පරපුරේ විද්වතුන් බලගැන්වීමට හා විශිෂ්ට ඉගැන්වීම් සහ පර්යේෂණ කිරීමට SLIIT ආයතනය විසින් කරනු ලබන කැපවීම මැනවින් විදහා දැක්වේ. තවද, ශ්‍රම වෙළඳපලට දායක වීමට සහ ජන සමාජයට වැඩදායී සාර්ථක සහ උසස් මට්ටමේ පශ්චාත් උපාධි පර්යේෂණ ගණනාවක් සඳහා අවැසි පහසුකම් සැලසීමට ආයතනය මඟින් දෙනු ලබන දායකත්වය ද මෙම ශ්‍රේණිගත කිරීම හරහා පැහැදිලිව පෙන්නුම් කරයි.

SLIIT ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය උපකුලපති සහ ප්‍රධානී, මහාචාර්ය නිමල් රාජපක්ෂ මේ පිළිබඳව වැඩිදුරටත් මෙසේ අදහස් දැක්විය. ” Times Higher Education World University Rankings 2025 ශ්‍රේණිගත කිරීම් තුළින් ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල අතරින් 03 වන ස්ථානයට එකතුවීමට හැකිවීම ගැන අපි අතිශයින් ආඩම්බර වෙනවා. අධ්‍යයන විශිෂ්ටත්වය, පර්යේෂණ නවෝත්පාදනයන්, ශක්තිමත් කර්මාන්ත සහයෝගීතාවයන් සහ ගෝලීය වශයෙන් එක්ව කටයුතු කිරීම සඳහා SLIIT හි නොසැලෙන කැපවීම මෙම ජයග්‍රහණය තුළින් පෙන්නුම් කරනවා. අපගේ ගෝලීය පැවැත්ම සහ සහයෝගීතාවයන් තවදුරටත් අඛන්ඩව වැඩිදියුණු කර ගනිමින්, අනාගත පරපුරේ නායකයින් සංවර්ධනය කිරීමටත්, ශ්‍රී ලාංකීය සමාජයට සහ පුළුල් ගෝලීය ශාස්ත්‍රීය ප්‍රජාවට අර්ථවත් දායකත්වයක් ලබා දීමටත් අපි කැපවී කටයුතු කරනවා. ”

මෙම ශ්‍රේණිගත කිරීම් පිළිබඳව තම සතුට පළ කරමින් SLIIT හි ශාස්ත්‍රීය අධ්‍යයන කටයුතු පිළිබඳ සහකාර උපකුලපති, මහාචාර්ය රාහුල අතලගේ මෙසේ පැවසීය.  ”අපගේ අධ්‍යයන පාඨමාලා, පර්යේෂණ සහ කර්මාන්ත සබඳතාවල ගුණාංග ශක්තිමත් කිරීමට අප සෑම උත්සාහයක්ම ගෙන තිබෙනවා. ආයතනික විශිෂ්ටත්වය රඳා පවත්වා ගැනීම වෙනුවෙන් අපි කරනු ලැබූ කැපවීම, Times Higher Education World University Rankings 2025 ශ්‍රේණිගත කිරීම් තුළ ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල අතරින් SLIIT 3වන ස්ථානයට එකතු වීමට හේතු වූවා.”

අනාගතයෙදී SLIIT, සිය අධ්‍යාපනික සහ පර්යේෂණ හැකියාවන් තවදුරටත් වැඩිදියුණු කිරීමට සහ උසස් අධ්‍යාපන කටයුතු  සඳහා විදෙස්ගතවන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් තරගකාරී විකල්පීය අවස්ථාවක් සලසා දීම සඳහා මැනවින් ස්ථානගත කිරීමට කැපවී කටයුතු කරයි.

ඉදිරි වසරවලදී සමාජයට වඩා විශාල දායකත්වයක් ලබා දීමේ අපේක්ෂාව ඇතිව SLIIT හි ආයතනික විශිෂ්ටත්වයේ වේදිකාව ඉහළ මට්ටමකින් වර්ධනය කර ගැනීමටත්, එහි වර්තමාන තත්ත්වය ද තවදුරටත් උසස් අන්දමින් ශක්තිමත්ව පවත්වාගෙන යාමටත් SLIIT ආයතනයේ අරමුණ වී තිබේ.

SLIIT ආයතනයේ නවතම ශ්‍රේණිගත කිරීම් පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට උපාධි පාඨමාලා පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා www.sliit.lk යන වෙබ් අඩවියට පිවිසෙන්න.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව