සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම K Seeds Investments ශ්‍රේණිගත කිරීම් අනුව තම කාණ්ඩයේ අංක 1 බවට පත්වෙයි

Image

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මෙරට බැංකු නොවන මූල්‍ය සේවා සමාගම් අතර අංක 01 ස්ථානය හිමිකර ගැනීමට සමත් වී ඇති බව පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවක දැක්වේ. එම වාර්තාව ප්‍රකාශයට පත්කරන ලද්දේ K Seeds Investments (පුද්.) සමාගම මගිනි.

 



 

K Seeds Investments (පුද්.) සමාගම යනු මෙරට ලැයිස්තුගත මූල්‍ය සමාගම් සම්බන්ධයෙන් පූර්ණ තක්සේරුකරණයන් සිදුකර, එම සමාගම්වලට අදහස් හා යෝජනා ලබාදෙන ආයතනයකි. සමාගම් හා ආයතන මගින් කාර්තුවකට වරක් ප්‍රකාශයට පත්කරනු ලබන මූල්‍ය වාර්තාවන් පදනම් කරගනිමින් සිදුකරන ලද අධ්‍යයනයකින් අනතුරුව එම සමාගම විසින් සකස් කරන ලද නවතම වාර්තාව පසුගියදා එළිදක්වන ලදි. එම වාර්තාව මගින් මෙරට සමාගම් හා ආයතන ප්‍රධාන කාණ්ඩ 4 කට වෙන්කර ඇති අතර, ඒ අතරින් රු. බිලියන 20 ට අඩු වත්කම් පදනමක් සහිත සමාගම් අයත් වන 4 වන කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමත් වී ඇත.

මෙම ජයග්‍රහණය සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ශක්තියට මෙන්ම එහි දූරදර්ශී නායකත්වයට මනා සාක්ෂියකි. පසුගිය මූල්‍ය වර්ෂය තුළ සමාගම තම මූල්‍ය ශක්තිය තිරසාර ලෙස පවත්වාගැනීමට පමණක් නොව එය වර්ධනය කරගැනීමටද සමත් වී ඇත. ව්‍යාපාරකරණයේදී විශිෂ්ටතම ක්‍රමවේද අනුගමනය කරන අතරම, පොදු අරමුණක් වෙනුවෙන් සාමූහිකව කටයුතු කිරීම උදෙසා සමාගමේ සාමාජික සාමාජිකාවන් සියලුම දෙනා දිරිගැන්වීමටද සමාගමේ නායකත්වය සමත් වී ඇති අතර, මෙම සාධක සියල්ල, සමාගම මේ දක්වා අත්කරගෙන ඇති දැවැන්ත සාර්ථකත්වයට හේතු වී තිබේ.

මෙම විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා පැවසුවේ, මෙය සමාගම ලැබූ සුවිශාල ගෞරවයක් බවයි.

“අපගේ ක්‍රමෝපායික අවධානය මෙන්ම අපගේ සාමාජික සාමාජිකාවන්ගේ කැපවීම  යන සාධකවල සෘජු ප්‍රතිඵලයක් වශයෙන් මේ ජයග්‍රහණය හිමිකර ගැනීමට අපට හැකියාව ලැබුණා. අපගේ මූලධර්මවලට අනුකූලව කටයුතු කරමින්, විශිෂ්ටතම ක්‍රමවේද අනුගමනය කරන අතරම අපගේ සාමාජික සාමාජිකාවන් තුළ ජයග්‍රාහී ආකල්ප ඇතිකරවීමට අප කටයුතු කළා. මේ ආකාරයට අඛණ්ඩව දියුණුව කරා ගමන් කරන අතරම අපගේ පාර්ශ්වකරුවන් වෙනුවෙන් තිරසාර වටිනාකම් තිළිණ කරමින් සහ එළඹෙන අවස්ථාවන්ගෙන් නිසි ප්‍රයෝජන ගනිමින් මේ ජයග්‍රාහී ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගැනීම අපගේ බලාපොරොත්තුවයි. තිරසාරත්වය සහ ඵලදායී සංවර්ධනය සම්බන්ධයෙන් අප සතු දැක්ම තුළින් පන්නරය ලබමින් අඛණ්ඩව දියුණුව කරා ගමන් කිරීමට අපට දැන් ශක්තිය තිබෙන බව මා විශ්වාස කරනවා.” නිලන්ත ජයනෙත්ති මහතා වැඩිදුරටත් පැවසී ය.

මේ ආකාරයට දිගින් දිගටම ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කිරීමට සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සමත් වීම මගින් පෙනී යන්නේ, සමාගමේ සුවිශේෂී ව්‍යාපාර ආකෘතිය මෙන්ම එහි මෙහෙයුම් රාමුව අතිශයින් සාර්ථක බවයි. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පන්නරය ලබනුයේ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ මූලධර්මයන් තුළිනි. මෙම සම්මානය, ඉහත සඳහන් සාධක සියල්ල මෙන්ම සමාගමේ සාමාජික සාමාජිකාවන්ගේ කැපවීම වෙනුවෙන් ලැබුණු ඇගයීමක් ලෙසද හැඳින්විය හැකි වේ.

මූල්‍ය අන්තර්කරණය, තිරසාර සංවර්ධනය සහ කාර්යසාධනයේ විශිෂ්ටත්වය උදෙසා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම දක්වන උනන්දුව සහ කැපවීම, මෑතකදී එම සමාගම විසින් නිකුත් කරන ලද විගණනය කළ මූල්‍ය ප්‍රකාශවලින් මෙන්ම 2023/24 මූල්‍ය වර්ෂයේ වාර්තාව මගින්ද මනාව පැහැදිලි වේ. එම ප්‍රකාශනවලට අනුව පසුගිය කාලය තුළ සමාගම වාර්තාගත ලාභයක් මෙන්ම වත්කම් වර්ධනයක් අත්කර ගැනීමට සමත් වී ඇත. K Seeds Investments සමාගම වෙතින් ලැබුණු මෙම ඇගයීමත් සමග සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම දැන් මෙරට බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පෙරමුණ ගෙන සිටී.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව