‘‘HNB FINANCE පොසොන් උදානය” නවමු අත්දැකීමක් සමගින් සාර්ථකව නිමාවට පත්වේ.

news paper photo (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC ආමිස පූජාවන්ට මුල්තැනක් දෙමින්  සංවිධානය කළ “පොසොන් උදානය” වැඩසටහන් මාලාව  පසුගිය 20 වන දින නාවල පිහිටි HNB FINANCE ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. සමාගමේ ප්‍රධාන කාර්යාලීය සේවක මඩුල්ල විසින් ඉදිරිපත් කළ පොසොන් බැති ගී සරණියකින් , ඩිජිටල් තොරණකින් සහ දන්සැලකින් HNB FINANCE පොසොන් උදානය වැඩසටහන්මාලාව වර්ණවත් විය.

 



 

HNB FINANCE පොසොන් කලාපයේ සමාරම්භය සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. පොසොන් බැති ගී සරණියේ ගායන වෘන්දය සමාගමේ සේවක මඩුල්ලේ දායකත්වයෙන් සැදුණු අතර මෙම වැඩසටහන ෆේස් බුක් සහ යූටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ  සජීවී ලෙස ප්‍රවාරය කරන ලදි.

HNB FINANCE පොසොන් උදානය වැඩසටහන් මාලාව පිළිබඳව අදහස් දක්වන HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා “ජනතාවගේ සිත් තුළ ශ්‍රද්ධා සම්පන්න සිතුවිලි ඇති කිරීමත් කණ්ඩායමක් ලෙස එකට එක්වී මෙවන් දානමය හා බැතිබර කර්තව්‍යයන්ට සිත් යොමු කිරීමට  අපගේ කණ්ඩායම මෙහෙයවීමත් පොසොන් උදානය වැඩසටහනේ  ප්‍රධාන අරමුණයි. මෙම අරමුණ පෙරදැරිව පොසොන් පොහොය නිමිති කර ගනිමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් හි නිරතවීමට අපි සේවකයින් ව උනන්දු කරනු ලැබුවා. පොසොන් උදානය ඉදිරි වසර වලදීත් විවිධ අංගයන්ගෙන් සමන්විත ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැනක් දෙමින් සිදු කිරීමට අපි සැලසුම් කර තිබෙනවා” යනුවෙන් පැවසීය

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව