LPEC Campus වසරේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස Iconic සම්මාන දිනයි

LPEC (LBN)

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන LPEC Campus, Iconic Awards 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය LPEC Campus සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිපූර්ණ ශිෂ්‍ය සංවර්ධනය සඳහා වන නොසැළෙන කැපවීම පිළිබඳ සාක්ෂියකි. අනාගත වෘත්තිකයන් බිහි කිරීමට සහ ඔවුන් තෝරා ගත් ක්ෂේත්‍රවල විශිෂ්ටයන් වීමට සිසුන් සවිබල ගැන්වීමට LPEC Campus සතු කැපවීම මෙම සම්මානයෙන් ඇගයීමට ලක් කර ඇත. නවීන විෂය මාලා හා නූතන පහසුකම් ඔස්සේ LPEC Campus අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් වෘත්තීය අධ්‍යාපනයේ ප්‍රමුඛයෙකු වී ඇත.
 



 

මෙරට ශ්‍රම බලකායට ගැළපෙන වෘත්තිකයන් නිර්මාණය කරන LPEC Campus වසර 14ක් පුරා ලක්ෂයකට අධික ඩිප්ලෝමාධාරීන් පිරිසක් බිහි කර ඇති අතර පූර්ණ රාජ්‍ය ආයතනයක් වන SDFL හා ඒකාබද්ධ වී සහතික පත්‍ර නිකුත් කරයි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් UK Accredited, QS 5 STARS සහිත මැලේසියානු රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලය (MUST) සහ කාම්බෝජයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන  PSB විශ්ව විද්‍යාලය සමග ඒකාබද්ධ වී උපාධි පිරිනමන LPEC Campus, UK Accredited අධ්‍යාපන ආයතනයකි. කිරිබත්ගොඩ නගරයේ පිහිටා ඇති LPEC Campus (www.lpec.lk) නවීන රැකියා වෙළෙඳපොළේ ඉල්ලුමට සරිලන පරිදි ජාතිකව හා ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් සහිත ඩිප්ලෝමා, උපාධි‍, විශේෂ උපාධි සහ පශ්චාත් උපාධි හඳුන්වා දි ඇත. LPEC Campus මානව සම්පත් කළමනාකරණ, මානව සම්පත් කළමනාකරණ විධායක, ව්‍යාපාර කළමනාකරණ, අලෙවි කළමනාකරණ, මනෝ විද්‍යාව හා උපදේශන, නීති, තොරතුරු තාක්ෂණ, ඉංග්‍රීසි ඩිප්ලෝමා සහ ව්‍යාපාර පරිපාලන විද්‍යාවේදී, තොරතුරු තාක්ෂණ ගෞරව උපාධි සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර කළමනාකරණ, ව්‍යාපාර කළමනාකරණ, මනෝ විද්‍යා හා උපදේශනය පිළිබඳ විද්‍යාවේදී, අලෙවි කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර කළමනාකරණ උපාධි සිසුන්ට පිරිනමයි. 0112907133, 0112907429 දුරකතන අංක ඔස්සේ වැඩි විස්තර දැන ගත හැකිය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව