ශ්‍රී ලංකාවේ මාංශ නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයෙකුවන නිව් ඇන්තනීස් සමූහයේ සත්ත්ව ආහාර නිෂ්පාදන අංශය පසුගියදා ISO 22000:2018 තත්ත්ව සහතිකය හිමිකරගැනීමට සමත්විය. උසස් තත්ත්වයේ, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර සත්ත්ව ආහාර තම ගොවිපොළ සතුන්ට ලබාදීම වෙනුවෙන් සමාගමට මෙම ප්‍රමිති සහතිකය හිමිව තිබේ.
හුදෙක් සමාගම මගින් නිෂ්පාදනය කරනු ලබන මාංශ ආහාරවල ගුණාත්මකභාවය සහ සෞඛ්‍යාරක්ෂිත බව මෙන්ම තම ගොවිපොළ ක්‍රියාකාරකම් තුළ තිරසර සහ පරිසර හිතකාමී භාවිතාවන් යොදාගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කිරීඹට සමාගම දක්වන කැපවීම ද මෙම තත්ත්ව සහතිකය හරහා පිළිබිඹු වීම විශේෂත්වයකි.
2022 වසරේදී මෙරට උසස් ප්‍රමිතියේ සත්ත්ව ආහාර නිෂ්පාදන සමාගමක් වූ ගෝල්ඩ් කොයින් ෆීඩ් මිල්ස් ලංකා සමාගම අත්පත්කරගනිමින්, සත්ත්ව ආහාර නිෂ්පාදන අංශය වෙත නිව් ඇන්තනීස් සමූහයේ ව්‍යාපාර කළඹ ප්‍රසාරණය කිරීම වැදගත් සන්ධිස්ථානයක් විය. මේ හරහා මාංශ ආහාර නිෂ්පාදන දාමයේ සෞඛ්‍යාරක්ෂිතබව තහවුරු කරගනිමින්, වැඩි විවිධත්වයකින් යුත් සහ විස්තීර්ණ නිෂ්පාදන සහ විසඳුම් රැසක් නිර්මාණය කරගැනීමට සමාගමට හැකියාව ලැබුණි.
ISO 22000:2018 සහතිකය හිමිවීම හරහා අපගේ මාංශ නිෂ්පාදනවල මෙන්ම ගොවිපළ සත්ත්ව ආහාරවල ගුණාත්මකභාවය වෙනුවෙන් අප සතු කැපවීම පෙන්නුමේ කෙරෙනවා. ඒ අනුව, අන් කවරදාටත් වඩා වෙළෙඳපොළ වෙත පරිපූර්ණ සහ පරිසර හිතකාමී මාංශ නිෂ්පාදන විසඳුම් ඉදිරිපත් කිරීමට අපට හැකිවී තිබෙනවා, යනුවෙන් මේ පිළිබඳ අදහස් දක්වමින් නිව් ඇන්තනීස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා ප්‍රකාශ කළේය.
පසුගිය මාස කිහිපය තුළ නිව් ඇන්තනීස් සමූහයේ සත්ත්ව ආහාර නිෂ්පාදන අංශය නවෝත්පාදනය සහ තිරසරභාවය පදනම් කරගත් වේගවත් වර්ධනයක් අත්පත්කරගැනීමට සමත්විය. විශේෂයෙන්ම සමාගමේ හරිත වටිනාකම් අනුව යමින්, පරිසර හිතකාමී සහ ප්‍රතිජීවක රහිත මාංශ ආහාර නිෂ්පාදනය වෙනුවෙන් දායකත්වය සැපයීමට ඊට හැකිවිය. ISO 22000:2018 සහතිකය හිමිවීම ද එහි ප්‍රතිඵලයකි.
සෙසු කර්මාන්ත ඇගයුම් සහ තිරසර ප්‍රවේශයන්ට අමතරව, FSSC 22000 සහතිකය හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම මාංශ ආහාර නිෂ්පාදකයාවන නිව් ඇන්තනීස් සමූහය, තවදුරටත් මෙරට මාංශ නිෂ්පාදන කර්මාන්තය තුළ සෙසු සමාගම්වලට ද ආදර්ශයක් වෙමින් පෙරමුණ ගෙන කටයුතු කිරීමට කැපවී සිටියි. —