මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ නවතම ප්‍රදර්ශනාගාරය “Smart Hub” කුරුණෑගල නගරයේ දී විවෘත කරයි

Photo Caption 2 (1) (LBN)

මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය DOMA CTP20 වර්ගයේ  ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය මෙරටට ගෙන්වා බෙදා හරිනු ලබන එකම නියෝජිත ආයතනයයි. ඔවුන් සිය නවතම ප්‍රදර්ශනාගාරය අංක 389, බමුණුවල, කුරුණෑගල ලිපිනයේ, විවෘත කරමින් “අපි නිර්මාණය කරන්නේ ඔබේ අනාගතය යි” යන තේමාව යටතේ උසස් තත්වයේ නිෂ්පාදන සහ සේවාවන් එකම ස්ථානයකදී ලබාගැනීමේ පහසුකම  පාරිභෝගිකයින් වෙත ලබා දීමට කටයුතු කර ඇත.

 



 
නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාව සඳහා මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ සභාපති අමිල් ගල්අංග මහතා ප්‍රධාන ව අධ්‍යක්ෂක සුරේෂ් ගල්අංග, අධ්‍යක්ෂිකා ඩිනාලි ගල්අංග, අධ්‍යක්ෂිකා සිගිති ගල්අංග සහ සාමාන්‍යාධිකාරි දුලීප් ගුණසේකර මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් රැසක් ද සහභාගී විය.

මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ සභාපති අමිල් ගල්අංග මහතා එම අවස්ථාවට එක් වෙමින් පවසා සිටියේ, “  “Smart Hub” නමින් විවෘත වූ අපගේ මෙම නවතම ප්‍රදර්ශනාගරය තුළ ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍ර, වී වියලීමේ යන්ත්‍ර, සහල් වර්ග කිරීමේ යන්ත්‍ර, සහල් වල කළු ඇට ඉවත් කිරීමේ යන්ත්‍ර මෙන්ම පොල්තෙල් සිදින යන්ත්‍ර ආදී කෘෂිකාර්මික නිෂ්පාදන යන්ත්‍රෝපකරණ රැසක් ප්‍රදර්ශනය කෙරෙන අතර, ගැනුම්කරුවන්ට මෙම ප්‍රදර්ශනාගරයෙන් අදාළ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේ හැකියාව ඇත. මෙම යන්ත්‍රෝපකරණ සවිකර දීම මෙන්ම අලෙවියෙන් පසුව ලබාදෙන විශිෂ්ඨ සේවාවන් සහ විශේෂඥ උපදෙස් ලබා දීම සම්බන්ධයෙන් ද පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් අප සමග සිටියි.”  යනුවෙනි.

මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ ආරම්භක සමාගම වන මාර්ක්ස්පෙන් ලේබල්ස් (පුද්ගලික) සමාගම, නිෂ්පාදන සමාගම් හා ආයතන සදහා අවශ්‍ය වන මෙහෙයුම් කටයුතු ස්වයංක්‍රීයකරණයට අදාළ භාණ්ඩ හා සේවා සපයයි. මාර්ක්ස්පෙන් ලේබල්ස් (පුද්ගලික) සමාගම සදහා අවශ්‍ය භාණ්ඩ ආනයනය, නිෂ්පාදන හා බෙදා හැරීම සහ අලෙවියෙන් පසු සේවා සැපයීම සිදු කරනු ලබයි. මෙම ආයතනය මගින් මෘදුකාංග, බාර්කෝඩ් මුද්‍රණ යන්ත්‍ර, බාර්කෝඩ් දත්ත කියවීමේ යන්ත්‍ර (POS Terminals, Barcode Labels, Printing Ribbons” POS Printers Barcode Scanners)  ගෙන්වා බෙදා හැරීම සිදු කරයි.

මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අයත් ග්‍රෝවොට් සෝලා ලංකා (පුද්ගලික) සමාගම සෝලා පැනල්ස්, ඉන්වර්ටර්ස් සහ ඒ සදහා අවශ්‍ය අමතර උපාංග මෙරටට ආනයනය කිරීම මෙන්ම සෝලා පද්ධති සවි කිරීම හා අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාවන් ලබා දීම ද සිදු කරනු ලබයි.

ලංකාව පුරා විහිදී ඇති මාර්ක්ස්පෙන් ඇග්රෝ ප්‍රදර්ශනාගාර 15 තුළින් “කනදරා” නිෂ්පාදන වන දේශීය සහල් වර්ග, දේශීය කජු, දේශීය කුලුබඩු වර්ග පාරිභෝගිකයන්ට මිලදී ගත හැකිය.

මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අයත් තවත් සමගමක් වන මාර්ක්ස්පෙන් ලොජිස්ටික් (පුද්ගලික) සමාගම හරහා දේශීය සංචාරකයින් සදහා ප්‍රවාහන පහසුකම් සපයයි. මාර්ක්ස්පෙන් ලේබල්ස්, මාර්ක්ස්පෙන්  ග්‍රෝවොට් සෝලා ලංකා සහ මාර්ක්ස්පෙන් ඇග්රෝ යන (පුද්ගලික) සමාගම් මගින් ලබා ගන්නා යන්ත්‍රෝපකරණ සහ උපාංග ගැනුම්කරුවන් සහ පාරිභෝගිකයන් වෙත ප්‍රවාහනය කර දීම ද මාර්ක්ස්පෙන් ලොජිස්ටික් (පුද්ගලික) සමාගම මගින් සිදු කරයි.

නවතම ප්‍රදර්ශනාගාරය මගින් ඉහත සඳහන් කර ඇති සියලුම වර්ගයේ නිෂ්පාදනය සහ සේවා ගැනුම්කරුවන්ට හා පාරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂම හා ලාභදායී ලෙස ඉටු කරගත හැකිය. ලාංකීය ආර්ථිකය ශක්තිමත් ව ඉදිරියට ගෙන යමින් ව්‍යවසායකයාට සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කිරීම මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය ඒ අනුව අරමුණු කරයි.

කුරුණෑගල පිහිටි ‘Smart Hub’ නවතම ප්‍රදර්ශනාගාරය වෙත පිවිසීමෙන් සහ මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ නිල වෙබ් අඩවිය www.markspengroup.com හරහා වැඩි විස්තර ලබා ගත හැක.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව