2024 වසර අවසන් වන විට tuktukrental.com ආයතනය වාහන සංචිතය දෙගුණයක් බවට පත් කිරීමට බලාපොරොත්තු වෙයි

Image 01

පවුල් 600කට වැඩි ප්‍රමාණයක් සමඟ එක් වෙමින් ඔවුන්ගේ දියුණුවට සහයෝගය දක්වයි

Tuktuk Owner’s සමුලුවේදී ත්‍රි රෝද රථ හිමිකරුවන් අගයයි

2023 වන විට මෙරට හිමිකරුවන්ට ඇමරිකානු ඩොලර් මිලියන 1.3ට අධික ආදායමක් අත්කර දෙයි

කාම්බෝජයේත් Tuktuk rental සේවාවන් ආරම්භ කිරීමට පියවර ගනියි

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කළ ප්‍රමුඛ පෙලේ සමාජ ව්‍යාපාරයක් වන tuktukrental.com 2024 අවසන් වන විට එහි රථ ප්‍රමාණය 1000ක් දක්වා වර්ධනය කිරීමට කටයුතු කරන බව පසුගියදා නිවේදනය කළේය. මීට අමතරව තමන් සමඟ කටයුතු කරන ත්‍රිරෝද රථ හිමිකරුවන් ඇගයීම වෙනුවෙන් tuktuk හිමිකරුවන්ගේ වාර්ෂික සමුලුවක් සංවිධානය කිරීමටද ඔවුන් කටයුතු කරන ලදී.

 


 

රට පුරා විසිරුණු tuktuk හිමිකරුවන් 600කට අධික සංඛ්‍යාවක් එක්ව සිටි එම වාර්ෂික සමුලුව සඳහා සමාගම් අධ්‍යක්ෂවරුන්, කළමනාකරණ නියෝජිතයින් සහ Vega Innovations, ඔරියන්ට් ඉන්ෂුවරන්ස්හි ප්‍රධාන හවුල්කරුවන්, ප්‍රාදේශීය පොලිස් අධිකාරිය මෙන්ම යාන්ත්‍රික හවුල්කරුවන්ද එක් වූහ. සමාගම සමඟ එක්ව කටයුතු කරන සැපයුම්කරුවන්ගේ කැපවීම හා අමිල දායකත්වය ඇගයීමට ලක් කළ මෙම සමුලුව සමාගමේ සාර්ථකත්වය සඳහා ප්‍රජාව විසින් ඉටු කළ කාර්ය භාරය මනාව ඉස්මතු කිරීමට සමත් විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ tuktukrental.com හි සම නිර්මාතෘ Tom Cornish මහතා “ ජීවිත නගා සිටුවීම හා අසමසම අත්දැකීම් ලබා ගැනීම සඳහා සංචාරක ව්‍යාපාරය තුළ ඉමහත් ශක්තියක් ඇතැයි අපි නිරන්තරයෙන් විශ්වාස කරනවා. ඒ මඟින් තිරසාර වර්ධනයක් ඇති කරමින් ආර්ථිකයට අර්ථවත් බලපෑමක් ඇති කිරීම සඳහා මෙරට ප්‍රජාවන් සමඟ එක්ව කටයුතු කිරීමට අපි කැපවී සිටිනවා. 2016 වසරේදී සමාගමේ ආරම්භයේ සිට  ඒ වෙනුවෙන් සාර්ථකව දායක වී ඇති අප ශ්‍රී ලංකාවේ පවුල් 600කට අධික ප්‍රමාණයකට මෙන්ම tuktuk හිමිකරුවන් සඳහා ඩොලර් මිලියන 1.5කට වැඩි ආදායමක් උපයා දී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ අපි ලබාගත් අත්දැකීම් මතින් මේ වසරේදී අපගේ මෙම ව්‍යාපාරය කාම්බෝජයේදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර ඒ වෙනුවෙන් සැපයුම්කරුවන්ගේ හා පාරිභෝගිකයින්ගේ අඛණ්ඩ සහයෝගය ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා.” යනුවෙන් පැවසීය.

මෙරටට පැමිණෙන සංචාරකයින්ට සුවිශේෂී අත්දැකීමක් ලබා දෙමින් දේශීය හිමිකරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවිත නගා සිටුවීමට කැපවූ සමාජ ව්‍යාපාරයක් වන tuktukrental.com මේ වන විට tuktuk කුලියට ලබා දීමේ ලොව විශාලතම සේවාව බවට පත්ව ඇත. වාහන 600කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියන ඔවුන් දිනෙන් දින ඉදිරියට යමින් කුලී රථ සේවාවේ පුරෝගාමියකු බව මනාව තහවුරු කර ඇත.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය හිමිකරගෙන ඇති tuktuk කුලියට ලබා දීමේ එකම සමාගම වන tuktukrental.com එය සුවිශේෂී සංචාරක අත්දැකීමක් බවට පත් කර ඇත්තේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට පහසුවෙන් තමන් කැමති ස්ථානයන් නැරඹීමේ අවස්ථාව උදා කර දෙමිනි. සංචාරයන් සඳහා ජනප්‍රිය පහසුකමක් ලෙස 12,000කට අධික සංචාරකයින් සංඛ්‍යාවක් වෙත කුලී රථ 15,000කට අධික ප්‍රමාණයක් ලබා දීමට ඔවුන් සමත්ව සිටියි.

තවද ඔවුන්ගේ සියලු මෙහෙයුම්හිදී පරිසර හිතකාමී බව තහවුරු කර ඇති tuktukrental.com ඒ තුළින් කාබන් විමෝචනය අවම කිරීමට පියවර ගෙන ඇත්තේ සිය සමාජ වගකීම හා පාරිසරික තිරසාරභාවය සඳහා වන නොසැලෙන කැපවීම මනාව ප්‍රදර්ශනය කරමිනි. විශේෂයෙන් ආචාරධාර්මික ව්‍යාපාර භාවිතයන් තුළින් මනා ආදර්ශයක් සපයා ඇති tuktukrental.com මෙරට  tuktuk හිමිකරුවන්ගේ ජීවනෝපායන් ඉහළ නැංවීම සඳහා කැපවෙමින් සිය තිරසාර මෙහෙයුම් තව දුරටත් ඉදිරියට ගෙන යාමට සමත්ව සිටියි.

දේශීය tuktuk හිමිකරුවන්ගෙන් උසස් තත්වයේ ත්‍රී රෝද රථ ලබා ගනිමින් සංචාරකයින් වෙත එම රථ කුලියට ලබා දෙන අතර එහිදී තෙවන පාර්ශවීය රක්ෂණ හිමිකම් ඇතුළු සියලු පාර්ශවයන් සඳහා වන විස්තීරණ රක්ෂණාවරණයක්, පෙර සූදානම් කළ විශේෂ tuktuk බලපත්‍ර, ශ්‍රී ලංකාවේ රියදුරු ආචාර ධර්ම පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු මෙන්ම මාර්ග ගමන් කට්ටල ඔවුන් වෙත ලබා දීමටද කටයුතු කර ඇත. මීට අමතරව 100%ක් කාබන් අවම කිරීම සඳහා කැපවී සිටින tuktukrental.com සංචාරයන් අතරතුර සිදු කරන අලුත්වැඩියා වියදම් ආවරණය කිරීමට කටයුතු කිරීමද විශේෂත්වයකි. සංචාරයන්හිදී අවශ්‍ය තරම් දුරක් යාමේ පහසුව ලබා දී ඇති ඔවුන් තමන් සතු tuktuk ලබා ගැනීමේ සහ භාර දීමේ මධ්‍යස්ථාන දිවයින පුරා පිහිටුවීමටද කටයුතු කර ඇත්තේ සංචාරකයින්ට ඉමහත් පහසුවක් අත්කර දෙමිනි.

tuktuk හිමිකරුවන් ලෙස tuktukrental.com සමඟ සම්බන්ධ වීම සඳහා හෝ වැඩි දුර තොරතුරු ලබා ගැනීමට www.tuktukrental.com පිවිසෙන්න. නැත්නම් 076 095 1205 අමතන්න.

 


 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව