ගුණාත්මකභාව වර්ධනය වෙනුවෙන් සියැට් කැළණි රන් සම්මාන 8කින් පිදුම් ලබයි

8 Golds for QIP (LBN)

ශ්‍රී ලංකා ගුණාත්මකභාවය හා ඵලදායිතා ප්‍රවර්ධන සංගමය (SLAAQP) විසින් සංවිධානය කරන ලද 2024 ජාතික සමුළුවේ දී, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන, සියැට් කැළණි සමාගමෙහි ක්‍රියාත්මක වූ ගුණාත්මකභාව වර්ධනය කිරීමේ ව්‍යාපෘති 8ක් සඳහා රන් සම්ම්ාන හිමි විය.

 



 

මෙම ජයග්‍රහණයෙහි විශේෂ කරුණක් වූයේ සියැට් කැළණි සමාගම විසින් සමුළුවට ඉදිරිපත් කරන ලද සෑම ගුණාත්මකභාව වර්ධනය කිරීමේ ව්‍යාපෘතියකට ම රන් සම්මානයක් හිමි වීමයි. තවද, එම ව්‍යාපෘති ඉදිරිපත් කළ කණ්ඩායම් සියල්ල නොවැම්බර් මාසයේ කොළඹදී පැවැත්වීමට  නියමිත 2024 ජාත්‍යන්තර තත්ත්ව පාලන කව පිළිබඳ සම්මෙලනය (ICQCC) දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා ඇත.

මීට අමතරව, කාර්යය වත් පිළිවෙත්, පුද්ගලික කාර්යක්ෂමතාව සහ සමස්ත ඵලදායීතාව යන අංශ අඛණ්ඩ වර්ධනය කිරීම සඳහා වූ කයිසෙන් (Kaizen) තරඟාවලියේ දී සියැට් කැළණි විසින් සම්මාන දෙකක් ද දිනා ගන්නා ලදී. ‘කයිසෙන්’ යන වචනයෙන් කියවෙන්නේ ‘වැඩි හොඳක් වෙනුවෙන් වෙනස් කිරීම’ වන අතර එයින් මහා පරිමාණ ක්‍රියාවලි පරිවර්තනයන්ට මග පාදා දෙන කුඩා හා වර්ධක වෙනස්වීම් වෙත අවධානය යොමු කෙරෙයි.

සම්මානලාභී කණ්ඩායම්වලට සුබ පතමින් සියැට් කැළණි හි ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ෂමල් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය: “අපි ඉදිරිපත් කළ ගුණාත්මකබව වර්ධනය කිරීමේ ව්‍යාපෘති අටට ම රන් පදක්කම් දිනා ගැනීම, පූර්ණ තත්ත්ව කළමණාකරණය වෙනුවෙන් අපගේ සේවකයින්ගේ සහභාගීත්වය මෙන් ම නිෂ්පාදන හා ක්‍රියාවලි වල ගුණාත්මකභාවය සහ අඛණ්ඩ වර්ධනය කිරීම වෙනුවෙන් වූ සියැට්හි කැපවීම තහවුරු කිරීමකි. අපි අපට ම ගැලපෙන ආකාරයට පූර්ණ තත්ත්ව කළමණාකරණ පද්ධතියක් ගොඩනංවා ඇති අතර, එය දැන් සියැට් හි සංස්කෘතියේ කොටසක් බවට පත්ව ඇත.”

ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරන සියැට් කැළණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ පමණක් ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති  සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවයි. සියැට් කැළණි සමාගම සිය  නිෂ්පාදනයෙන් සියයට 20ක් පමණ රටවල් 16කට අපනයනය කරන අතර ආනයනික ටයර්  මත යැපීම අඩුකරමින් විදේශ විනිමය සුරැකීමට ජාතික ආර්ථිකයට උපකාර කිරීමෙහිලා  සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව