DBL සමාගම හා ශ්‍රී ලංකා වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව සහයෝගිතාවකට එළැඹේ

DBL

යන්ත්‍රෝපකරණ සහ කාර්මික මෙවලම් ආනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Deen Brothers Imports (DBL) පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව සමඟ නව සහයෝගීතාවකට එළැඹෙයි. මේ යටතේ කාර්මික මෙවලම් අතර ඉහළ පිළිගැනීමක් ඇති UYUS සහ Dongcheng මෙවලම් වාණිජ නීතිගත සංස්ථාවේ අලෙවිසැල්වලින් මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට හැකිය.
 



 

කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස 1940දී මාතරදී ආරම්භ වූ DBL සමාගම පසුගිය දශක කිහිපය තුළ යන්ත්‍රෝපකරණ සහ කාර්මික මෙවලම් අලෙවි ක්ෂේත්‍රයේ කීර්ති නාමයක් දිනා තිබේ. සමාගම වර්තමාන කළමනාකරණ අධ්‍යක්ෂ එම්. එන්. එම්. නජීබ් ඩීන් මහතාගේ නායකත්වයෙන් ශීඝ්‍ර වර්ධනයක් ලබා ඇත. මහා පරිමාණ ව්‍යාපෘති සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ සහ මෙවලම් සැපයීමේ පටන් දිවයින පුරා විහිදී සිටින බෙදා හැරීමේ ජාලයක් නිර්මාණය කිරීම සහ ආනයන කටයුතු දක්වා සිය මෙහෙයුම් පුළුල් කර ඇති එම සමාගම ගුණාත්මක බවට සහ පාරිභෝගික තෘප්තියට මුල් තැන දෙයි. DBL සමාගමේ අනුබද්ධ සමාගම් පහ හරහා 200කට වැඩි පිරිසකට රැකියා ලැබී ඇත. කොළඹ නගරයේ පිහිටි අති නවීන ව්‍යාපාර සංකීර්ණයකට හිමිකම් කියන එම සමාගමේ දිවයින පුරා විහිදී ඇති අලෙවි නියෝජිතයන් සංඛ්‍යාව 500කට අධික වේ. DBL සමාගමේ නිෂ්පාදන අතර විදුලි උපකරණ, වඩු කර්මාන්තයට අවශ්‍ය උපකරණ, ජල පොම්ප, කොන්ක්‍රීට් කැපීමේ යන්ත්‍ර, විදුලි ජනන යන්ත්‍ර, ඉදිකිරීම් යන්ත්‍ර, කෘෂිකාර්මික උපකරණ, ගෙවතු උපකරණ ආදිය ප්‍රධාන වේ. එම සමාගම විවිධ යන්ත්‍රෝපකරණවලට අවශ්‍ය අමතර කොටස් ආනයනය සහ අලෙවියද සිදු කරයි. වෙළෙඳ ප්‍රදර්ශන සහ සමුළුවලට නිරන්තරයෙන් සහභාගී වෙමින් ක්ෂේත්‍රය පිළිබඳව යාවත්කාලීන වන DBL සමාගම එක්සත් ජනපදය, ජර්මනිය, චීනය, ජපානය, ඉන්දියාව සහ තායිවානය වැනි රටවලින් සෘජුවම යන්ත්‍රෝපකරණ සහ මෙවලම් ආනයනය කරයි. උසස් තත්වය සහ උසස් ප්‍රමිතිය නිසා DBL සමාගම පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ඇත.
 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව