Trinity International ආයතනය සමග ඔබේ අනාගතය සාර්ථක කරගන්න

Kancheeban (LBN)

වර්තමාන ලෝකය තුළ විදේශීය උසස්  අධ්‍යාපනය වෙත ඇති උනන්දුව ඉතා විශාලය. එයට සාපේක්ෂකව අධ්‍යාපන උපදේශන සේවා සහ එයට සම්බන්ධ වෙළෙඳ පොළ ඉතා තරඟකාරී එකක් වී ඇත. Trinity International ආයතනය දශකයක කාලයක සිට ලබාගත් අත්දැකීම් සහ සේවාව තුළින් තවදුරටත් වඩාත් ඵලදායි අවස්ථාවන් ලබාදීමට සූදානමින් සිටී.

Trinity International ආයතනය විදේශයන්හි උසස් අධ්‍යාපනය සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තරව ඉහළ තරඟකාරී අධ්‍යාපන අවස්ථා සඳහා විශ්වාසදායක ආයතනයක් ලෙස නමක්    දිනා ඇත. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර උසස් අධ්‍යාපන උපදේශන සේවා ක්ශේත්‍රයේ කැපී පෙනෙන නමක් දිනා සිටින Trinity International ආයතනය ලොව පුරා කීර්තිමත් අධ්‍යාපන ආයතන කිහිපයක් සමඟ සබඳතා ගොඩනගාගෙන ඇත.

 



 

Trinity International අධ්‍යාපන ආයතනය විශ්ව විද්‍යාල අයදුම්පත් සම්බන්ධයෙන් පමණක් උපදේශන සැපයීමට ඔබ්බට යමින් සිසුන්ට තම අනාගතය සඳහා සාර්ථක මංපෙත් විවර කර ගැනීමට මුලසිට අවසානය දක්වා සේවා සපයයි. හොඳින් පුහුණු වූ පළපුරුදු කාර්ය මණ්ඩලයකින් සමන්විත වෘත්තීය කණ්ඩායමක් විසින් සෑම සිසුවෙක් සඳහාම හොඳම අධ්‍යාපන අවස්ථාව තෝරා ගැනීමට අවශ්‍ය උපදෙස් සපයයි. අධ්‍යාපන ක්ශේත්‍රයේ මෙන්ම ඔවුන්ගේ පුද්ගලික අරමුණු සමඟ ගැළපෙන පරිපූර්ණ වැඩසටහනක් සොයා ගැනීමට ශිෂ්‍යයාට ඔවුන් සහාය වනු ඇත. එක් එක් ශිෂ්‍යයාගේ අයවැයට ගැළපෙන පරිදි මූල්‍ය කටයුතු සැකසීමට මූල්‍ය මාර්ගෝපදේශනයද මෙහිදී සිදුකර දෙනු ඇත. එපමණක් නොව විශ්ව විද්‍යාල ප්‍රවේශය සහ වීසා ඉල්ලුම්පත් ලබාදීම සඳහා අවශ්‍ය මගපෙන්වීමද මෙම ආයතනය මගින් සිසුන්ට ලබාදෙනු ඇත.

Trinity International ආයතනය ඕස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, ඇමරිකා එක්සත් ජනපදය සහ අයර්ලන්තය යන රටවල පිළිගත් අධ්‍යාපන ආයතන ඉලක්ක කර ගනිමින් ජාත්‍යන්තර උසස් අධ්‍යාපනය පිළිබඳ වුර්තීය පරිපාලන සේවා රැසක් සිදු කරයි.

විදේශයන්හි තම අධ්‍යාපනය සාර්ථකව නිමකල මෑතකාලීන සිසුන් අතර එක්සත් රාජධානියේ  ක්වීන්ස් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කළ ගංගා අමරවංශ,ලන්ඩනයේ කිංස්ටන් විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ MSC උපාධිය අවසන් කළ කංචිබන් සිවසිතම්පරනාදන්, ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ වේල්සයේ  Aberystwyth විශ්ව විද්‍යාලයෙන් MBA උපාධිය ලබාගත් නිරෝශා මහේෂන් සහ මේ වසරේ ජූලි මාසයේදී UK හි Coventry  විශ්ව විද්‍යාලයේ ගිණුම්කරණය සහ මූල්‍ය පිළිබඳ BSC උපාධිය ලබාගත් Mohomad Azard යන අය වෙති .

Trinity International ආයතනය මේ දක්වා වීසා බලපත්‍ අයදුම්පත්‍ර වල සියයට අනූඅටක සාර්ථකත්වයක් පෙන්වන අතර පෙර වීසා ප්‍රතිකේෂ්පිත සිසුන්ට අමතර වියදමකින් තොරව නැවත අයදුම් කිරීමට සහය වෙනු ඇත. ඔවුන්ගේ සේවා අතර පිවිසුම් වීසා/ව්‍යාපාරික වීසා අයදුම්පත් /යැපුම් වීසා අයදුම්පත් /අධ්‍යයන බලපත්‍ර දිගු කිරීම් සහ ස්ථිර පදිංචිය ස‍ඳහා මාර්ග යෙදුම්  පිළිබඳ උපදේශන සේවා ද ඇතුලත් වේ.

Trinity International අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන කාර්යාලය කොළඹ 03 පිහිටා ඇති අතර මීගමුව, මහනුවර, ගාල්ල, ත්‍රිකුණාමලය යන නගරවල ශාඛා කාර්යාල ව්‍යාප්ත කිරීමට සැළසුම් කර ඇත. 

වැඩි විස්තර සඳහා 94707670670www.tihsl.com ,

www.facebook.com/trinityinternationaleducation සහ Instagram – https://rb.gy/ ඔවුන්ගේ සමාජ මාධ්‍ය වෙත පිවිසෙන්න.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව