පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම යළිත් වරක් මහනුවර ඇසළ පෙරහැරට අනුග්‍රාහකත්වය ලබාදෙයි

Image (LBN)

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සුරැකීමේ මෙහෙවරට උරදෙමින් යළිත් වරක් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සිය අනුග්‍රාහක දායකත්වය ලබාදීමට ඉදිරිපත් විය.

ඒ වෙනුවෙන් පැවති විශේෂ උත්සවයකදී පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී සංජීව බණ්ඩාරනායක, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී උදේශ් ගුණවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි සහ සන්නිවේදන) රජීව් ඩේවිඩ් සහ මහනුවර ශාඛා කළමනාකරු දිනේෂ් විල්ලආරච්චිගේ යන මහත්වරුන් විසින් අනුග්‍රාහකත්ව චෙක්පත ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත පිරිනමන ලදි.

මෙහිදී ප්‍රදීප් නිලංග දෑල මහතා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම වෙත සිය කෘතඥතාව පළකළ අතර, ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය හා සම්ප්‍රදායන් මැනැවින් නිරූපණය කරන අතිශය වැදගත් සංස්කෘතික උත්සවයක් වන මහනුවර ඇසළ පෙරහැර පවත්වාගෙන යාම සඳහා මෙබඳු දායකත්වයන් මහෝපකාරී වන බවද පැවසී ය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව