Spora Lanka සමාගම හෝටල් සැපයුම් අංශයේ විශිෂ්ටතා සම්මාන දිනයි

Spora Lanka - E (LBN)

හෝටල් සඳහා අවශ්‍ය භාණ්ඩ සපයන Spora Lanka පෞද්ගලික සමාගම Entrepreneur Biz Awards 2024 සම්මාන උළෙලේදී “හෝටල් සඳහා අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරු” අංශයේ විශිෂ්ටතා සම්මානය දිනා ගත්තේය. හෝටල් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය භාණ්ඩ සපයන සමාගම් අතර ප්‍රමුඛයෙකු වන Spora Lanka සමාගම හෝටල්වල සේවා සඳහා අවශ්‍ය උසස් තත්ත්වයෙන් යුතු පරිසර හිතකාමී භාණ්ඩ සපයයි. ඒ තුළින් සිය අමුත්තන්ට සුව පහසු සහ අද්විතීය අත්දැකීමක් සහතික කිරීමට හෝටල්වලට හැකියාව ලැබේ. හෝටල්වල පරිභෝජනය සඳහා අවශ්‍ය දේශිය සහ ආනයනික ආහාර ද්‍රව්‍ය සහ ප්‍රමිතියෙන් යුතු සනීපාරක්ෂක ද්‍රව්‍ය දක්වා වන සෑම භාණ්ඩයක්ම සපයන එම සමාගම ඒ ඒ සේවාලාභියාගේ අවශ්‍යතාවලට ගැළපෙන ආකාරයෙන් සිය නිෂ්පාදන මාලාව පෙළගස්වා ඇත. ගුණාත්මක බව, තිරසාර බව සහ විශිෂ්ටත්වය මූලික කර ගත් එම සමාගම රට පුරා විහිදී ඇති හෝටල් රැසක විශ්වාසය දිනා ඇත.
 



 

තිරසාර බව සහ ශ්‍රී ලාංකික අනන්‍යතාව තහවුරු කරන කුරුඳු සහ ඒ ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදන Spora Lanka සමාගමේ නිෂ්පාදන අතර ප්‍රධාන තැනක් ගනී. සුපිරිසුදු බවට සහ ගුණාත්මක බවට මුල් තැන දෙමින් පිළියෙළ කර ඇති එම නිෂ්පාදන සඳහා දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද විශාල ඉල්ලුමක් ඇත. හෝටල් සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ සිදු වන වෙනස්කම් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසු වීම Spora Lanka සමාගමේ අඛණ්ඩ සාර්ථකත්වයට හේතු වී ඇත. දිවයින පුරා විහිදුණු සැපයුම්කරුවන් ජාලයකින් සමන්විත එම සමාගම විශ්වාසවන්ත බවට මුල් තැන දෙමින් කටයුතු කරයි. තරගකාරී මිල ගණන් යටතේ කඩිනමින් සිය නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත ප්‍රවාහනය කිරීමට පියවර ගන්නා එම සමාගම මීට පෙරද දේශීය සහ විදේශීය සම්මාන සහ තත්ත්ව සහතික රැසකින් පිදුම් ලබා ඇත.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව