MediaDefined සමාගම දෙවන වරටත් පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන දිනයි

MediaDefined (LBN)

ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන MediaDefined පෞද්ගලික සමාගම පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ ඉගැනුම් සහ සංවර්ධන අංශයෙන් 2024 වසරේ විශිෂ්ටම ජාත්‍යන්තර සහයෝගීතා සමාගම ලෙස අඛණ්ඩව දෙවන වරටත් සම්මාන ලැබීය. සම්මාන උළෙල දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර Emperors Palace හිදී පැවැත්විණි. සමාගමේ අධ්‍යක්ෂ එල්. ඒ. ඩී. ඊ. විපුල් පෙරේරා මහතාද අඛණ්ඩව දෙවන වරටත් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අංශයේ (ඉගැනුම් සහ සංවර්ධන) 2024 වසරේ හොඳම ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සම්මාන දිනා ගත්තේය. අඛණ්ඩව දෙවන වරටත් මෙම සම්මාන ද්විත්වයම දිනා ගැනීමට හැකි වීමෙන් ඔහු සතු විශිෂ්ට නායකත්වය සහ කැපවීම වඩාත් තහවුරු වේ.
 



 
2007දී මෙරට ඇරඹූ MediaDefined සමාගම අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස්හි පිහිටි MediaDefined Inc ආයතනයට අනුබද්ධ සමාගමකි. හිමන්සු කරුණාදාස, විපුල් පෙරේරා, මහාචාර්ය ජේ. ටී. එෆ්. ද සිල්වා (හිටපු සාමාන්‍යාධිකාරි) ප්‍රවීණ මෘදුකාංග ඉංජිනේරුවරුන් තිදෙනෙකු සමඟ ඇරඹූ එම සමාගම ආරම්භයේ පටන් අඛණ්ඩව සිය මෙහෙයුම් ධාරිතාව ඉහළ නංවා ගනිමින් වෘත්තිකයන් 50කට වැඩි පිරිසකට රැකියා සපයා ඇත. අලෙවි වටිනාකම් අඛණ්ඩව වර්ධනය කරන එම සමාගම අනෙකුත් සමාගම් ඇතුළු පාරිභෝගිකයන් සමඟ ශක්තිමත් සම්බන්ධතා ඇති කර ගනිමින් නවීන යෙදවුම් නිපදවයි. පුළුල් පරාසයක විහිදුණු සමාගම් රැසකට සේවා සපයන MediaDefined සමාගමේ යෙදවුම් භාවිතා කරන පරිශීලකයන් සංඛ්‍යාව 500,000කට අධික වේ. ගෝලීය අලෙවි ජාලවල අවශ්‍යතා සපුරන NetExam යෙදවුම ඒ අතරින් ප්‍රධාන වේ. එය ලොව ඉදිරියෙන්ම ඇති නාලිකා සහකාර පුහුණු කළමනාකරණ පද්ධතිය ලෙස සම්මානයට පාත්‍ර වී ඇත. AMD, Sophos, Hexagon Honeywell, Trellix, Royal Canin, Avixa, Priority Dispatch, Abbyy, Xilinx සහ Bobcat වැනි කීර්තිමත් බහුජාතික සමාගම් රැසක් එම යෙදවුම භාවිතා කිරීමෙන් එයට ඇති විශාල ඉල්ලුම තහවුරු වේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 + five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව