මහ කන්නයට සැරසෙන ගොවි ජනතාවට අත්වැලක් වෙමින් දෙවන වරටත් පැවැත්වූ “DIMO Care Camp” වැඩසටහන අතිසාර්ථකව නිමාවේ

Image (LBN)

මහ කන්නයට සැරසෙන ගොවි ජනතාවට අත්වැලක්වෙමින් DIMO ආයතනය නොමිලේ පවත්වන ලද  “DIMO Care Camp” ට්‍රැක්ටර් රථ සේවා කඳවුර විශාල ට්‍රැක්ටර් රථ හිමියන් පිරිසක් ආකර්ෂණය කරගනිමින් පසුගියදා දෙවන වරටත් අතිසාර්ථකව නිමවිය.

කෘෂිකර්මාන්ත කටයුතුවල කාර්යක්ෂමතාවය සහ එහි ගුණාත්මකභාවය කෙරෙහි කෘෂි යන්ත්‍රෝපකරණවල නිසි නඩත්තුව ඉතා වැදගත් වන අතර ඒ සඳහා මෙරට ගොවි ජනතාව වෙත සිය දායකත්වය ලබාදීමේ පරමාර්ථයෙන් නොමිලේ පවත්වන ලද මෙම සේවාව සඳහා ඕනෑම සන්නාමයකට හෝ වර්ගයකට අයත් ට්‍රැක්ටර් රථ ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබාදීම සුවිශේෂී කරුණක් විය. දිවයිනේ ප්‍රමුඛතම කෘෂි දිස්ත්‍රික්ක ගණනාවක්ම ඉලක්ක කර ගනිමින් මෙවර මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක වූ අතර ඒ අනුව මඩකලපුව, වව්නියාව, කිලිනොච්චිය, මන්නාරම, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, කුරුණෑගල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක්  මේ ඔස්සේ ආවරණය විය.
 



 
ට්‍රැක්ටර් රථ නොමිලේ පරික්ෂාව සහ අලුත්වැඩියා මෙන්ම ට්‍රැක්ටර් රථ සඳහා අවශ්‍ය අමතර කොටස් සඳහා විශේෂ  වට්ටමක් ලබාදීම  ආදී ප්‍රතිලාභ  රැසක් මෙම කඳවුරු සඳහා සහභාගි වූ ගොවි ජනතාව වෙත DIMO ආයතනය විසින් පිරිනමන ලදී. එමෙන්ම ට්‍රැක්ටර් රථ සඳහා අවශ්‍ය ටයර් සඳහා මෙන්ම DIMO Lumin විදුලි බුබුළු සඳහා ද සුවිශේෂී දීමනා මෙහිදී හිමිවිය. එමපණක් නොව, මෙම සේවා කඳවුර ඔස්සේ ගොවි ජනතාව වෙනුවෙන් නොමිලේ සෞඛ්‍ය සායනයක් ද සංවිධානය කර තිබූ අතර රුධිර පීඩනය , BMI අගය පරික්ෂාව ඇතුළු සෞඛ්‍ය සේවා රැසක් දියත් කරමින් මහ කන්නයට සාර්ථකව මුහුණ දීමට අත්‍යාවශ්‍ය යහපත් සෞඛ්‍ය පිළිබඳ ගොවි ජනතාව දැනුවත් කරමින් කෘෂි කටයුතු සඳහා සූදානම් කරවීම ද මෙහිදී සිදුවිය.

මේ පිළිබඳ අදහස් දක්වමින් DIMO ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (Automotive Enineering Solutions) මහේෂ් කරුණාරත්න මහතා මෙසේ සඳහන් කළේය. ” මෙම DIMO Care Camp කඳවුර දියත් කිරීම සඳහා ප්‍රදේශයන් තෝරා ගැනීමේදී  ට්‍රැක්ටර් රථ ව්‍යාප්තිය පිළිබඳ අපි වැඩි වශයෙන් සැලකිලිමත් වුණා. එහිදී අපගේ මූලික අරමුණ වූයේ වැඩි පිරිසකට සිය ට්‍රැක්ටර් රථ මහ කන්නය වෙනුවෙන් සූදානම් කර ගැනීමේ අවස්ථාව සැලසීමයි. කිලිනොච්චිය ,මන්නාරම සහ වව්නියාව වැනි දිස්ත්‍රික්කවල මෙවැනි ට්‍රැක්ටර් රථ සේවා කඳවුරක් පැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙය වීමද සුවිශේෂී කරුණක්. මෙම වැඩසටහන් මාලාව ඔස්සේ මහ කන්නයට සූදානම් වන  ගොවීන් විශාල පිරිසකට සහනයක් සැලසීමට අපිට අවස්ථාව ලැබීම පිළිබඳ අපි බෙහෙවින් සතුටු වෙනවා .”

Mahindra, Swaraj  ආදී ප්‍රමුඛ පෙළේ ට්‍රැක්ටර් රථ මෙරටට ගෙන්වා බෙදාහැරීම සහ අලෙවියෙන් පසු සේවාව සැපයීම  DIMO ආයතනය මගින් සිදු කරන අතර ට්‍රැක්ටර් රථ අලුත්වැඩියා ඇතුළු ඒ සම්බන්ධ කරුණු පිළිබඳ මනා දැනුමක් සහ පළපුරුද්දක් මෙන්ම ඒ පිළිබඳ ඉහළ නිපුණතාවයක් සහිත කාර්මික ශිල්පීන් ද DIMO ආයතනය සතුවේ. මෙම නිපුණත්වය සහ අත්දැකීම් ඉවහල් කරගනිමින් ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව සවිබලගන්වා ඔවුන්ගේ සිහින සහ අභිලාෂයන් බලගැන්වීමට DIMO ආයතනය නිරන්තරයෙන් කැපවී සිටියි. DIMO ආයතනය විසින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික යාන්ත්‍රීකරණය ඉහළ නැංවීම වෙනුවෙන් සිදුකරන දැවැන්ත මෙහෙවරෙහි එක් පියවරක් ලෙස පවත්වනු ලබන මෙම කඳවුර මෙරට කෘෂිකර්මාන්තයේ සහ ගොවි ජනතාවගේ අභිවෘද්ධිය සඳහා බෙහෙවින් ඉවහල් වනු ඇත.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව