Full’r Burgers ගැන හදිසියේම නගරයේ කතාබහට ලක්වන්නේ ඇයි?

Welisara (LBN)

එහි රහස පවතින්නේ ගුණාත්මකභාවය, නැවුම්බව සහ නිරන්තරයෙන් ම නව ආහාරපාන පාරිභෝගිකයින්ට ගෙන ඒමට ඔවුන් දක්වන ශූරත්වය යි.

Full’r Burgers, තම නිෂ්පාදන සඳහා හොඳම අමුද්‍රව්‍ය භාවිතා කිරීමට කටයුතු කරන අතරම, එමගින් ඔබට නැවුම් සහ රසවත් ආහාර අත්දැකීමක් ලබා දීම ද සහතික කරයි.

 



 

නමුත් Full’r Burgers යනු විශිෂ්ට රසයට පමණක්ම සීමා වූවක් නොවේ. එය ඉන් ඔබ්බට ද ගමන් කරන්නකි. Full’r Burgers මෑතකදී හදුන්වා දුන් Deadpool සහ Wolverine Burgers මෙනුවට නව හැඩයක් එක් කර තිබේ. මෙම නිර්මාණ හුදෙක් ආහාර පමණක් ම නොවේ. එය Full’r Burgers කාර්ය මණ්ඩලයේ නවීන අදහස් පාරිභෝගිකයින්ට රසවත් ආහාරපානාදිය ඔස්සේ ඉදිරිපත් කිරීමක් ද වේ.

Full’r Burgers අවන්හල් වෙත පාරිභෝගිකයින්ට පහසුවෙන්ම ළඟා වීමට ඇති හැකියාව තහවුරු කිරීම අපගේ මූලිකම අරමුණ වන අතර, ඒ අනුව මහරගම, වැලිසර, ගල්කිස්ස සහ Crescat Boulevard, නාවල, කොළඹ 5 සහ තලවතුගොඩ යන ශාඛාවන් හි තම ආදරණීයන් සමඟ පැමිණ එකට ආහාර ගැනීමට හැකි පරිසරක් ද නිර්මාණය කර දී තිබේ. සෑම විටම නවමු, දැරිය හැකි මුදලකට, රසවත් සහ ගුණාත්මක ආහාර වේලක් ලබා දීමට Full’r Burgers කටයුතු කරන බැවින් එය නගරයේ වඩාත් ම කතා බහට ලක්වන්නේ ද එබැවිනි. “සෑම කෙනෙකුම ප්‍රිය කරන්නේ කුමක්ද?” යන්න ඔබට සොයා ගැනීමට අවශ්‍ය නම් ඒ බව සඳහන් කර ඇති Full’r Burgers ඕනෑම අලෙවිසැලකින් හෝ Uber Eats සහ PickMe Foods යෙදවුම් භාවිතයෙන් ද සොයා ගත හැකිය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව