Diva දෑතට දිරියක් කාන්තා ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන උතුරු මැද පළාතේ කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගන්වයි

Image of the Diva Dathata Diriyak North Central Seminar

Diva දෑතට දිරියක් කාන්තා ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන යනු දිවයින පුරා කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම සඳහා හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෙදි සේදුම්කුඩු සන්නාමයක් වන Diva සහ කාන්තා කළමනාකරණ ආයතනය (Women in Management) එක්ව දියත් කරනු ලබන සහයෝගී ප්‍රයත්නයකි. මෙම වැඩසටහනේ 6 වැනි අදියර 2024 ඔක්තෝම්බර් මස 7 වන දින අනුරාධපුරයේදී ව්‍යවසායිකාවන් 150 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව අවසන් විය. මෙම වැඩසටහන මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති එක්දින සම්මන්ත්‍රණයක් වූ අතර, ව්‍යවසායක අභියෝගවලට මුහුණ දීම සඳහා අවශ්‍ය දැනුම, කුසලතා සහ ආත්ම විශ්වාසයෙන්  කාන්තා ව්‍යවසායිකාවන් සවිමත් කිරීම සිදුවිය.
 



 

මෙම එක්දින වැඩමුළුව, උතුර, වයඹ, දකුණ, ඌව සහ මධ්‍යම යන පළාත් ආවරණය වන පරිදි ශ්‍රී ලංකාව පුරා කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගන්වමින් සිදුකරන වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් සනිටුහන් කළේය. මෙම සම්මන්ත්‍රණය මඟින් කාන්තා ව්‍යවසායිකාවන්ට ව්‍යාපාර ලියාපදිංචිය, මූල්‍ය කළමනාකරණය, උපායශීලි මිලකරණය, පාරිභෝගික සත්කාර, විද්‍යුත් වාණිජ්‍ය, අලෙවිකරණය, සන්නාමකරණය සහ ඇසුරුම්කරණය වැනි අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර රාශියක් පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාදීම සිදුවිය. ඉතා තරඟකාරී ඩිජිටල් වෙළඳපළ තුළ කුඩා ව්‍යාපාර නඟාසිටුවීමට උපකාර කරන විද්‍යුත් වෙළෙඳපොළ අවස්තාවන් පිළිබඳවද විශේෂ අවධානයක් මෙහිදී යොමු විය.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ගෘහ සත්කාරක අංශයේ කාණ්ඩ කළමණාකරු වන නාමල් ප්‍රනාන්දු මහතා සිය අදහස් බෙදාගනිමින් අප සන්නාමයේ අරමුණ සැබෑ කරමින්, සාර්ථක ලෙස පැවැත්වෙන Diva දෑතට දිරියක් ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන, දිවයින පුරා සිටින කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමට සමත් වෙලා තියනවා. මේ වනවිට මෙම වැඩසටහන අතිශයින් සාර්ථක වී ඇති අතර, ඉදිරියේදීත් තවත් පිරිස් මෙම වැඩසටහනට සම්බන්ධ වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. සහභාගී වන කාන්තාවන්ගේ පමණක් නොව, මෙම වැඩසටහන මඟින් ඔවුන්ගේ පවුල්වල, ග්‍රාමීය ප්‍රජාවගේ සහ සමස්ථ රටෙහිම ආර්ථිකය ස්වයංපෝෂිත කිරීමට උපකාරී වීමට හැකිවීම පිළිබඳ අප නිහතමානීව ආඩම්බර වෙනවා” යනුවෙනි.

Diva දෑතට දිරියක් වැඩසටහන් මාලාව දිරිය කාන්තාවන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම උදෙසා අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, සහභාගී වන කාන්තාවන්, නිෂ්පාදකයින්ගේ සිට සාර්ථක ව්‍යවසායකයන් දක්වා සවිබලගැන්වීමේ අදිටනින් දියත්වෙයි. මින්පෙර පැවති වැඩසටහන් වලදී මෙන්ම, මෙම වැඩසටහනේදීද ආර්ථික අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ වුවත් තිරසාර ලෙස ව්‍යාපාර කළමනාකරණය කිරීමට සහ මූල්‍ය සැලසුම් පවත්වා ගැනීමට අවශ්‍ය සම්පත් සහ දැනුම ලබාදීම සිදුවිය.

දංකොටුව, යාපනය, ගාල්ල, වැලිමඩ සහ මාතලේ වැනි ප්‍රදේශවල කාන්තා ව්‍යවසායකයින් 275 කට අධික සංඛ්‍යාවක් සවිබල  ගන්වමින් දියත් වූ මෙම වැඩසටහන් මාලාවේ අනුරාධපුරයේ පැවති මෙම සම්මන්ත්‍රණය තවත් එක් සාර්ථක සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. “තොටිල්ල පදවන දෑත ලොව ආණ්ඩු කරවයි ” යන සුප්‍රසිද්ධ කියමනෙන් ඇඟවෙන පරිදි  කාන්තා දිරිය පිළිබඳ විශ්වාස කරන Diva, කාන්තා ව්‍යවසායකයින් තම උපරිම හැකියාවන් කරා ළඟා වීමට සවිබල ගන්වන අතර පළාත් පාලන ආයතන සහ WIM වැනි සංවිධාන සමඟ ඇති හවුල්කාරිත්වය එය තවදුරටත් ශක්තිමත් කරයි.

Diva දෑතට දිරියක් කාන්තා ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන පවතින ආර්ථික අභියෝගවලට විශ්වාසයෙන් යුතුව මුහුණ දීමට කාන්තාවන් සවිබල ගන්වමින් දියත් වන අතර දිවයින පුරා සිටින කාන්තාවන් තුළ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධනය කිරීමෙහි ඇති වැදගත්කම අවධාරනය කරයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + 10 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව