E.B. Creasy Solar නවතම සූර්ය බලශක්ති විසඳුම් ප්‍රදර්ශනාගාරය වැල්ලවාය ප්‍රදේශයේ විවෘත කෙරේ

Image - E.B. Creasy Solar opens new Solar Solutions outlet in Wellawaya (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සූර්ය බලශක්ති විසඳුම් සමාගමක් වන E.B. Creasy Solar නවතම ප්‍රදර්ශනාගාරය 2024 සැප්තැම්බර් 06 වන දින වැල්ලවාය ප්‍රදේශයේදී විවෘත විය. පාරිභෝගිකයන්ට මෙම ප්‍රදර්ශනාගාරයේදී සුනිත්‍ය සූර්ය බලශක්ති විසඳුම් ලෙස Tier 1 සූර්ය පැනල සහ නවතම තාක්ෂණයෙන් යුතු LONGI, AE Solar සහ Thornova, LORENTZ සූර්ය බලශක්ති වතුර පොම්ප සහ ලොව අංක එකේ ඉන්වර්ටර් සන්නාමයක් වන SUNGROW වැනි නිෂ්පාදන පරීක්ෂා කර බලා මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ. මෙවැනි ඉහළම ප්‍රමිතියෙන් යුත්  දිගු කල් පවතින සූර්ය බලශක්ති නිෂ්පාදන රාශියක් මේ වනවිට E.B. Creasy Solar මගින් මෙරටට හඳුන්වා දී ඇත.
 



 

මීට අමතරව E.B. Creasy Solar මගින් පාරිභෝගිකයන්ට විශිෂ්ට මට්ටමේ අලෙවියෙන් පසු සේවාවක්ද පිරිනමනු ලබන අතර, පාරිභෝගික තෘප්තිය සහතික කරමින් ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීම මෙහි ප්‍රධානතම අරමුණ වී තිබේ.

E.B. Creasy Solar යනු වසර 146කට අධික කාලයක් පුරාවට විශ්වාසනීයත්වය තහවුරු කළ E.B. Creasy & Co., PLC සමාගමේ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන හා සේවා අංශයයි. Darley Butler සමූහයට අනුබද්ධ සමාගමක් වන එය වඩාත් තිරසර අනාගතයක් වෙනුවෙන් පරිසර හිතකාමී බලශක්ති විසඳුම් සඳහා සිදුකෙරෙන ආයෝජන දිරිගැන්වීමට කැප වී සිටී.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව