SUCCEED DESIGN සමාගම සිය නව වෙබ් අඩවිය දියත් කිරීම සඳහා SLT-SERVICES සමඟ ගිවිසුම්ගත වෙයි

Group Photo - SUCCEED DESIGN collaborates with SLT-SERVICES

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ Interior Design සමාගමක් වන SUCCEED DESIGN, තම නව වෙබ් අඩවිය (succeeddesign.lk) දියත් කිරීම සඳහා මෙරට පුරෝගාමී ඩිජිටල් සේවා සම්පාදන සමාගමක් වන SLT-SERVICES සමඟ පසුගියදා ගිවිසුම්ගත විය. මෙම හවුල්කාරීත්වයේ අරමුණ වන්නේ, SUCCEED DESIGN හි නිර්මාණශීලිත්වය, නවෝත්පාදනය සහ පාරිභෝගික තෘප්තිය සඳහා වූ කැපවීම පිළිබිඹු කරන වෙබ් අඩවියක් නිර්මාණය කිරීම, එහි ඩිජිටල් පැවැත්ම වැඩිදියුණු කිරීම සහ ආකර්ශනීය පරිශීලක අත්දැකීමක් ලබා දීමයි.
 



 
SUCCEED DESIGN සමාගම යනු තම සේවාදායකයන්ගේ පෞද්ගලික හෝ සන්නාම අනන්‍යතා මැනැවින් නිරූපණයවන පරිදි අභ්‍යන්තර නිර්මාණකරණ කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විශාල කීර්තියක් දිනා සිටින සමාගමකි. එම සමාගම පිරිනමන සේවා මෙන්ම සමාගමේ නිර්මාණකරණ දර්ශනය සහ නිපුණත්වය පිළිබඳව සේවාදායකයන්ට පැහැදිලි අවබෝධයක් ලැබෙන ආකාරයට නව වෙබ් අඩවිය සැලසුම්කර තිබේ.

SLT-SERVICES යනු Sri Lanka Telecom PLC හි අනුබද්ධ සමාගමකි. එම සමාගම වෙබ් නිර්මාණකරණය, SEO සහ ඩිජිටල් අලෙවිකරණය සම්බන්ධයෙන් විශේෂඥ පළපුරුද්දක් ඇති සමාගමක් ලෙස සැලකේ. විශේෂයෙන්ම ව්‍යාපාරවලට අන්තර්ජාලය තුළ සාර්ථක වීම සඳහා උපකාරීවන ඉහළ ගුණාත්මකභාවයකින් යුත්, පාරිභෝගික කේන්ද්‍රීය වෙබ් අඩවි නිර්මාණය කිරීමට SLT-SERVICES කැප වී සිටී. මේ නිසා නව හවුල්කාරීත්වය ඔස්සේ තම ඩිජිටල් හැකියා වැඩිදියුණු කරගනිමින් නව ජාත්‍යන්තර වෙළඳපොළවලට පවා පිවිසීමට SUCCEED DESIGN සමාගමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගිවිසුම අත්සන් කළ අවස්ථාවේදී මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් සමාගම් දෙකේම ප්‍රධානීහු සතුට පළකළහ. Succeed Interiors හි කළමනාකාර අධ්‍යක්ෂ දිනේෂ් නාකන්දල මහතා, සමාගම මඟින් ලබාගත හැකි සේවා ප්‍රදර්ශනය කිරීමේදී සහ පාරිභෝගිකයන් සමඟ සම්බන්ධ වීමේ දී වෙබ් අඩවිය මගින් ඉටුවන කාර්යභාරයෙහි වැදගත්කම අවධාරණය කළේය. SLT-SERVICES හි ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරී උපුල් මංචනායක මහතා පෙන්වා දුන්නේ, ව්‍යාපාර මෙහෙයුම් පෙරළියකට ලක්කරමින් නව වෙළඳපොළවල් වෙත ව්‍යාප්ත වීමට අවස්ථා සලසා දීම සඳහා මෙම හවුල්කාරීත්වයට හැකියාව ඇති බවයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව