කැන්ඩි සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය ඔක්තෝබර් 12 ඇරැඹේ

1723436718102 (LBN)

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කරන කැන්ඩි සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය මෙම මස 12 වැනිදා සිට 19 දක්වා මහනුවර, රජවැල්ල, දිගන පළාත් සභා ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.  පළමු මට්ටමේ ජාතික ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලියට විවෘත, කනිෂ්ඨ, කනිෂ්ඨ (ආධුනික), ජ්‍යෙෂ්ඨ සහ පළඟ ශූරතා වශයෙන් තරග අංශ 5ක් ඇතුළත්ය.

කාන්තා පිරිමි විවෘත ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග, අවුරුදු 11න් පහළ  සිට 19න් පහළ දක්වා කනිෂ්ඨ බාලක බාලිකා ඒකල, යුගල තරග, අවුරුදු 11න් පහළ සිට 15න් පහළ දක්වා කනිෂ්ඨ ආධුනික ඒකල හා යුගල තරග, අවුරුදු 30න් ඉහළ සිට 70න් ඉහළ දක්වා ජ්‍යෙෂ්ඨ තරග,  ප්‍රවීණයන් සඳහා අවුරුදු 110 ඒකාබද්ධ ජ්‍යෙෂ්ඨ තරග සහ කාන්තා හා පිරිමි විවෘත ඒකල තරග පරාජිතයන් සඳහා වන පළඟ ශූරතා තරග කැන්ඩි සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට ඇතුළත්ය.
 



 

කැන්ඩි සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් ලක්ෂ හතහමාරක මුදල් තෑගි බෙදා දෙන අතර, සහතිකපත්, කුසලාන සහ පදක්කම් පිරිනැමීමට නියමිතය.

කැන්ඩි සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය පවත්වනු ලබන්නේ මැක්ෆොයිල්, මොබිල්, ලී නින්, 3M සහ GAC  ආයතන අනුග්‍රාහකත්වයෙනි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − thirteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව