රසාංජ පෙරේරා CFA, මහතා, TWC Capital සමාගමේ නව ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කෙරේ

1. Rasanja Perera - CEO, TWC Capital Pvt Ltd

–              TWC Capital පුද්. සමාගම (“TWC Capital”), TW Corp පුද්. සමාගම (“TWC”)  යටතේ ස්ථාපනය කරන   ලද සමාගමක් වන අතර එය සමාගම් සඳහා මූල්‍ය උපදේශන සේවාවන් සපයයි.

–              TWC Capital වර්තමානය වන විට ඇමරිකන් ඩොලර් මිලියන 200කට අධික වටිනාකමකින් යුත් දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාර ඒකාබද්ධකිරීමේ හා පවරාගැනීමේ ක්‍රියාවලි සඳහා ගනුදෙනු උපදේශකයෙකු ලෙස සේවා සපයමින් සිටියි.

–              TWC Capital රාජ්‍ය ව්‍යවසාය ද්විත්වයක (2) වටිනාකම් අලෙවිකිරීමේ ක්‍රියාවලීන් හි ප‍්‍රධාන ගනුදෙනු උපදේශකවරුන් සමඟ සබැදිව කටයුතු කිරීම සඳහාද පත්කොට ඇත.

කොළඹ, ලංකාව, ඔක්තෝබර් 2024 – ලංකාවේ ප‍්‍රමුඛපෙළේ සමාගම් උපදේශන ආයතනයක් වන TWC Capital සිය නව ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස රසාංජ පෙරේරා CFA, මහතා පත්කර ඇතිබව අද දින නිවේදනය කරනු ලැබීය. TWC Capital ආයතනය, ව්‍යාපාරික ඒකාබද්ධකරණය හා පවරාගැනීම සඳහා ගනුදෙනු උපදේශන සේවා සපයන අතරම වත්කම් හා ණය ප‍්‍රාග්ධන සම්පාදනය සඳහා ව්‍යාපාර මූල්‍ය උපදේශනය, ව්‍යාපාර තක්සේරුකරණය සහ ණය ප‍්‍රතිව්‍යූහගතකරණය යන සේවාවන් ද සපයයි.
 



 

රසාංජ පෙරේරා මහතා මෙම පත්වීමට පෙර TWC හි ආයෝජන පිළිබඳ ජේෂ්ඨ උප සභාපති ලෙස ඉතා සාර්ථක කාර්යභාරයක් ඉටුකරන ලද අතර ඔහුගේ උපායමාර්ගික නායකත්වය සහ විශේෂඥ දැනුම හේතුවෙන් ආයතනයේ වර්ධනය හා ක්‍රියාකාරීත්වය ඉහළම තලයකට ගෙන ඒමට මඟ පෑදුනි.

TW Corp පුද්ගලික සමාගමේ නිර්මාතෘ සහ සභාපති තිලාන් විජේසිංහ මහතා මෙම පත්කිරීම පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ, “රසාංජ, ව්‍යාපාරික මූල්‍යකරණය හා ජාත්‍යන්තර ගනුදෙනු සම්බන්ධයෙන් දක්වා ඇති සුවිශේෂී කාර්‍යසාධනය මෙන්ම ඔහු සතු උපායමාර්ගික සහ නායකත්ව කුසලතාවය යන සාදක හේතුවෙන් TWC Capital ආයතනය, එහි සංවර්ධනයේ මීළග අදියර දක්වා මෙහෙයවීමේ වගකීමට ඔහු පත්කෙරුණු බවයි. එමෙන්ම පසුගිය කාලය පුරා TWC හි සුවිශේෂී සන්ධිස්ථානයන් සපුරාගැනීම සඳහා ඔහුගේ දායකත්වය කැපී පෙනුණු අතර අපගේ මෙහෙවර වන ඉහළම තලයේ උපදේශන සේවා සැපයීමේ හා ආයෝජන බැංකුකරණ සේවා සපයන්නෙකු බවට පත්වීමේ කාර්යය වඩා පුලුල් කිරීම සඳහා ඔහුගේ විශේෂඥභාවය ඉවහල් වනු නිසැක බවයි.”

රසාංජ පෙරේරා CFA,ක්‍ත්‍්ලදක්වා ඇති සුවිශේෂී කාර්් මහතා, ව්‍යාපාරික මූල්‍ය උපදේශන සේවයේ වසර 17කටත් වැඩි අත්දැකීම්වලින් සමන්විත අතර TWC ආයතනයට සම්බන්ධ  වීමට පෙර ප‍්‍රමුඛපෙළේ මූල්‍ය ආයතන රැසක ජේෂ්ඨ තනතුරු හොබවා තිබේ. එම තනතුරු අතර Global Rubber Industries හි ව්‍යාපාර මූල්‍ය කළමනාකරු, CIMB ආයෝජන බැංකුවේ සහකාර අධ්‍යක්ෂක හා රිචඞ් පීරිස් සහ සමාගමේ PLC නියෝජ්‍ය සමූහ භාණ්ඩාගාරික යන තනතුරුද වෙයි. එහිදී හෙතෙම ප‍්‍රාග්ධන සම්පාදන කළමනාකරණය, ආයෝජන උපායමාර්ග සහ ප‍්‍රධාන ව්‍යාපාර ඒකාබද්ධකරණ හා පවරාගැනීමේ ගනුදෙනු ආදී ක්ෂේත‍්‍රයන්හි නිපුණතා පෙන්වා තිබේ. විශේෂයෙන්ම CIMB හි ව්‍යාපාර මූල්‍ය ප‍්‍රධානී ලෙස 2013 වසරේ දී TPG Capital වෙත කොළඹ යූනියන් බැංකුවේ බහුතර ව්‍යාපාරික කොටස් පවරාගැනීම සඳහා මූල්‍ය උපදේශන සේවා ලබාදුන් අතර එමගින් ඉතා සංකීර්ණ මූල්‍යමය ගනුදෙනු ඵලදායී කරගැනීමට ඇති විශේෂඥභාවය මැනවින් විශද කරයි.

මෙම පත්වීම පිළිබදව අදහස් දක්වමින් නව ප‍්‍රධාන විධායක නිලධාරී රසාංජ පෙරේරා CFA, මහතා මෙසේ පැවසීය. “ඇත්තෙන්ම TWC Capital හි ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කිරීමට ලැබීම විශාල ගෞරවයක් ලෙස මා සළකනවා. අප ආයතනයේ ශක්තිමත් අඩිතාලම මත විශ්වාසය තබමින් TWC හි උපායමාර්ගික ප‍්‍රමුඛතා තවත් ඉදිරියට ගෙනයාම මගේ අපේක්ෂාවයි. TWC ආයතනයට නවීන මෙන්ම ඵලදායී මූල්‍ය විසදුම් පිරිනැමීම සම්බන්ධයෙන් විශේෂ කීර්තිනාමයක් පවතින අතර අපගේ ප‍්‍රධාන ශක්තිය වන්නේ ඉතා සංකීර්ණ ව්‍යාපාර ඒකාබද්ධකරණ හා පවරාගැනීමේ ගනුදෙනු ව්‍යූහගතකරමින් සාර්ථකව අවසන් කිරීමට ඇති ශක්‍යතාවය හා අත්දැකීමයි. එමෙන්ම ඉදිරියේදී ද අපගේ ගනුදෙනුකාරභවතුන් වෙනුවෙන් එම විශිෂ්ටත්වය හා පාරදෘශ්‍යභාවය එලෙසින්ම පිරිනැමීමට මා ඇප කැපවී සිටිනවා.”

නව තනතුර හොබවමින් රසාංජ පෙරේරා මහතා TWC හි ඉතා පළපුරුදු විධායක කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි. මෙම කණ්ඩායමට ව්‍යාපාර මූල්‍යකරණය, හිමිකම් හා ණය ප‍්‍රාග්ධන වෙළෙඳපල යන ක්ෂේත‍්‍රයන් හි      8 වසරකටත් අධික අත්දැකීමෙන් යුත් ආයතනයේ ජේෂ්ඨ උප සභාපති චරිත් උඩුගම CFA, ආයතනයට මඟපෙන්වීම` ‍ත්‍්ලඔඋසාංජ පෙරේරා මහතා ඔඋක්‍ ලබාදෙන 16 වසරකට වඩා යුරෝපීය හා ආසියානු වෙළෙදපළවල අත්දැකීම් සහිත ප‍්‍රවීණ ආයෝජන බැංකු වෘත්තිකයෙකු වන විධායක නොවන අධ්‍යක්ෂ අනර්කලී මුණසිංහ, මූල්‍ය සහ රාජ්‍ය- පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාර පිළිබඳව නීති විශාරදයෙකු ලෙස ගෝලීය අවධානය දිනාගත් සමූහ නීති ප‍්‍රධානී (මෙයට පෙර එක්සත් රාජධානියේ ක්ලිෆඞ් චාන්ස්) සහ විධායක අධ්‍යක්ෂ අරිත වික‍්‍රමසිංහ, ජේෂ්ඨ උපදේශක/ ප‍්‍රවීණ පුද්ගලික හිමිකම් පිළිබඳව විශේෂඥ ස්ටීවන් එන්ඩර්බි යන පිරිස අයත් වෙති.

TWC කැපිටල් ආයතනය වර්තමානයේදී සංචාරක හා ආහාරපාන ක්ෂේත‍්‍රයන්හි අන්තර්ජාතික ගනුදෙනු ද්විත්වයක (2) ගැණුම් පාර්ශවයේ ගනුදෙනු උපදේශකවරයෙකු ලෙසත් කෘෂිකාර්මික අංශයේ ගනුදෙනුවක විකුණුම් පාර්ශවයේ උපදේශකයෙකු ලෙසත් කටයුතු කරයි. එමෙන්ම ලංකාවේ සහ ඉන්දියාවේ ප‍්‍රධානපෙළේ ව්‍යාපාර සඳහා සංවර්ධන මූල්‍ය ආයතන වෙතින් ඇමරිකන් ඩොලර් මිලියන 100කට වඩා හිමිකම් හා ණය සම්පාදනය කරදීමේ මූල්‍ය උපදේශක ලෙසද සේවය සළසමින් සිටියි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව