ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සිය දිගු කාලීන සේවකයන් ඇගයීමේ සම්මාන උළෙල සාර්ථකව පවත්වයි.

Litro Gas Lanka Long Service Awards PR Pic#1 (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම LP ගෑස් සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සිය සේවකයින්ගේ කැපවීමට සහ බැඳීමට ගෞරව කරමින් 2024 දීර්ඝ කාලීන සේවා සම්මාන උළෙල පවත්වනු ලැබීය. මෙම උත්සවය මෑතකදී නවීකරණය කොට ආරම්භ කරන ලද සහ වැඩිදියුණු කරන ලද ලිට්‍රෝ ගෑස් පිරවුම් සහ ගබඩාකිරීමේ මධ්‍යස්ථානයේ දී පැවති මෙම උත්සවයට සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මුදිත පීරිස් මහතා සහ දිගු කාලින විශිෂ්ට සේවාව වෙනුවෙන් ඇගයීමට ලක් වූ සේවක මහත්ම මහත්මීන් සහභාගි වූහ.

 



 

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ වසර 10 සිට 30 දක්වා සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයන්ට උපහාර පිරිනැමීම මෙහිදී සිදු විය. මෙම සැමරුම 2024 ලෝක LP ගෑස් දිනයේ තේමාව වන “ලිට්‍රෝ බලගන්වන මහ පිරිස මතක් කිරීම සහ එලි දැක්වීම ” යන තේමාව සමඟින් පෙළගැසෙන අතර, බලශක්ති සුරක්ෂිතතාව, සමාජ පරිවර්තනය සහ ආර්ථික වර්ධනය සඳහා ලිට්‍රෝ ගෑස් හි සාර්ථකත්වය සහ කැපවීම සඳහා ඉවහල් වූ මෙම සේවකයින්ගේ වැදගත් දායකත්වය ඉස්මතු කරයි.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මුදිත පීරිස් මහතා මෙම සැමරුමේ වැදගත්කම අවධාරණය කරමින්, “අද අපි අපගේ සමාගමේ කොඳු නාරටිය බඳු වූ අපගේ කණ්ඩායමේ සාමාජිකයින්ගේ නොසැලෙන කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම ඇගයීමට ලක් කරන්නෙමු. ඔවුන්ගේ දිගුකාලීන සේවය සහ කැපවීම සෑම ශ්‍රී ලාංකේය නිවසකටම ආරක්ෂිත සහ විශ්වාසනීය LP ගෑස් සැපයීම සඳහා වූ අපගේ සාර්ථක ගමනේ ප්‍රධාන සාධකයක් වී ඇත. මාබිම පිරවුම් සේවා ස්ථානය නවීකරණය කිරීම සහ දැඩි ආරක්‍ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම වැනි සන්ධිස්ථාන කරා ළඟා වීමට අපට හැකි වූයේ ඔවුන්ගේ නොපසුබස්නා උත්සාහය නිසයි ” යනුවෙන් පැවසීය.”

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමෙහි ජාතිය ගොඩනැගීමේ වැඩපිළිවෙලෙහි ප්‍රයත්නයන් අතරට දැරිය හැකි LP ගෑස් මිලක් පවත්වා ගැනීම, දේශීය ව්‍යාපාරවලට සහාය වීම සහ ආර්ථිකව සවිමත් කිරීම සඳහා රැකියා අවස්ථා නිර්මාණය කිරීම ඇතුළත් වේ. සමාජීය වශයෙන්, “හෙට සුරකින අපේ ළමයි ” අධ්‍යාපනික වැඩසටහන වැනි මුල පිරීම් LP ගෑස්වල ආරක්ෂාව සහ තිරසාර බව ප්‍රවර්ධනය කිරීමට සිසුන් බල ගන්වයි. පාරිසරික වශයෙන්, LP ගෑස් සැපයීමට පියවර ගනිමින් සහ දැඩි ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක කිරීම මගින්, හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට සහ තිරසාර අනාගතයක් ශක්තිමත් කිරීමට ලිට්‍රෝ ගෑස් සැලකිය යුතු දායකත්වයක් සපයයි

ලිට්‍රෝ ගෑස් ලංකා සිය සේවකයින්ට සහ ඔවුන්ගේ අභිවෘද්ධියට දක්වන කැපවීම එහි මෙහෙයුම් වැඩ පිළිවෙලේ ප්‍රමුඛතම අංගය වෙයි. සිය ශ්‍රම බලකායේ දියුණුව උදෙසා ක්‍රියා කිරීමෙන්, සමාගම සේවා සැපයීමේ තිරසාර විශිෂ්ටත්වය සහතික කරන අතර LP ගෑස් කර්මාන්තයේ ප්‍රමුඛයා ලෙස එහි භූමිකාව ශක්තිමත් කරයි. සමාගම එහි සේවකයින්ගේ දායකත්වය අගය කිරීම සිදු කරමින් සේවක දායකත්වය පිළිගැනීමේ සහ අගය කිරීමේ ක්‍රමවේදය වැඩි දියුණු කරමින් ඉදිරියට ගෙන යාම සඳහා කැපවී සිටී. මෙම කැපවීම සේවක තෘප්තිය ඉහළ නංවනවා පමණක් නොව ලිට්‍රෝ ගෑස් ලංකා හි සමස්ත සාර්ථකත්වය සහ වර්ධනයට ද හේතු වේ.

 


 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව