තරුණ ව්‍යවසායකයන් සිය දෙනෙකුට SPARK 2024 තරඟයෙන් නිපුණතා සංවර්ධනයට අවස්ථාව

Spark logo

2024 අගෝස්තු 23, කොළඹ : SPARK 2024 නිපුණතා පිරි තරුණ ව්‍යවසායකත්ව වැඩසටහනේ ප්‍රථම වටය පසුගිය දා අවසන් වූ අතර විවිධ වයස් කාණ්ඩ හා විවිධ ක්ෂේත්‍රයන් රැසක් නියෝජනය වන පරිදි තෝරාගත් තරුණ තරඟකරුවන් 100 දෙනෙකුට ව්‍යාපාර පිළිබඳ පදනම් නිපුණතා සහ ව්‍යාපාරික සැලසුම් සංවර්ධනය සම්බන්ධ උසස් පුහුණු වැඩමුළුවකට සහභාගී වීමේ අවස්ථාව ද හිමි විය. SPARK යනු ව්‍යවසායක නිපුණතා ඉලක්ක කරගත් වාර්ෂික වැඩසටහනක් වන අතර මෙය ඊළඟ පරපුරේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික නායකයන්ට ඔවුන්ගේ ව්‍යවසායක නිපුණතා සහ ප්‍රායෝගික දැනුම එක් කරමින් සැබෑ ලෝකයේ ව්‍යාපාරික අරමුණු ජයගන්නට විවෘත වී ඇති ජාතික වේදිකාවකි. මෙම තරඟය ‘පාසැල්’ හා ‘විවෘත’ වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ පැවැත් වේ.

 




 

SPARK යනු ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO), දකුණු ආසියානු ව්‍යවසායක්ව නායක (SALE) ව්‍යාපෘතියේ සහයෝගය ඇතිව සංවිධාන කරන්නක් වන අතර, මේ සඳහා මූල්‍යාධාර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබයි. SPARK තරඟයේ ජනප්‍රියත්වය වර්ධනය වීම පිළිබඳ අදහස් දැක්වූ, ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ සහකාර ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී, මනෝරි දිසානායක මහත්මිය, “මේ වසරේ ඉතා පුළුල් විවිධත්වයක් නියෝජනය කරන අයදුම්කරුවන් විශාල ප්‍රමාණයක් තරඟයට අයදුම් කර තිබූ අතර, මේ අතරින් විවිධ වූ ක්ෂේත්‍ර රැසක් යටතේ තෝරාගත් තරඟකරුවන් 100 දෙනෙකු කාණ්ඩ දෙකක් යටතේ තෝරාගනු ලැබුවා. දිවයිනේ පළාත් 9ම ආවරණය වන පරිදි අවුරුදු 15 සිට 30 දක්වා වයස් කාණ්ඩයට අයත් විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ නිපුණතාවන් දැක්වූ පිරිසක් මේ සඳහා තෝරාගැනුණා. ඒ වගේම මේ පිරිසෙන් 33%ක් කාන්තාවන්. පළමු වටයේ ඇගයීම් කටයුතු මේ වන විට අවසන් වී තිබෙනවා. දෙවැනි වටය සඳහා සුදුසුකම් ලැබූ 30 දෙනා ඉතාමත් ඉක්මනින් නිවේදනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම වටය සුවිශේෂී නේවාසික පුහුණු කඳවුරකින් සමන්විත අතර මෙහිදී ව්‍යාපාරික යෝජනාවලියක් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ, පිළිගත් ව්‍යාපාර උපදේශකයන් පිරිසක් වෙතින් උපදේශනය ලැබීමට තරඟකරුවන්ට අවස්ථාව උදාවෙනවා.”

SPARK තරඟාවලියේ දෙවැනි වටයේ දී නිපුණතා සංවර්ධනය සඳහා වැඩි අවධානයක් යොමු කෙරෙන අතර මෙහිදී තරඟකරුවන්ගේ නිපුණතා සංවර්ධනය වෙනුවෙන් උපදේශකයන් සහ පුහුණුකරුවන් වැදගත් භූමිකාවක් ඉටු කරනු ලබයි. SPARK සහයෝගීතාව අධ්‍යයන ක්ෂේත්‍රයේ පිරිස් සහ සාර්ථක ව්‍යවසායකයන්ගෙන් සැදුම්ලත් වැඩසටහනක් නිසා මෙය ව්‍යවසායකත්වය පිළිබඳ ප්‍රවීණත්වයේ සුවිශේෂී සංකලනයක් ලෙස හැඳින්විය හැකි අතරම කරුණු පිළිබඳ වෙන් වෙන් වශයෙන් අවධානය යොමු කරමින් මෙම මඟපෙන්වීම සිදු කෙරේ. මෙවර තරඟයේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන SquareHub නිර්මාතෘ කණිෂ්ක වීරමුණ්ඩ මහතා අදහස් දක්වමින්, “මේ වසරේදී තරඟකරුවන්, තාක්ෂණ, පාරිසරික, ආහාර නවෝත්පාදන, සෞඛ්‍යය සහ කලා නිර්මාණ වශයෙන් ඉතා පුළුල් පරාසයකින් ඉදිරිපත් වී සිටිනවා. වැඩමුළුව තෝරාගත් 30 දෙනා සමඟ නේවාසික පුහුණු කඳවුරේදී සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ ව්‍යාපාරික යෝජනාවන් වැඩි දියුණු කරන්නට සහාය ලබා දෙන්නට මා බලාපොරොත්තු වන අතරම අවසාන වටය සඳහා ඉතාමත් ආකර්ෂණීය ව්‍යාපාරික යෝජනාවන් ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කරනවා.”

පළමු වටයේදී ඉදිරිපත් කළ ව්‍යාපාර සැලසුම් සහ ලබා ගත් වටිනා දැනුම ද සමඟ දෙවැනි වටය සඳහා තෝරාගන්නා ලැයිස්තුව නිවේදනයට පත් කරන තෙක් තරඟකරුවන් ඉතා අපේක්ෂා සහගතව සිටිනු දැකගත හැකි විය. පළමු වටයේ ඉහළ දක්ෂතා දැක්වූ, යාපනය ශාන්ත ජෝන් විදුහලේ එස්. තුෂාන්ත්, මෙසේ අදහස් පළ කළේය. “SPARK සඳහා තරඟ කරන්න ලැබීම මගේ දැනුම පුළුල් කරන්නට ලැබුණු අවස්ථාවක් ලෙස මා දකිනවා. ගැටලු විසඳීම, තාර්කික චින්තනය, ගෝලීය ව්‍යාපාර ප්‍රවණතා, අලෙවිකරණ සහ උපායමාර්ග, ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීම, ව්‍යාපාරික සැලසුමක් සංවර්ධනය කිරීම සහ ව්‍යාපාරික සහ මූල්‍ය පිළිබඳ ඇතුළු බොහෝ කරුණු ගැන අලුත් දැනුමක් මට දැන් තියෙනවා. මේ ලබාගත් නිපුණතාවන් සමඟ මගේ ව්‍යාපාරික අදහස වෙනස් පැතිකඩවලින් දකිමින් එය වර්ධනය කරන්නත් මම පටන්ගත්තා. නේවාසික පුහුණු කඳවුරට සහභාගී වීමට මම ඉතා නොයිවසිල්ලෙන් බලා ඉන්නවා. අවසන් වටයට ඇතුළත් වීම තමයි මගේ අධිෂ්ඨානය.”

SPARK 2024 තරඟාවලියේ දෙවැනි වටය සඳහා ව්‍යාපාරික යෝජනා සඳහා සූදානම් වීම පිළිබඳ නේවාසික පුහුණු වැඩමුළුවක් සහ කේවල පුහුණු සැසියක් පැවැත්වෙනු ඇති අතර අවසන් තරඟය සැප්තැම්බර් 5 පැවැත්වීමට නියමිතව ඇත. ඉහළම දක්ෂතා පෙන්නුම් කරන අවසන් 5 දෙනා ඔවුන්ගේ ව්‍යාපාරික අදහස ජාතික වේදිකාවක් තුළින් ඉදිරිපත් කිරීමට අපේක්ෂිතය.

මේ වසරේ ඇතුළත් කර ඇති තවත් නව්‍ය හඳුන්වාදීමක් වන්නේ, SPARK අවසන් වටය “තරුණ ව්‍යවසායකත්ව මාධ්‍යවේදියා” සහ “තරුණ ව්‍යවසායක මාධ්‍යවේදියා” යන සම්මාන ද්විත්වයක් මෙවර පිරිනැමීමට කටයුතු යොදා තිබීමයි. තරුණයන් තුළ ව්‍යවසායක්වය ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරන වෘත්තීමය දක්ෂතාවන්ගේ පිරිපුන් තරුණ මාධ්‍යවේදීන් උදෙසා මෙම සම්මාන පිරිනැමෙනු ඇත.

SPARK තරඟාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු https://spark.chamber.lk/ වෙබ් අඩවියෙන් සහ SPARK පිළිබඳ Facebook, Instagram සහ Linkedin සමාජ මාධ්‍ය පිටු ඔස්සේ ද ලබා ගත හැකිය.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 + sixteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව